Thursday, April 1, 2010

තුම්මුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ "බයි" ප්‍රොඩක්ට්ස් හෙවත් හැල ගෙම්බෝ

http://makabaas.blogspot.com/2009/01/blog-post_31.html


තුම්මුල්ල මධ්‍ය මහා විද්‍යාලය හෙවත් කොලඹ විශ්ව විද්‍යාලය අපට අමුතු තැනක් නොවේ. (ඒ කෙසේද යන්න මෙතනට අදාල නොවන නමුත්, භෞතික විද්‍යා, රසායන විද්‍යා අංශ පැත්තේ එන්නේ නම් අප හමුවිය හැක .) මහාචාර්ය නලින් ට අනුව මෙම විශ්ව විද්‍යාලයත් ඇතුලුව ලංකාවේ සියලු විශ්ව විද්‍යාල විසින් බිහිකර ඇති අති බහුතරය අනුකාරකයෝය. නලින්ට අනුව දැන් ලෝකය පුරා ඉගැන්වෙන අයි. ටී ද මහා කෙප්පරයකි. නලින් දෙවියන් වහන්සේ නොවන නිසාත් නලින්ගේ සෑම අදහසක්ම කිසිවක් නොවිමසාම හිස් මුදුනින් පිලිගනීමේ අවශ්‍යතාවයක් නැති නිසාත් ඔහුගෙ බොහෝ කියුම් සමග අපට එකඟ විය නොහැක. ඒ කෙසේවෙතත් මේ අනුකාරකයින් පිලිබඳ තියරිය ගැන නම් අපට ඇත්තේ කුකුස මුසු උනන්දුවකි. ඒ අන් කිසිවක් නිසා නොව නදීක ගුරුගේ ගේ "සිංදුවක්" යැයි කියන යමක් විවේචනය කිරීමෙන් පසු අපට ලැබුනු ප්‍රතිචාර ඔස්සේ ඒ ඒ අයගෙ බ්ලොග් වලට එබීමට අපටද අවස්තාවක් ලැබීම හේතුවෙනි. ඊට අමතරව එක්තරා බ්ලොග් එකක නදීක සම්බන්ද වු ප්‍රසංගයක් අරබයා කල විවේචනයක් සම්බන්දයෙන්ද අපට දක්නට හැකිවුයෙ ග්‍රාම්‍ය, අපරිණත තකතීරු, හිස්වචනය. " කවුද කවුද නදීකට බැන්නෙ" වැනි අවර ගනයේ සරම් කැසපට ගසා ගත් ගොබ්බයන් සිහිගන්වන තුට්ටු දෙකේ ගොං පාට්ය. පෞර්ෂය (personality) සහ අනන්‍යතාවය (identity) වෙන්කර ගත නොහැකි ගං කබරයන්ය. අපි නදීක ඔලුවෙන් සිටුවා හම ගසා පෙන්වු විට මේ නදීක වෙනුවෙන් සටනට ආ වීරයින්ට හරි හමං උත්තරයක් වත් ලියාගත නොහැකිවිය!! අපගේ ලිපියට ප්‍රතිචාර වශයෙන්ද ලියා තිබුනේ "අනේ ඒක හරිම හොඳ සින්දුවක්" වැනි ලාමක ප්‍රතිචාරය.


සිරිතක් වශයෙන් සිරසට බැන වදින මුංගේ සිංහල බ්ලොග් ලියැවෙන්නේත් සිරසේ භාෂාවෙනි. නිර්ණාමික ප්‍රතිචාර තහනම් කර ඇත්තේ එවැනි ප්‍රතිචාර කරනවුන් නපුංසක, කොන්ද පන නැති එවුන් නිසාය. නදීක පිලිබඳ විවේචනය සම්බන්දයෙන් මේ කොන්ද පන ඇති එවුං නිහඬය.


මේවායේ ඇති දෑ සමහර මජර ටෙලිනාටක වලවත් දකින්නට නොලැබෙන "මැජික්" බව අපට කල් නොයාම පසක් විය. එකෙක් ඔහුගෙ ජංගම දුරකතනය අහවල් වර්ගයේ බව අප හැමට කියා දෙයි. තවෙකෙක් කියන්නේ අම්මගේ සිල්ලර කඩයෙන් ඉන්ටර්නෙට් ප'සනැලිටි අඩු මුදලට ගෙන නිර්ණාමික කමෙන්ට් දැමීමෙන් වලකින ආකාරයයි. සමහරෙක් තමන් දන්සැල්, තොරං මඩු ආදියේ කෙල පැමිනියෙක් බව කියා දෙන්නේ හමුදාව අල්ලාගන්නා හැම නගරයක් පාසාම ප්‍රසාද තුති පිදීමෙනි. මේ හැම එකෙක්ම තම මුනත්තහඩුවත් පැටිකිරියත් තොරොම්බල් කරමින් "මම අහවල් වසරේ **** එකේ" යනුවෙන් පවසන්නේ හුදී ජන පහන් සංවේගය පිනිසම මිස තම මමායනය පුම්බා ගැනීමට නම් නොවේ. එකෙක් නම් එනපොට හරිනැති බව පසක් කරගත් නිසාදෝ, උගේ මුනත්තහඩුවත්, පට්ටන්දරයත් බ්ලොග් එකෙන් ගලවා දැමීය.


මේ කොලඹ විශ්ව විද්‍යාලයේ බ්ලොග් ලියන ශිෂ්‍යන්ගේ කෙරුවාවයි. ලාංකීය දේශපාලනය, මාධ්‍ය නිදහස හෝ නවක වදය ගැනවත් අලුත් යමක් ලියන්නට, තම මතය ප්‍රකාශ කරන්නට එක්කෝ මුං බයයි, එසේත් නැත්නම් එවැනි මතයක් මුංට නැත. අප කොතරම් අකැමැති වුවත් නලින් කියන අනුකාරකයන් පිලිබඳ තියරිය නිවැරදිද?? 
මේ ගං කබරයන්ගේ, හැල ගෙම්බන්ගේත් බ්ලොග් දකින විට අප සියොලඟ ලැජ්ජාවෙන් වෙවුලා යයි.
මේ මඩ ගැසීමක් නොව ධනාත්මක සංවාදයකට කෙරෙන අභියෝගයක් වෙයි.

1 comment:

  1. තුම්මුල්ල බයි ප්‍රොඩක්ට්ස් කෙසේ වෙතත් තුම්පනේ සුන්ඛයෙකුගේ බයි ප්‍රොඩක්ට එකක් වන මේ බ්ලොග් එක නම් Copyright infringement යටතේ බ්ලොගර් වෙත රිපෝට් කරන ලදි.

    ReplyDelete