Friday, March 12, 2010

පැරිෂුට් දේශපාලණය

දැන් දැන් මැතිවරණ වල ඇති ප්‍රවණතාවයක් වනුයේ, අදාල පළාතට කිසිදු සම්බන්දයක් නැති අපේක්ෂකයෝ ඉදිරිපත් විමයි. අද[හෙට] පත්තරේ දාලා තියනවා ගම්පහට චන්දය ඉල්ලන කට්ටිය. ඔක බැලුවහම මම හොදටම දන්න තුන්දේනෙක් ඉන්නවා ගම්පහට අදලා නැති.


1. බැසිල් -හම්බන්තොට අයෙකි
2. මර්වින් -හම්බන්තොට අයෙකි
3. රතන හාමුදුරැවො -කලුතර හිමිනමකි


හමුදුරැවරැ දේශපලාණයට එම නොකලයුතු වැඩක් උනත් දැන් මේ පාරත් ඒක වෙලා. ඊට අමතරව මෙහෙම පැරිෂුට් කාරයන්ව පාර්ලිමේන්තු යැවිය යුතුද. මොකද මෙයලා මේ යන්නේ ගමේ මිනිස්සුට් වැඩ කරන්න මිසක් රටට වඩ කරන්න නෙමෙයි. දැන් හොදම උදාහරණය ගම්පහ දිස්ත්‍රික්කය. මේ තුන් දෙනවාම ගම්පහට කිසිමඅදාලත්වයක් නැහැ. ඇයි මෙහෙම කරන්නේ? සමහර විට මිනිස්සු ගොන්නු කියලා හිතාගෙන වෙන්න ඇති. බලන් ගිහාම රටේ ඉන්නේ වැඩ් පුරම මැට් මොල්ලු. නැත්නම් ඉතින් අර සක්කරවට්ටම හෙවත් අනර්කලීට චන්දය දෙයිද?


කොහෙමින් කොහෙම හරි මේ පාර බලන්න පුලුවන් ගම්පහත් ඉන්නේ මැටි මොල්ලුද කියලා. නැත්නම් ඔවුන් දැනගන්න ඔනා ප්‍රදේහශයට කිසිම අදලා නැති අයට තමුන්ගේ චන්දයෙන් පත් නොකර ඉන්න. එත් එහෙම වෙයිද කියල් හිතෙනව.


නුවර පාරට අනුව ඔය තුන්දෙනාගෙන් බැසිල් පත් වෙයි. මර්වින් හෙවත් වර්තමාන අන්දරේට ඇප්ත නැතිවෙයි. රතන හමුදරුවන්ට උපසක අම්මලා ටික පිහිට වෙයි. එත් මේ පාර උපස අම්මාලා දෙපාරක් හිතන බව අනිවර්යය කරුනක්. ඇයි අයිත් හාමුදුරැවර් කියන ප්‍රශ්නය ඔවුන් අහනවා.


බලමු මොක වෙන්නේ කියලා?

No comments:

Post a Comment