Thursday, March 25, 2010

FACEBOOK තුල "මම" මාකට් වීම

http://makabaas.blogspot.com/2009/05/facebook.html



ෆේස් බුක් ගැන නන් දොඩඩවන්නෝ බොහොමයක් අහවල් ඇප්ලිකේශන් එක නිසා උන්ට සිදුවන දහසකුත් එකක් අමාරුකම් කියාපාති. අහවල් ෆීචර් එක , අහවල් ලබ්බ නිසා සිදුවු අලකලංචි ආදි නොයෙකුත් අටානුවක් බුක් රෝග, බුක් කේස්, බුක් හබක් ගැන ලියන දොඩවන දුහුනන් අප්‍රමාණය.


මෙහි නොකියවෙන වෙනත් පැත්තක්ද තිබේ. ඒ පුද්ගලිකත්වය පිලිබඳ ප්‍රශ්නයයි.පුද්ගලිකත්වය (අනන්‍යතාව -Identity) සොරාගැනීම අලුත් දෙයක් නොවෙනවා සේම තම පුද්ගලිකත්වය හෝල් සේල් තොරොම්බල් කර ඇනගත් අයම ඒ ගැන බොලොග් ද ලියති!


අපේ අවධානය මේ පුද්ගලිකත්වය පිලිබඳ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගැන නොවේ.


SOCIAL NETWORKING හෙවත් සමාජ ජාලනය යනුවෙන් හැදින්වෙන මේ ආකාරයේ ක්‍රියාවකට පෙලඹෙන්නේ එහි ඇති නොයෙකුත් වාසි නිසා බව කීමට සැදි පැහැදී සිටින ගනන අති විශාලය. මිතුරන් 6000ක් තරම් ඇති අයද මෙහි සිටිති. මේ මිතුරන් සැබෑ මිතුරන්ද යන පැනය දැනටමත් මතු වී තිබේ. අප නම් මිතුරන් යනුවෙන් හඳුන්වන්නේ අප සමග සැඳෑවක එක්වී දෙකක් දාගන්නට, අප සමඟ ජීවිතය දේශපාලනය, කලාව ගැන සංවාද කරන්නට වේලාව තිබෙන අයයි. ඒ අය නම් අතේ ඇඟිලි වලින් ගනින්නට පුලුවන් තරමේ සංඛ්‍යාවකි.එහෙත් ඒ අපටය. අප වැනි කඩප්පුලි, මගෝඩි, බ්ලොග් අවකාශය පවා බොග අවකාශයක් කරනවායයි චෝදනා එල්ලවූ එව්වන් මෙන් නොව යහපත් ROLE MODEL CITIZEN ලා මිත්‍රත්වය මනින්නේ කෙසේදැයි අපි නොදනිමු. මානව විද්‍යාඥයින්ගේ මතය නම් අප පරිනාමය වුයේ කුඩා කාණ්ඩායම් ලෙස බැවින් නිශ්චිත කාල සීමාවක් තුල සාමාජීය ඇඳුනුම්කම් (SOCIAL CONTACTS) වල උපරිම සීමාව 50-100 ත් අතර වන බවයි. ඒ නයින් බලන කල අනෙකුත් "මිතුරන්" අවසේශ ඕපදුප එකතු කරන්නන් ගණයට දැමීම වඩා ඥනාන්විතය.


ෆේස් බුක් කෙළියෙන් සංසිදුවන සැබෑ අවශ්‍යතාවය නම් "ප්‍රදර්ශන කාමය" (Exhibitionism) වැනි එකක් බව අපේ වැටහීමයි. අප මෙහි ප්‍රදර්ශන කාමය යන වදන යොදන්නේ ඩෙස්මන්ඩ් මොරිස් යෙදු ජීව විද්‍යාත්මක රාමුව තුල නොව වඩා පුලුල් " SHOW OFF" යන අරුතින් බව කිව මනාය. මේ "හ-බුක්" පොතේ පින්තූර වලින් පෙන්වන්නේ ෆිට් පොරවල්ය. පින්තූර ප්‍රොෆෙශනල් ලෙවල්ය. පුද්ගලික තොරතුරු කිරි ගහට ඇන්නාසේය. පොඩි කොස්සක්වත් නැත. ලියා ඇත්තේම පරම්පරා ගනනකට ආඩම්බර වියහැකි පැටිකිරියකි. පැංච කාලේ පින්තුර "හරි ස්වීට්" ය. කොල්ලා කාලේ පින්තූර "හැන්සම්"ය. ෆැන් ක්ලබ් එකේ "ෆෙරාරි" මෙන්ම "චේ"ද සිටී (විප්ලවයට යන්නේ ෆෙරාරි එකේ විය යුතුය ) ජොබ් එක මාර ආතල් එකකි. ජීවිතය රෝස මල් යහනාවකි. ඉතුරු -මිතුරු කැල තුසිතයෙන් බට සුරඟනුන් මෙනි. ෆැන්ටසිය යථාර්තයෙන් වෙන් කරගැනීමට නොහැකිය. "මම" උපරිමයෙන් මාකට් වෙයි. බොරු පනහක් හැටක් දැම්මාට ඒවා බොරුමද යන්න පවා හරියටම නිශ්චය කරගත නොහැක. මම "මම" මාකට් කරන අතරම ලොකු ලොකු කොම්පනි බොරු අයි.ඩී ඔස්සේ උංගේ බඩු හා සේවා මාකට් කරති. අන්දන්නේ කවුද අඳින්නේ කවුද යන්න පවා අපැහැදිලි, බොඳවූ ෆැන්ටසියේම කොටසක් වැන්න.

4 comments:

  1. මේක ගැන නම් මොකක් කියන්නද මන්දා. මගේ බ්ලොග් අඩවියේ නමින් හදපු ප්‍රොෆයිල් එක බ්ලොග් එකෙ ලිපි අනිත් අය අතරට ගෙනියන්න හදපු එකක්. ඒක වෙනම කතාවක් කියමුකෝ.
    ඔරිමජිනල් එක . .
    ම් ම් ම් ම් පොඩි ශෝ ඕෆ් එකක් නැතුවමත් නෙමෙයි. හැබැයි මූලික අරමුන (මගේ නම්) අපිට දුරින් ඉන්න අපිට හිතවත් අය සමඟ අපේ අලුත්ම පින්තූර . . අපේ අලුත් අදහස් . . . කොටින්ම අපේ අලුත් ජීවිතේ එයාලත් එක්ක බෙදා හදා ගැනීම.

    ඒකෙන් ලැබෙන වාසි
    1. කෝල් කරලා A-Z විස්ටර කියන්න ඕන නැති වීම (ඔව් ඔව් අපි දැක්කා FB eke ඔයාල ට්‍රිප් එකක් ගියා කියලා . . ආදී වශයෙන්)
    2. අපේ දේශපාලන හෝ සමාජ වෙනස්වීම් ගැන අදහස් හුවමාරුව. (ආ ඔයා අරයට fuල් සපෝර්ට් නේද . මම නම් එයාට ඡන්දේ දෙන්නේ නෑ . . ඌ පල් හොරෙක් නේ බන් ආදී වශයෙන්)

    ඉතිං ඔයා කියල විදිහට ප්‍රදර්ශනකාමේ කියන දේම වෙනස් වෙනස් ආකාරයෙන් වෙනස් වෙනස් හේතු සහිතව යෙදවෙනවා නේද ??

    හැබැයි ශෝඕෆ් ම නෙමෙයි මම හිතන හැටියට (ඒ කිව්වේ පඩ ශෝ දැමීම ම නීම්යි )

    ReplyDelete
  2. පොඩි ශො ඔෆ් එකක් නැත්තෙ නම් නැහ තමයි. ඒත් ඉතින් privacy ගැන වගෙම තමන් ඇඩ් කරන අය ගැනත් කල්පනාවෙන් ඉන්න ඔනි. මන් ලියපු අලුත් ලිපියත් ඔය වගෙ දෙවල් ගැන.
    http://palaamalla.blogspot.com/2010/03/interenet-privacy.html#comments

    ReplyDelete
  3. මිතුරන් 6000 ඉන්න බෑ නේද? මම දන්න විදිහටනම් 5000 පැනපු ගමන් ඒ එකවුන්ට් එක අක්‍රීය වෙනවා.

    ReplyDelete
  4. Max friend limit in FB is 5000. Pissa is correct.

    ReplyDelete