Friday, March 12, 2010

ඇතාගෙන් ආරස්සා වීම

සිරි විකුම් රහසිං, සඟිස්කුරුතෙන් කියනව නං ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවංගෙ කාලෙ, රජතුමාත් උඩරට අනිත් නායකයනුත් අතර බොහො ම ගැටුම් තිබුනා. රජතුමත් කිසි ම බුරුලක් දුන්නෙ නැති බව ඇහැළෙපොළ පවුල ම නැති කරපු කතාවෙන් පේනව.


ඒ නිසා මේ නායකයො ටික කල්පනා කළා රජ්ජුරුවො අයිං කරල තමං අතට බලේ ගන්න, අද කාලෙ ඉංගිරිසියෙන් කියන විදියට regime change එකක් කරන්න. ඒකට තමයි මේ ගොල්ලො ඉංගිරිසින් එක්ක එකතු වුනේ.


එදා පිළිමතලව්වේ මහ අදිකාරම්ට මල්වතු මහ නා හිමියන් කියපු කතාව අදටත් හරි ම වටිනව. උන්නාන්සෙ කියුවලු "පිළිමතලව්වේ, ඇතාගෙන් ආරක්‍ෂා වීමට ඇත් ගොවුවා වග බලා ගත යුතු යි" කියල!


ඒ අවවාද නො සලකා හැරල, පිළිමතලව්වේ ඇතුලු නායකයො ටික ඉංගිරිසින් එක්ක එකතු වෙලා, රජතුමත් අල්ලල මුරුසි දිවයිනට පිටමං කරල, ගිවිසුමකුත් ගැහැවුව. සීසර් ලොක්ක හදල පස්සෙ ග්‍රෙගරි පාප් වහන්සේ "නිවැරදි කරපු" ලිතේ හැටියට නම් අද වගේ දවසක, එක දාස් අටසිය පහළොවේ මාර්තු දෙ වැනි දා. වාරියපොළ සුමංගල හාමුදුරුවො කතිර කොඩිය බිමට දැම්මෙත් ඔය වෙලාවෙ තමයි.


රජ්ජුරුවංගේ දරදඬු කම ඉස්සරහට දාල තමංව රවට්ට ගත්ත මිසක් ඉංගිරිසින් තමන්ට "උදවු" කළේ ආදරේකට නො වෙයි කියල මේ නායකයො ටිකට තේරෙනකොට වෙන්ට ඕනෙ හදිය වෙලා හමාර යි.

1 comment:

  1. Yes, it was the darkest day in our recent history. Sri Lanka had plenty of darker days in the past and who knows, there could be many more...

    I think the King was deported to Madurai. Not to Mauritius.
    රජතුමත් අල්ලල මුරුසි දිවයිනට පිටමං කරල....

    ReplyDelete