පහුගිය දවස් කිහිපය තුළ සිංහල බ්ලොග් කිහිපයක අප විසින් “සමරණ” දින ගැන සංවාදයක් ගොඩ නැගිලා තිබ්බා. ඒවායේ ගොඩනැගුනු සංවාද අනුව පැහැදිළි වුනු කරුණ තමයි ලංකාව තුළ නොයෙක් නොයෙක් පාර්ශව විසින් සැමරීමට” යොමුවන්නේ ඔවුන්ට හොඳට මාර්කට් කරන්න පුළුවන් වර්ගයේ “දින” සෙට් එකක් කියන එක.
මේ වගේ ඔවුන්ට මාර්කට් කරන්න බැරි “දින” ගැන අපි දන්නෙත් නෑ. මේ වගේ එකක් ගැන මට අද දැනගන්න ලැබුනේ Mashable හි පළවු “Pi Day: Google Doodle Celebrates Math Nerds Everywhere” නම් ලිපිය හරහායි.
පයි දිනය ලෙස අද සමරන්න හේතුව තමයි π හි අගය වන 3.141592654… හි මුල් ඉලක්කම් තුනෙන් දැක්වෙන 3.14 යන්න තුන්වැනි මාසයේ දහහතරවන දිනය යන්නට සම්බන්ධ කර ගත හැකි වීම.
අද වෙනකන් මෙහෙම දිනයක් තියනවා කියන එක මම දැනන් හිටියෙ නෑ. අඩු තරමේ අපේ ගණිත ගුරුවරයකුගේ කටින්වත් මේ ගැන නිකමටවත් කියවුනේ නැහැ.
මට මතු කරන්න ඕනෑ කාරණාව වන්නේ බටහිර විසින් සමරණ සෑම දිනයක්ම අප විසින් සැමරිය යුතුය යන්න නොවේ. බටහිරින් නොව කොයි දෙසින් උව අප ළඟා කරගත යුත්තේ යම් වටිනාකමක් තිබෙන දේවල්. නොවටිනා දේවල් රැසක් ලං කරගෙන සිටින අපට ඇයි අඩු තරමේ මේක ගන්න බැරි වුනේ?
පයි දිනය ගැන වැඩිදුර තොරතුරු:
http://piday.org/
http://en.wikipedia.org/wiki/Pi_Day
හේතුව මේකයි.අද ලංකාවෙ වැඩිහරියක් ඉන්නෙ ඕක නැති එවුන්.ඕක ලංකාවෙ සමරන්න හැදුවොත් මුලින්ම පාරට බහින්නෙ මංතිරි හාමුදුරු ගොල්ල.උන් ඕකෙ අග මුල හොයන්නෙ නැතුව "කුණුහබ්බ" නමකින් දිනයක් නම්කිරීමට එරෙහිව අපගේ බලවත් විරෝධය කියල මාධ්‍ය සාකච්ඡා තියාවි.
ReplyDeleteThe Pi Day, What we take and what we don’t! | පයි දිනය, අපි ගන්නා දේ සහ නොගන්නා දේ.
ReplyDeletehttp://blog.budhajeewa.com/?p=781
http://blog.budhajeewa.com/?p=781 හි මා විසින් පළ කළ මෙම ලිපිය පිටපත් කළාට අවුලක් නෑ.
ReplyDeleteඑයට සබැඳියක් එක් කිරීමත් හොඳයි. නමුත් Bit.ly භාවිතයෙන් එකී ලිපිනය සංක්ෂිප්ත නොකර http://blog.budhajeewa.com/?p=781 නම් ප්‍රකෘති ලිපිනය යෙදුවානම් ඔබේ පාඨකයන්ට දැනගැනීමට පුළුවන් මෙම ලිපිය පළමුවෙන්ම පළ වුනේ කොහිද යන්න වග.
එමෙන්ම නිකම්ම සබැඳිය පළ කිරීමෙන් තොරව "http://blog.budhajeewa.com/?p=781 වෙතින් පිටපත් කරන ලදී." ලෙස සඳහන් කරන්න.
ලැජ්ජ නැතුව ඕක කොපි කලේ මෙතනින් නේද?
ReplyDeletehttp://blog.budhajeewa.com/?p=781
@ඉන්දරේ | Indranama
ReplyDeleteඔය උඩින්ම ලින්ක් එකක් දාල තියෙන්නෙ දැක්කෙ නැද්ද?
@budhajeewa
ReplyDelete"එමෙන්ම නිකම්ම සබැඳිය පළ කිරීමෙන් තොරව "http://blog.budhajeewa.com/?p=781 වෙතින් පිටපත් කරන ලදී." ලෙස සඳහන් කරන්න."
කෙටි කිරීමකින් තොරව ලින්ක් එකක් පමනක් පල කල හැක.
@Tech Buzz:
ReplyDelete[said:Tech Buzz]
කෙටි කිරීමකින් තොරව ලින්ක් එකක් පමනක් පල කල හැක.
[/said]
පළ කළ හැකි බව මම දන්නවා; ඒ නිසා තමා කීවේ. ඒ වුනත් ඔබ විසින් එහෙම පළ කරල නෑ නෙ?
"http://blog.budhajeewa.com/?p=781 වෙතින් පිටපත් කරන ලදී." ලෙස සඳහන් කරන්න කියලා මම ඔබට ලිපියේ ලේඛකයා වශයෙන් කියනවා.
@budhajeewa
ReplyDelete""http://blog.budhajeewa.com/?p=781 වෙතින් පිටපත් කරන ලදී." ලෙස සඳහන් කරන්න කියලා මම ඔබට ලිපියේ ලේඛකයා වශයෙන් කියනවා"
ඔබ කිව්වාට කරනවාද නැතිද යන්න තීරනය කරන්නේ මමයි :D
මේ හලෝ..අනුන්ගෙ පෝස්ට් කොපි කරලා අයේ ලොකු ටෝක් දෙනවද ? අනේ පලයන් යන්න !
ReplyDelete@Tech Buzz:
ReplyDelete[said:Tech Buzz]
ඔබ කිව්වාට කරනවාද නැතිද යන්න තීරනය කරන්නේ මමයි :D
[/said]
ආ හරි, ඔබ එහෙනම් තීරණය කරගන්නකෝ! :P
ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා ****යි.
ReplyDeleteහොරා
ReplyDeleteඇයි මේ ලිපියටම විතරක් Shorten Link එකක්?
ReplyDelete@Tech Buzz වෙලා තියෙන්නෙ වැරැද්දක් බව පිලිගන්න වෙනවා නේද මචෝ. හිතහංකො මම ක්ශේස්පියර් වගේ බුවෙක්ගෙ පොතකින් පාථ කියලා මිනිස්සුන්ව කොර කර කර උන්නා කියලා. එ මිනිස්සුත් අර පොතම කියවපු දාක හරි රචකයා හරි ඒ ගැන මට කතාකලාම මම ගේම ඉල්ලනවනම් වැරදියි නේද?
ReplyDelete@Budhajeewa @Indranama තමන්ටම තනියම ලිපියක් ලියා ගන්න බැරි අයනේ මේ වගේ අනුන්ගේ ලිපි කොපි කරන්නේ. අපි මේ වගේ අයට බැනලා හරියන්නේ නෑ අනුකම්පා කරන්න ඕන :P කොපි කළාට කමක් නෑ කියමු ඒත් අර ලින්ක් එක දාන්න එපැයි යුතුකමක් වශයෙන් :P
ReplyDeleteකොපි කරල ලොකු ටෝක් දෙන්නත් එනවනේ... ලැජ්ජයි...!!
ReplyDeleteපල් හොරු නිසා තමයි ලංකාවට අද මේ කල දවස උදා වෙලා තියෙන්නේ..
ReplyDeletehttp://bit.ly/bsh6UP
ReplyDeleteගූගල් සමූහයේ කොපි කිරීම ගැන ගිය කතාවක්. මම ආපහු ඒක හොයාගෙන කියෙව්ව අද. අනේ ඉතින් මේ කොපි කිරිල්ලට කැමති අයනෙ එකෙ ගොඩක් හිටියෙ.