Wednesday, March 31, 2010

නලින් ද සිල්වා, සිරස සහ string theory

http://makabaas.blogspot.com/2009/01/blog-post.html


නලින් ද සිල්වාට අනුව සිරසට පහර දුන්නේ සිරසෙම කට්ටිය නොව බටහිරයෝය. ලසන්ත මරා දැම්මේද බටහිරයෝය. නලින් දන්නා පරිදි බටහිරයෝ මීට පෙරද මෙවැනීම වු පාතාල වැඩ කර තිබේ. උන්ගේ ඒකායන අදිටන මෙවැනි අසමජ්ජාති වැඩ වලින් ආන්ඩුව අපකීර්තියට පත්කීරීමය.


සිල්වා කියන මේ කතන්දරය ඈත්තක් නම්, එය ඔප්පු කීරීම මහලොකු කාරියක් නොවේ. පොලිසිය සහ අනෙකුත් අපරාධ මැඩලීමෙහි සමත් නොයෙකුත් දෙපාර්තුමේන්තු යොදවා බටහිරයන් සහ උන්ගෙ ඒජන්තයින් මෙම අපරාධ වලට වග කිවයුතු බව මැනවින් ඔප්පු කිරීම කජු කනවාක් මෙන් ලෙහෙසි වැඩක් විය යුතුය. ආන්ඩුවට තරම් වෙනත් කිසිවෙකුටත් එවැනි කාර්යයක් සඳහා අවශ්‍ය සම්පත් නැත. බටහිරයන්ගේ ඒජන්තයින් සිරගෙරට යවා එමගින් ආන්ඩුවට තම නම පිරිසුදු කරගැනීමටද හැකිවේ. මේ අප කාහටත් පෙනෙන තර්කානුකුල යතාර්තයයි. නමුත් සැබෑ තත්වය මීට වෙනස් බව අපට පෙනේ. පොලීසිය පසුගියදා අධිකරනයෙන් අම්බානකට අහගත් බව අපි දනිමු. ඒ පරීක්ෂන වෙන දිසාවකට යොමු කීරිමේ අදහසින් කෙරෙන අත් අඩංගුවට ගැනීම් නිසාය. ඒ අතරම මහින්දත් අනෙක් ඇමතියෝත් තම නැණ පමනින් මත පල කරති. එහෙත් ඒ කිසිවෙකුටත් බටහිරයන් අල්ලා දීමේ උවමනාවක් නැති හැඩය.


ගොන් කතා කීමට බලපත් අවශ්‍ය නොවන නමුත්, එනිසාම සීමාවක් නැතිව ගොන් කතා කීම කවුරුන් වුවද නොකලයුතුය යන්න අපගේ මැදහත් විශ්වාසයයි. සිල්වා ඇතුලු පිරිවර සිතනුයේ මෙරට වැසියන් මීහරක් කියාදැයි අපි නොදනිමු. සිල්වා සහ ඔහුගේ ගං කබරයින් රැලට පොඩි අභියෝගයක් කරන්නට අපට සිතේ. හැකිනම් ක්වොන්ටම්, ස්ට්‍රින්ග් තියරි හෝ වෙනත් ඕනැම සෙප්පඩ විජ්ජාවක් උපයෝගී කරගෙන, නිකම් දෙකයි පනහෙ තියරී නොදා, බටහිරයන් මේ අපරාධ වලට වග කිවයුතු බව පෙන්විය හැකිද?

1 comment:

  1. /* ගොන් කතා කීමට බලපත් අවශ්‍ය නොවන නමුත්, එනිසාම සීමාවක් නැතිව ගොන් කතා කීම කවුරුන් වුවද නොකලයුතුය යන්න අපගේ මැදහත් විශ්වාසයයි.
    */

    මේ කතාව ඇනෝනිමස් කමෙන්ට් එකක් විදියට බ්ලොග් එකක දැක තිබේ.

    ReplyDelete