Wednesday, March 31, 2010

අසංසදයේ මහා සභා රැස්වීම සහ ප්‍රකාශනයේ නිදහස...

http://makabaas.blogspot.com/2009/03/blog-post.html


මැටි පාන් චන්දරේ (හෙවත් හරක් චන්ද්‍ර ): ආ ඔය කවුරු බ්ලොග් ලිව්වත් අපිට ලොකු නැහැ අරිද... මට නං පේන්නේ මේ අසංසදයේ කොල්ලොයි බල්ලොයි ඔක්කොම බ්ලොග් ලියන්න අරං. අපිට කිසි තත්වයක් නැහැනේ අපි අයි.ටී කැම්පස් වෙලත්. ගූගල් සමූහයෙ බ්ලොග් නොලියන එවුනුත් ඉන්නව.....


ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ඈ යකෝ? මේ හලෝ , ඔය බ්ලොග් නැති අපතයන්ට තමා කමෙන්ට් දාන්න කෑල්ලක් තියෙන්නේ. අපි වගේ වැදගත් බුවාලටයි අසංසදය තියෙන්නේ. එනව මෙතන..මේක පිටකොටුව කියල හිතාගෙනද දන්නෙ නැ ඉන්නේ.....


ඤතුර චොප්පෙ: මොකා? යකෝ මැටි පාන්, නිකං පීචං වැඩ කරන්න එපා මටත් බ්ලොග් එකක් නැහැනෙ . ඒත් මම උඹලටම ගොට්ට අල්ලං ඉන්නවනෙ.....


ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ආ නැහැ , උඹ අපේ එකෙක් නෙ, අපි කියන්නේ උඹ ඇර අනිත් බ්ලොග් නැති ලපයි සිපයි ටික ගැන..


මැටි පාන් චන්දරේ: යකෝ ඤ්තුර උඹ තමයි හැම එකක් මැදටම පැනල මට පොර වෙන්න තියෙන අවස්තාවල් නැති කරන්නේ. මේකෙ අපි වගෙ ක්ලාස් එකක් තියෙන එවුං වැඩිය නැහැනේ..වැඩිය ඉන්නෙ රස්තියාදු කාරයෝ.


අම්බලං කොන්ඩයා: යකෝ අදහස් ප්‍රකාශනය ගැන මොන මොන බයිල ගැහුවත්, බ්ලොක් සයිට් ඇඩ් ඔන් වගේ එව්ව දාල මම නම් මම අකමැති ඔක්කොම බ්ලොග් බ්ලොක් කරල තියෙන්නේ.... ඔක්කොම බ්ලොක් කරාම මාර ආතල්..ඇයි මගෙ බ්ලොග් එක විතරයි නෙ බලන්නෙ..මට විරුද්ද බ්ලොග් එකක්වත් මට පේන්නේ නැහැ....


මැටි පාන් චන්දරේ: ෂා මරු බන්, අපි මේ වගෙ ප්‍රජතාන්ත්‍රික ඇඩ් ඔන් තව තව ප්‍රචලිත කරන්න ඔනේ..මොකද දැන් අපේ ෆ්ලොවර්ස් ල අඩු වෙනව දැන් මේ අලුත් ලපයි සිපයි ලියන්න ගත්තට පස්සෙ...


අම්බලං කොන්ඩයා: ඔව් ඔව්..පලවෙනි පියවර බ්ලොක් කරල අපි බලන්නෙ නැහැ..දෙවැනි පියවර බ්ලොග් තහනම් කිරීම..අනිත් එවුන්ටත් බලන්න බැහැ.. එව්වට නීති රීති ගෙනාවනං හරි...මොකද බං මෙහෙම අනිත් එවුං ලියනකොට නිකංම අපි පීචං...


මැටි පාන් චන්දරේ: අපි දන්නේ අයි ටී විතරයි කියල පේන්නේ මේ රස්තියදුකාරයෝ එක එක මල ඉලවු ලියන හින්දනේ...


දනිස්ස: මේකෙ ස්පැම් කරන අයත් වැඩි වෙනවා, මට ලඟදි බලෙන් බූන්දි කවල හොඳටම බඩ ගියා...


කූඹියා: අපි බලෙන් කැව්වෙ නැහැ..නිකං අපහාස කරන්න එපා...


අම්බලං කොන්ඩයා: යකෝ කට වහපිය!! මෙතන අපහාස, සයිට් බ්ලොක් කිරීම ප්‍රචලිත කරන ඒව ගැන කතාකරන්න කලින් ස්පෑම් කිරීමේ සදාචාරය ගැන කතා කරමුද?? මුං දන්නේ නෑ ස්පෑම් කියන්නේ අදස් ප්‍රකාශනයට බාදාවක් කියල..


ගල්බනිස් සදාචාර: මේ අයියලා, මේකේ අර ඇම්ඩන් කතා ලියන්න ආපු එකාගෙ පිහිටෙන් වත් මොන මොනව හරි නීති ටිකක් ගේන්න බැරි වෙයිද හෑ?? මේකෙ ලමයි ඉන්නව කියලවත් ඔය අලුතෙන් ලියන එව්වෝ නවත්ත ගන්න බැරි වෙයිද හෑ???


ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ඔව් ඈ! මේ වගෙ පහත් ආසාවල් තියෙන එවුන් මේකට එනවෝ කියලවත් බලමුද ඈ??ඒ වුනාට බන් ඔය ආසාවල් මටත් තියෙනව බං..


අම්බලං කොන්ඩයා: මම නං මාර ආතල් වැඩක් කලා හිට්ස් ගාන වැඩි කරගන්න.. දැම්ම ගෙදර තිබිච්ච බළල් කුණ බ්ලොග් එකේ.. මාරායි බං.. හිට්ස් 600 පැන්න..


මැටි පාන් චන්දරේ: මමත් බ්ලොග් එකට අලුත් තීම් එකක් දාල, පාට ටිකක් ගාලා වත් බලනව..


අම්බලං කොන්ඩයා: අදහස් ප්‍රකාශනයේ අයිතිය වගේ නොතේරෙන මල ඉලවු නෙමේ ..මේක කොන්ට්‍රොල් කරගෙන ..පුලුවන්තරං සයිට් බ්ලොක් කරන හැටි ප්‍රචලිත කරමු..ඒත් අපේ ඒව ඇර..


මැටි පාන් චන්දරේ: හික් හික්..ඔව්..ප්‍රකාසනේ නිදහස යකාට ගිය දෙං ...මේක රස්තියාදුකාරයින්ගෙං බේරාගනිමු කියල වැඩට බහිමු..

3 comments:

  1. he he he ...

    U have told da damn truth in though it's expressed in a raw way. That J'pura indare (i know that there was a brother of Late SOTHTHI UPALI calle indare,no much difference isnt it?) once ignored my text telling that dat sms make no sense to him as same as President's New year wish coz both are just SPAM SMS's.

    Funny thinking that all these happened becoz of an attempt to maintain these IT savvys' blog as da most popular blogs among all other blogs


    Thejan

    ReplyDelete
  2. මේ මොකද්ද අප්පා මේ . . මට නම් ඇත්තම කියනවනම් 25% ක් වත් තේරුනේ නෑ . . .

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete