Tuesday, March 30, 2010

Internet = තුරුදැල

http://ar-si.blogspot.com/2008/06/blog-post_09.html


Internet යන්නට අන්තර්ජාලය කියා නො යොදන කෙනෙක් බේතකට වත් සොයා ගන්නට අපහසුයි. නමුත් "අන්තර්" හෝ "ජාලය" යනු නො මුසු හෙළ වදන් නො වේ.


සකු වදන මෙන්ම හෙළ වදන ද එකසේ ගැටළුවකින් තොර ව යොදන වාර එමටයි. මේ උදාහරණ බලන්න:


ප්‍රවෘත්තිය = පුවත
දන්ත ධාතු මන්දිරය = දළ දා මැදුර
අමාත්‍ය මණ්ඩලය = ඇමති මඬුල්ල
සප්ත කූඨ පර්වතය = සත් කුළු පව්ව
චූඩා මාණික්‍යය = සිළුමිණ
චින්තා මාණික්‍යය = සිතුමිණ
මෙලෙස එකම තේරුම ඇති වදන් දෙකක් හෝ වැඩි ගනනක් හෝ තිබීම ගැටළුවක් නො වන බව පෙනේ.


Internet යන්නට ගැළපෙන හෙළ වදන සෙවීමේදී "inter" හා "net" ලෙස කඩා ගනිමු.


"Inter" යන්න අතරෙහි යන අරුත් දේ. මේ නිසා එයට "අතුරු" කියා යෙදිය හැක. මෙහි "අ" යන්න ලොප් වීමෙන් වදනෙහි තේරුම වෙනස් නො වේ. උදා: සුභාෂිතයේ "රුදුරු ගිනි කඳක් ගත් සඳෙහි වන තුරු" යන්නෙහි, "වන තුරු" යනු "වන අතුරු", එනම් වනාන්තරයෙහි (වන + අන්තරයෙහි) යන්නයි.


සිදත් සඟරාවේ නම වැනි වියරණ විදිය වන ලොප් වීම යෙදෙන මෙවැනි තැන් බහුලයි. සැළලිහිණි සඳෙසේ "අයිරා දහස් දිළි දුනු කොත් සිපත් ගෙන" යන්නෙහි "සිපත්" යනු "අසිපත්" වලටයි.


මේ අනුව, "Internet" යන්නට සුදුසු හෙළ වදන "තුරුදැල" ලෙස ඊලියන් ද සිල්වා සූරීන් ගේ යෝජනාව මෙසේ තිර කරමි.

No comments:

Post a Comment