Friday, April 2, 2010

කතෘ අයිතිය

මිතුරනි,
යම් පුද්ගලයකු තමන්ගේ දැනුම, අත්දැකීම් සහ තමන් සතු සම්පත් උපයෝගී කොටගෙන කරනු ලබන නව නිර්මාණයක කතෘ අයිතිය පිලිබඳ කිසිදු ගැටලුවක් නොමැත. ඔහුගේ එම නිර්මානය අයුතු ලෙස(මෙය නිර්වචනය කිරීම ඉතාම අසීරු කටයුත්තකි) භාවිතා කරමින් ලාභ ඉපයීම මුල් නිර්මාණකරුට කරන අසාධාරනයකි. මේ සම්බන්ධව කිසිදු තර්කයක් අප සියලු දෙනා තුලම නැති බව මම විශ්වාස කරමි.

එහෙත්....

යමෙක් කිසිදු ලාභ අපේක්ශාවකින් තොරව, මුල් නිර්මාණය තමන්ගේ කරගැනීමේ අදහසකින් තොරව, මුල් නිර්මාණය පැහැදිලිව බලාගැනීමට පහසුකම් සපයා දී වෙනත් තැනක පලකරන විටත් තමන්ට අසාධාරනයක් වන්නේ යැයි කෑ කෝ ගසනා නිර්මාණකරුවන් සැබෑවටම ආත්මාර්තකාමී, තමන්ගේ නිර්මාණයෙන් සමාජයේ යහපතට වඩා තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගැනීම අරමුණු කරගත් මිනිසුන් කොට්ඨාශයක් නොවන්නේද?

"මානවයාගේ දැනුම සමාජය උදෙසා විය යුතුය" යන්න ඔබ විශ්වාස කරන්නේද?

26 comments:

  1. කවුද දන්නෙ පස්සෙ ලාබ ගනීද කියල.ලමයො පණ්ඩිත කම අත ඇරල හොරා කන එක නවත්තන්න.

    ReplyDelete
  2. @Anonymous
    ඔබේ ඡන්දය ලබාගන්නා ජනතා නියෝජිතයින් පසු කාලයක හොරාකන බව ඉඳුරාම දැන දැනත් ඔබ ඔවුන්ට මනාප ලබාදෙනවා නොවේද? ඔබේ දරුවන් (දැනට නැත්නම් ඉදිරියේදී ලැබෙන) හොරුන් අපරාධකාරයන් වීමේ සම්භාවිතාවක් තිබියදී එය සිදුවිය නොහැකියැයි අමතක කරන ඔබ ඔවුන් පෝෂනය කරනවා නොවේද?

    කුම්මැහි අදහස් අතහැර දමා අලුතින් සිතීමට කාලයයි මේ...

    ReplyDelete
  3. අනුන්ගෙ නිර්මාණ ගැන ඔය තරම් කරදර වෙන්නෙ මොකටද? ඒ අය ඒවා ප්‍රසිද්ධ කරගනීවි. තමන්ට මුකුත් ලියන්න තරම් හැකියාවක් නෑ කියල හිතෙනව නම් කරුණාකරල ඒක පිලිඅරගෙන පුළුවන් දෙයක් කරන්න උත්සාහ කරන්න. ඔයාට ඔය තරම් කැක්කුමක් තියෙනවනම්, දැන් හොයාගන්න අමාරු දුරලභ පොත් පත් (නවකතා, කෙටිකතා, පරණ පුවත්පත් වල ලිපි) ටිකක් හොයගෙන ඒවා පළකරන්න. ඔයිට වඩා ඒකෙන් ප්‍රයෝජනයක් වේවි. අල්ලපු වැටේ තියෙන ලිපි කොපි කරල පලකරන එක පහත් වැඩක් කියල හිතෙන්නෙ නැද්ද?

    "කුම්මැහි අදහස් අතහැර දමා අලුතින් සිතීමට කාලයයි මේ..."
    අලුතෙන් හිතනව කියල කියන්නෙ අනුන්ගේ ඒවා කොපි කරන එකටද? හරි ෂෝක්නෙ! මෙහෙම අයටත් ඉර පායනවනෙ!!!

    ReplyDelete
  4. කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු නෙ.

    ReplyDelete
  5. පරමාර්ථය කොහොම උනත් කරන වැඩේ හරි නැ... නිර්මාපකයාට දැනුන්දීමකින් තොරව මොනම හේතුවකටවත් නිර්මාණයක් ප්‍රචාරය කිරීම (පළකිරීම) සදාචාරත්මක නැ.... දැන්වත් තමුන්ගෙ අදහසක් පළකරන්න......

    ReplyDelete
  6. @දමිත් : Lahiru
    මෙන්න අපි අපේ බ්ලොග් ලිපි ලිවීමේදී පිටින් ගන්න දේවල්.
    ඡායාරූප
    චිත්‍ර
    ගීත (වචන, ශබ්ධ, වීඩියෝ)

    මේ ලයිස්තුව තව දිගයි. බ්ලොග් අවකාශයේ සිටින බොහෝ දෙනෙක් මේ දේවල් අඩු වැඩි වශයෙන් ලිපි සඳහා යොදාගන්නවා. ඒ සියලුම දෙනාට ඔබ මෙම චෝදනාව එල්ලකරනවාද? නැතිනම් ඔවුන් ඒවා පලකරන්නේ මුල් නිර්මාණකරුගේ අවසරය ඇතුවද?

    ReplyDelete
  7. @ Tech Buzz ~ නමුත් සම්පූර්ණ ලිපි ලබා ගන්නෙ නෑ, මම කතා කලෙ, මෙතන කතාකරපු comment දාපු හැමෝම කියන්නෙ කිසිදු වෙනස් කිරීමක් කරන්නෙ නැතුව මුල් ලිපියම පලකිරීම සධාචාරාත්මක නෑ කියල...

    ReplyDelete
  8. @දමිත් : Lahiru
    සම්පූර්ණ නිර්මාණය පලකිරීමෙන් පමනද ඔබ කියන තත්වය පැන නගින්නේ? කොටසක් උපුටා ගත්විට නිර්මාණකරුගේ අවසරය අනවශ්‍යද?

    අනුන්ගේ නිර්මාණ තමන්ගේ කරගැනීමට යාම හෝ තමන්ගේ ස්වනිර්මාණයක් ලෙස එලිදක්වන යමක අනිත් පුද්ගලයන්ගෙන් ලබාගත් සම්පත් ඇතිවිට සදහන් නොකිරීම හෝ අවසරයක් ලබානොගෙන සිටීම නොවේද වැරැද්ද?

    කරුණාකර ඔබ සදහන් කරන සදාචාරාත්මක සීමාව පැහැදිලි කරන්නේනම් මැනවි

    ReplyDelete
  9. අනේ පල යකෝ මුගේ හරියට පන්ඩිත කම

    ReplyDelete
  10. @Anusha
    මාතෘකාවට අදාල කරුණු පමනක් මෙහි කතා කරමු. පණ්ඩිතකම ගැන වෙනම සංවාද පැවැත්විය හැක :)

    ReplyDelete
  11. ඔයාට අපිකියන දේ තේරුම් ගන්න බැරිනම් අපට කරන්න දෙයක් නැ, මේව ඔයාටම තේරෙන්න ඕනෙ දේවල්, තමන්ගෙ ලිපියකට, තමන්ගෙ නිර්මාණයකට, අදහසක්/ සංකල්පයක් ලෙස හෝ යමක අර්තය තවත් හොඳින් පැහැදිලිකිරීමට චිත්‍ර, පින්තූර, ආදිය යොදාගන්නව, ඒ තමන්ගෙම නිර්මාණයකට. ඔබෙ තත්වය මෙතනදි වෙනස්. ඔක්කොටම කලින් ඔයාගෙ පරමාර්ථය අපි හැමෝටම කිව්වනම් නේද හොඳ?

    ReplyDelete
  12. මුලින්ම අපි පොඩ්ඩක් බලමු ඇයි සමහරු බ්ලොග් පෝස්ට් කොපි කරල දාන්නෙ කියල. මේකට හේතු කීපයක් තියෙනවා.

    1. තමන්ගේ ලිපියක් ලියා පල කිරීමට ඇති නොහැකියාව.
    2. ලිපි වැඩි වූ වි‍ට බ්ලොග් එක ඇති සින්ඩියේ වැඩිපුර දිස් වීම නිසා එමගින් හිට්ස් වැඩි කරගත හැකි වීම.
    3. බ්ලොග් අඩවිය ව්‍යාපාරයක් කිරීමට උත්සාහ කිරීම.

    මෙහිදී ඔබ ඉදිරිපත් කල අදහසක් තමයි "මානවයාගේ දැනුම සමාජයටයි" කියන මතයෙන් ඔබ මේ දේ කරන බව.සින්ඩිකේටර් විදිහට ලාංකීය සිතුවිලි, SBU, Koththu ඒ දේ තමයි කරන්නෙ. පැරණි ලිපි අන් අයගේ අවධාය‍ට ලක් කිරිමට අවශ්‍ය නම් Link එක පමනක් දැමීම ප්‍රමාණවත්.

    අනික් කරුණ තමයි ඔබට ඔබේ බ්ලොග් එකේදි උනත් අනුන්ගේ ලිපියක් පිලිබඳ‍ව ඔබට අවශ්‍ය තීරණ ගන්න බෑ. කොපි කරා නම් අයිති කාරයා කියන විදිහට ඒකෙ අයිතිය තහවුරු කරන්න වෙනවා. ඒ වෙනුවට ඔහුට ඔබගේ ලොකුකම් පෙන්වීම නොවෙයි කල යුත්තේ.

    ReplyDelete
  13. @දමිත් : Lahiru, Kanishka | කණියා
    ඔබලාගේ අදහස් දැක්වීම කිසිදු සුවිශේෂී අරමුණකින් තොරව ආරම්භකල මේ බ්ලොග් අඩවියේ අරමුණු පිළිබඳ සිතන්නට මට උත්ප්‍රේරකයක් සැපයුවා. එයට ස්තුතියි.

    මට දැනෙන ආකාරයට අරමුණුවලින් කිහිපයක් විය යුත්තේ මේවායි...

    *මා ප්‍රිය කල සහ ටික කලකට පෙර බ්ලොග් අවකාශයේ පලවූ ලිපි නැවතත් පාඨක අවධානයට ලක්කිරීම (මෙය සෑම ලිපියකින්ම සාධාරණීයකරනය කල නොහැක).
    *තාක්ශනික වශයෙන් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට මූලික පලපුරුද්ද ලබාගැනීම.
    *FOSS ව්‍යාපෘති වලට ආවඩමින් සයිබර් අවකාශයට හොඳ මුහුනක් පෙන්වන, එහෙත් තමන්ගේ කියාගන්නා දැනුමෙන් බිඳක් හෝ වෙනත් තැනක පලවූ පසු යුද්ධ ප්‍රකාශකරන කාඩ්බෝඩ් සයිබර් වීරයන්ගේ සැබෑ චරිත ලක්ශන හෙලි කිරීම.

    මේහි සඳහන් බොහොමයක් කරුණු නිර්ධය ලෙස විවේචනය කල හැකි බව මම දනිමි. එහෙත් මට සිතුන දේ මෙහි සඳහන් කිරීම කල යුත්තකි.

    සින්ඩිකේටරයක අරමුණු මගේ අරමුණු හා කිසිසේත් සමපාත නොවේ. මා උපුටාගත් ලිපි තුලට යාමට ලින්ක් එකක් පමනක් පලකිරීම සිදුකලා නම් මට කිසි දිනක සින්ඩිකේටරයට ඇතුලත් වීමට ඉඩ ලැබෙන්නේද නැත.

    ReplyDelete
  14. *තාක්ශනික වශයෙන් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට මූලික පලපුරුද්ද ලබාගැනීම. ~ හොඳ ආරම්බයක් නම් නොවෙයි
    *FOSS ව්‍යාපෘති වලට ආවඩමින් සයිබර් අවකාශයට හොඳ මුහුනක් පෙන්වන, එහෙත් තමන්ගේ කියාගන්නා දැනුමෙන් බිඳක් හෝ වෙනත් තැනක පලවූ පසු යුද්ධ ප්‍රකාශකරන කාඩ්බෝඩ් සයිබර් වීරයන්ගේ සැබෑ චරිත ලක්ශන හෙලි කිරීම. ~ පැහදිලි දේවේශය

    ReplyDelete
  15. @දමිත් : Lahiru
    ද්වේශයෙන් යමක් කරනවානම් මීට වඩා කොපමන ක්‍රම තිබේද? එය එසේ නොවන වග සඳහන් කරන අතරම මගේ අදහස පිලිබඳ විවිධ අර්ථකතන ලබා දීමට ඔබට ඇති අයිතියට ගරු කරමි.

    ReplyDelete
  16. මාත් එක්ක උබ එකට එක කියන්න එන්න එපා හරිද කොපි කරන්න තමුසෙට ලැජ්ජා නැද්ද මෙහෙම ගියොත් මු අපේ දේවල් කොපි කරලා සතියකට පත්තරයක් ගහයි

    ReplyDelete
  17. *තාක්ශනික වශයෙන් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට මූලික පලපුරුද්ද ලබාගැනීම.

    කිසි ගැ‍ටලුවක් නෑ. නමුත් සින්ඩිකේටර් වල ප්‍රතිපත්ති තියෙනවා. ඒවාට නිදහසට කරුනු කිය කිය ඉන්නෙ ඇයි? Testing බ්ලොග් එකක් නම් සින්ඩිකේටර් වලින් මහත්මයෙකු විදිහට අයින් වෙන්න.

    *FOSS ව්‍යාපෘති වලට ආවඩමින් සයිබර් අවකාශයට හොඳ මුහුනක් පෙන්වන, එහෙත් තමන්ගේ කියාගන්නා දැනුමෙන් බිඳක් හෝ වෙනත් තැනක පලවූ පසු යුද්ධ ප්‍රකාශකරන කාඩ්බෝඩ් සයිබර් වීරයන්ගේ සැබෑ චරිත ලක්ශන හෙලි කිරීම.

    ඒකට ලිපි කොපි කිරීම සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද?

    ReplyDelete
  18. නිර්මාණ ගත්තාම ඒවට විශේෂ license (මට සිංහල නමක් මතක් වෙන්නේ නැහැ) එකක් අදාල කරලා නැත්තන් ඒක අයිති වෙන්නේ නිර්මාණකරුගේ copyrighted එකක් විදියට. මේකට ලංකාව අයත් වෙන්නේ විශේෂ ගිවිසුමකට අත්සන් කරපු නිසා.

    හැබැයි අනිත් අතට fair usage කියලා දේකුත් තියෙනවා. අධ්‍යාපනික වැඩකට ‍වගේ අවස්ථාවලට මුල් නිර්මාණයට සබැඳියක් (අන්තර්ජාල සන්දර්භයකදි) දාලා භාවිතා කලාට අවුලක් නැහැ. මොකද ඔබ කිව්වා වගේම මානවයාගේ දැනුම සමාජ යහපත වෙනුවෙන් වෙන්න ඕනෙ.

    නමුත් common decency එකට අපි මුල් නිර්මාණයට සබැඳියක් කිරීම හොඳයි. හුඟක් වෙලාවට නිර්මාණකරුවට අවශ්‍ය වෙන්නේ තමන්ගේ නිර්මාණය වෙනුවෙන් recognition එක. බ්ලොග්කරුවෙක් විදියට මට recognition එක දෙනවනම් මගේ නිර්මාණ පිටපත් කිරීමේ වැරැද්දක් නැහැ. මම හිතනවා ඒක අනිත් බ්ලොග් කරුවන්ටත් සමාන ඇති කියලා.

    නමුත් විශේෂ license එකක් අදාල කරලා තියෙනවනම් ඒ license එකට ගරු කිරීම අත්‍යවශ්‍යයි.

    ReplyDelete
  19. "*FOSS ව්‍යාපෘති වලට ආවඩමින් සයිබර් අවකාශයට හොඳ මුහුනක් පෙන්වන, එහෙත් තමන්ගේ කියාගන්නා දැනුමෙන් බිඳක් හෝ වෙනත් තැනක පලවූ පසු යුද්ධ ප්‍රකාශකරන කාඩ්බෝඩ් සයිබර් වීරයන්ගේ සැබෑ චරිත ලක්ශන හෙලි කිරීම."

    ඔබ ඉදිරිපත් කරන කරුණ ගැන එකඟ විය නොහැකියි. පහත සබැදියන් බැලුවොත් දැනට ලොකයේ නිදහස් මෘදුකාංග බොහොමයක් සඳහා ප්‍රකාශන අයිතිය ලබාදෙන GPL හා අනෙකුත් නිර්මාණ සඳහා ප්‍රකාශන අයිතිය ලබාදෙන CC හි කතෘ අයිතිය ගැන සඳහන්ව ඇති දේ බලාගන්න පුලුවන්.

    http://www.gnu.org/licenses/gpl-faq.html#IWantCredit

    http://wiki.creativecommons.org/Frequently_Asked_Questions#How_do_I_properly_attribute_a_Creative_Commons_licensed_work.3F

    ඒවගේ තියෙන හැට්යටනම් යම් කිසි නිර්මාණයක කතෘ ගැන නියම සඳහන් කිරීමක් විය යුතුයි. උදාහරණයක් විධියට CC හි දක්වන දේ බලන්න

    1.
    "All current CC licenses require that you attribute the original author(s). If the copyright holder has not specified any particular way to attribute them, this does not mean that you do not have to give attribution. It simply means that you will have to give attribution to the best of your ability with the information you do have. Generally speaking, this implies five things: "

    2.
    "Cite the author's name, screen name, user identification, etc. If you are publishing on the Internet, it is nice to link that name to the person's profile page, if such a page exists."

    නමුත් මේ ලිපි වලට විරොධය ඵල කළ බොහොදෙනෙක් ඉල්ලුවෙ නියම එක පමණක් දාන්න කියල විතරයි නේද? :)

    ReplyDelete
  20. "නමුත් මේ ලිපි වලට විරොධය ඵල කළ බොහොදෙනෙක් ඉල්ලුවෙ නියම එක පමණක් දාන්න කියල විතරයි නේද? :)" යන්න

    "නමුත් මේ ලිපි වලට විරොධය ඵල කළ බොහොදෙනෙක් ඉල්ලුවෙ නියම URL එක හා නම පමණක් දාන්න කියල විතරයි නේද? :)" ලෙස නිවැරදි විය යුතුය

    ReplyDelete
  21. @Kanishka | කණියා
    සින්ඩිකේටරයෙන් බ්ලොග් එක ඉවත්කර මහත්මයකු වන සැටි මතක් කිරීම පිලිබඳ ස්තුතියි. ඔබගේ මේ ක්‍රියාකලාපය දකින මට සිහිවන්නේ "කැළය මාරුවුනාට කොටියාගේ පුල්ලි මාරු නොවේ" කියන කතාවේ සර්වකාලීන වටිනාකමයි.

    @chamiladealwis.com
    අදහසට ස්තුතියි.

    "මේකට ලංකාව අයත් වෙන්නේ විශේෂ ගිවිසුමකට අත්සන් කරපු නිසා."
    මේක තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද අපගේ දැනුම සඳහා? මෙය තොරතුරු තාක්ශනය හා සම්බන්ධ නිර්මාණ සඳහා පමනක්ද? සියලුම නිර්මාණ සඳහාද?

    ReplyDelete
  22. ඌරන්ට සෞඛ්‍ය උගැන්වීමට යාම විහිළුවකි. ඔබ ඔබේ අසූචි කර්මාන්තය දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  23. රසික ~ හරියටම හරි.....

    ReplyDelete
  24. යහලුවා කොතනක වත් අපෙ දෙයක් නැහැ.. අපි කතා කරන වචන උනත් අපි හදාගත්තුවා නෙමෙනෙ..අපිත් කොපි තමයි කරන්නෙ.. එත් අපෙ මොලෙන්, අපෙ අත්දැකිම් වලින්..පොඩ්ඩක් එවට ඔබලා කතා කරන්නෙ.. කස්ටියම උබට විරුද්දයි..උබත් වැඩ වැඩි එකෙක් වෙන්න පුළුවන්..නමුත් හිතට එන වචන හතරක කවියක් හරි කමක් නැහැ උබෙ බ්ලොග් එකෙ දාපන්.. අපි ඇවිල්ලා කියවනවා.. පරිගණකයෙ ඇතුවු ගැටලුවකට අහම්බෙන් දැක්ක විසදුමක් හරි කමක් නැහැ දාපන් අපි ඇවිල්ලා කියනවා. එක එකා මිනිස්සුන්ට බැන්න එවයි..උබ ලින්ක් එක දාලා කතා කතා කරත් අනුන්ගෙ දෙයක්නෙ බන්..බොරුවට මිනිස්සුත් එක්ක බැනගෙන, වාද කරගෙන මුකුත් කරන්න බැහැ.. වාදය ඇතිවෙන තැනම අපි හැමොම පරාද වෙනවා.. උබ වෙනස් උනොත් උබත් එක්කත් ගොඩාක් අය ඉදියි...උබත් අපෙ මනුස්සයෙක්.. සිංහලෙන් මොනවා හරි ලියපන්....

    ReplyDelete
  25. "මුල් නිර්මාණය පැහැදිලිව බලාගැනීමට පහසුකම් සපයා දී වෙනත් තැනක පලකරන විටත්..."

    ඇත්තටම මේ දේ මුලින් වෙලා තිබුනේ නෑ නේද? මුලින්ම මේ බ්ලොග් එකේ තිබුනේ කොහෙන්ද ගත්තේ කියලා සඳහන් නොකර ඒ ලිපි පමණයි. පසුව source එක කෙලින්ම අඳුරගන්න බැරිවන සේ bit.ly වගේ සේවා මගින් කෙටි කරන ලද url පාවිච්චි කරලා තිබුනා. දැන් තමයි සම්පූර්ණ URL එක දාලා තියෙන්නේ.

    ReplyDelete
  26. තමුසෙ ලා වගේ අයට කියන්නේ හොරු කියලා.. අනේ හැබැට.. තොට ලැජ්ජ නැද්ද බන් කොපි ක‍රන්න... පුදුම කාළකණ්නියෙක්..

    ReplyDelete