Wednesday, March 31, 2010

සිංහල Unicode වංශ කතාව...

http://lankanthoughts.blogspot.com/2009/07/unicode.html


ඊයේ ජාතික රූපවාහිනියේ නැණ පියස වැඩසටහනෙන් යුනිකෝඩ් (මේකට යුනිකේත කියලා වැරදි පරිවර්තනයක් දීලා කවුරුහරි පණ්ඩිතයෙක්. හරිය‍ට සර්වලෝක පූට්ටුව වගේ. ඒ නිසා මීට පස්සේ මම යුනිකෝඩ් කියලාම කියන්නම්.)  ගැන කතා ක‍ළා. ICTA එකේ ලොකු මහත්තයත් පොර ටෝක් ටිකක් දෙනවා මම අහගෙන. ඒ අස්සේ එයා කියනවා ලංකාවේ සිංහල බ්ලොග්කරුවන් කියලා සංගමයකුත් හදාගෙනලු. එයාලා කියලත් නෙවෙයිලු ඒක වෙලා තියෙන්නේ. මාර වැඩේ. (එයා කියන්න ඕනියැ සංගමයක් හදාගන්න !!! ) ඒක නම් අපිට ආඩම්බරයක්. අපිත් ඒකේ සාමාජිකයෝ නේද කියලා. නිර්මාපකයෝ නොවුණත්. (මම දැන් ඒ තරම් ක්‍රියාකාරීව ඒකට දායක වුණේ නැති වුණත්.)


මයික්‍රොසොෆ්ට් සමාගම ලෝකයා වෙනුවෙන් කරපු ඉතාම වැදගත් මෙහෙයක් තමයි මේ යුනිකෝඩ් ක්‍රමය ප්‍රචලිත කිරීමට කටයුතු කිරීම. මේ ගොල්ලෝ මේක launch කරන එක ඉක්මන් කළේ තමන්ගේ ලෝක ආධිපත්‍යය කහවුරු කරගන්නයි. ඉංග්‍රීසියෙන් software තිබුණට ඒවා regional languages වලින් ඉදිරිපත් කළේ නැතිනම් තමන්ට  ලෝකය ඉදරියේ පළමු තැන ගැනීම අපහසු බව ඔවුන් වටහා ගත්තා. ලෝකයේ ප්‍රධාන භාෂා වලට තම සමාගමේ වැදගත්ම software වල interface පරිවර්තනය කරන්නත් සියලුම භාෂාවන් වලට support කරන ආකාරයට එම software දියුණු කරන්නත් ඔවුන් පියවර ගත්තේ ඒ අනුවයි.


දෙමළ භාෂාව ඔවුන්ගේ මුල් අදියර වලදීම අවධානයට ලක්වුණා. MS Office 2000/වලත් දෙමළ වලට සහාය දැක්වුවා මතකයි මට.


සිංහල ප්‍රමාද වන්නට හේතුව වුණේ සිංහල වලට නිවැරදි යතුරු පුවරුවක් ඒ වන විට නොතිබීමයි. විවිධ font නිර්මාපකයන් විවිධ උපක්‍රම අනුගමනය කරමින් font layouts design කරලා තිබුණත් තරමක් හෝ පරිශීලකයාට පහසු වූයේ පැරණි විජේසේකර යතුරු පුවරුව follow කරලා හදපු ෆොන්ට්ස් විතරයි. අනික් ඒවා භාවිතයේදී අපිට තිබුණේ character map පිහිටම තමයි.


ඒ අස්සේ සමහර සමාගම් මේක අවස්ථාවක් කර ගත්තා පොඩි ගාණක් හොයගන්න. ඒ ‍විජේසේකර යතුරු පුවරුව හුරු රජයේ සේවකයන් හා පුවත්පත් ආයතන වල සේවකයින්ට පරිගණක භාවිතා කිරීමට ලැබීමත් සමග. ඔවුන් ඉස්පිලි පාපිලි නිවැරදිව type වෙන විදියට develop කරපු පොඩි program එකක් දුන්නා pre-designed fonts pack එකක් එක්ක. මේක dongle එකක් හරහා print වෙන විදියට සකස් කළේ තමන්ගේ software එක හොරෙන් copy කර ගත්තට ඒකෙන් වැඩක් වෙන්නේ  නැති වෙන්නයි. මේ software වලට ටික ටික spell checker, grammer checking වගේ facilities එකතු කරන්නත් කටයුතු කෙරුණා. හැබැයි දැන් මේ යුනි‍කෝඩ් කෙරුවාවෙන් කෙළින්ම පහර වදින්නේ ඔවුන්ට. වැඩේ ඒ තරම් සාධාරණ නොවුණත් මේ සමාගම් වලිනුත් සිංහල භාෂාව පරිගණක යුගයට රැගෙන යන්න සෑහෙන සේවයක් වුණා.


අපේ රටේ භාවිතා වන ලිඛිත භාෂා දෙක වන සිංහල හා දෙමළ යන දෙකම දැන් යුනිකෝඩ් වලට හැරවිලා අවසන්. සිංහල වගේ නොව දෙමළ රටවල් ගණනාවක භාවිතා වන නිසා දෙමළ භාෂාව මගේ දැනුමේ හැටියට ඉතා නිවැරදි ආකාරයට යුනිකෝඩ් වලට පරිවර්තනය කරලා තියෙනවා. ඒකත් හොඳයි. අපේ පණ්ඩිතයෝ ඒ වැඩෙත් කළා නම් සිංහල වලට වෙච්ච හානිය දෙමළ වලටත් වෙන්න තිබුණා.


ජේ.බී. දිසානායක පඬිතුමා‍ මේ Sinhala Unicode කරන project එකට රිංගගෙන ක‍රපු දේවල් වල ප්‍රතිඵල තමයි ඒ. එයා කරපු එකම වැඩේ [ඉලු], [ඉලූ] කියන අක්ෂර දෙක අයින් කරලා (මේ දෙක type කරලා පෙන්නන්නවත් බැරි ඒක අයින් කරලාම දාපු නිසයි. ලංකාවේ ඉස්කෝලෙකට ගියානම් ‍පොඩි පන්ති වලදි දුන්න පොත්වල මිශ්‍ර සිංහල හෝඩිය බැලුවොත් හොයා ගන්න පුලුවන්.) ඒ කාලේ පුස්කොළ පොත් වල fullstop තියන්න ගියොත් ඉරෙන නිසා ඒ වෙනුවට භාවිතා කරපු කුණ්ඩලිය (෴ ) ලකුණ ඇතුලත් කරපු එක තමයි. අකුරු 1000 කටත් වැඩියෙන් තියෙන චීන, ජපන් හෝඩි වලටත් යුනිකෝඩ් වල ඉඩ ඇති වුණත් සිංහල හෝඩි‍යේ සම්පූර්ණ අකුරු ටික දාගන්න බැරි වුණේ මේ පඬිතුමාගේ බූදලයෙන් මේ ඉඩ පිරිමහන්න ගිය නිසාද දන්නේ නෑ. ඒ මදිවට ගෙඩිය පිටින් අමු අමුවේ ඉස්සර type writer වලට use කරපු විජේසේකර යතුරු පුවරුව යුනිකෝඩ් වලට දාලා. (මේක පාවිච්චි කරන්න කියලා නිර්දේශ කර‍න්න මහාචාර්යවරු ඕනි යැ !) තව විනාශයක් තමයි ‍‍‍‍ බැඳි අකුරු වලට කරලා තියෙන්නෙත්.


දැන් keyboard එකේ විරාම ලක්ෂණ ගහන්න දහඅට වන්න‍ම් නටන්නයි අපිට වෙලා තියෙන්නේ. ලෝකේ කොහේ ගියත් US keyboard එකක්ම පාවිච්චි වෙන නිසා අපේ ඔය ICTA පණ්ඩිතයන්ට තිබුණේ ඒ ටික වෙන තැන් වලට ඔබන්න තටමන්නේ නැතිව සිංහල අකුරු, ඉස්පිලි, පාපිලි ආදිය සුදුසු තැනකට යොදන්නයි. වැරදි දේ සම්මතයක් කළාම ඒක නිවැරදි කර ගන්න එක කොයිතරම් අමාරුද? UK keyboard එකේ වුණත් fullstop, comma වගේ මූලිකම ලක්ෂණ එහෙමම තියාගන්න උත්සාහ කරලා තියෙනවා සුලු වෙනස්කම් තිබුණත්.


තවත් ගැටලුවක් තමයි දැනට යුනිකෝඩ් fonts වල තිබෙන හිඟතාවය. මේකට නම් අපි හැමොම එකතු වෙන්න ඕන. fonts නිර්මාපකයන්ගෙන් අවසර ලැබෙනවනම් දැනට තිබෙන සාමාන්‍ය සිංහල fonts යුනිකෝඩ් වලට හැරවීමට සහය ලබා දෙන්න හුඟ දෙනෙක් කැමති වෙයි. එතකොට කෙටි කාලයකින් අපිට විශාල fonts සංඛ්‍යවක් Unicode compatible වලට convert කරලා ගන්න පුලුවන් වෙයි. ඒක desktop publishing හා graphic designing ක්ෂෙත්‍ර වලට


‍කොහොම වුණත් යුනිකෝඩ් කියන්නේ සිංහල භාෂාව අනාගතයට ගෙන යාමට විශාල පිටිවහලක් කරගත හැකි දෙයක්. ඒක නිසි විදියට පාවිච්චි කොට ප්‍රයෝජන ගැනීමත් අපේ යුතුකමක්.


යුනකෝඩ් ගැන විස්තර ගන්න මේ links බලන්න.
http://locallanguages.lk
http://www.kaputa.com/sinhalaunicode/
http://www.spot.lk/fonts.html


දැනට අපි දන්න සියලුම යුනිකෝඩ් fonts මෙතනින් ගන්න පුලුවන්…
http://www.wazu.jp/gallery/Fonts_Sinhala.html


Real-time converter එකකට නම් ,
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

3 comments:

  1. ඔයාට වගේම මටත් ගොඩක් සතු‍ටුයි ටිකක් හරි ඔය කියන දේවල් වලට සම්බන්ධ වෙන්න ලබුන එකට.... කොහොම කිවත් අපි අපේ වැඩේ කරගෙන යමු ඉස්සරහට

    ReplyDelete
  2. @දේවා
    මෙයා යුනිකෝඩ් වලට කරපු රෙද්දක් නෑ. මේ පෝස්ට් එක කොපි කරපු එකක්. උඩින්ම තියෙන්නෙ ඒකෙ ඔරිජිනල් පෝස්ට් එක

    ReplyDelete

  3. ඔය තියෙන්නෙ අයින් කලා කියන අකුර ඉලු :)

    පොඩි නිවැරදි කිරීමක්

    ReplyDelete