skip to main |
skip to sidebar
http://lankanthoughts.blogspot.com/2009/07/unicode.html
ඊයේ ජාතික රූපවාහිනියේ නැණ පියස වැඩසටහනෙන් යුනිකෝඩ් (මේකට යුනිකේත කියලා වැරදි පරිවර්තනයක් දීලා කවුරුහරි පණ්ඩිතයෙක්. හරියට සර්වලෝක පූට්ටුව වගේ. ඒ නිසා මීට පස්සේ මම යුනිකෝඩ් කියලාම කියන්නම්.) ගැන කතා කළා. ICTA එකේ ලොකු මහත්තයත් පොර ටෝක් ටිකක් දෙනවා මම අහගෙන. ඒ අස්සේ එයා කියනවා ලංකාවේ සිංහල බ්ලොග්කරුවන් කියලා සංගමයකුත් හදාගෙනලු. එයාලා කියලත් නෙවෙයිලු ඒක වෙලා තියෙන්නේ. මාර වැඩේ. (එයා කියන්න ඕනියැ සංගමයක් හදාගන්න !!! ) ඒක නම් අපිට ආඩම්බරයක්. අපිත් ඒකේ සාමාජිකයෝ නේද කියලා. නිර්මාපකයෝ නොවුණත්. (මම දැන් ඒ තරම් ක්‍රියාකාරීව ඒකට දායක වුණේ නැති වුණත්.)
මයික්‍රොසොෆ්ට් සමාගම ලෝකයා වෙනුවෙන් කරපු ඉතාම වැදගත් මෙහෙයක් තමයි මේ යුනිකෝඩ් ක්‍රමය ප්‍රචලිත කිරීමට කටයුතු කිරීම. මේ ගොල්ලෝ මේක launch කරන එක ඉක්මන් කළේ තමන්ගේ ලෝක ආධිපත්‍යය කහවුරු කරගන්නයි. ඉංග්‍රීසියෙන් software තිබුණට ඒවා regional languages වලින් ඉදිරිපත් කළේ නැතිනම් තමන්ට ලෝකය ඉදරියේ පළමු තැන ගැනීම අපහසු බව ඔවුන් වටහා ගත්තා. ලෝකයේ ප්‍රධාන භාෂා වලට තම සමාගමේ වැදගත්ම software වල interface පරිවර්තනය කරන්නත් සියලුම භාෂාවන් වලට support කරන ආකාරයට එම software දියුණු කරන්නත් ඔවුන් පියවර ගත්තේ ඒ අනුවයි.
දෙමළ භාෂාව ඔවුන්ගේ මුල් අදියර වලදීම අවධානයට ලක්වුණා. MS Office 2000/වලත් දෙමළ වලට සහාය දැක්වුවා මතකයි මට.
සිංහල ප්‍රමාද වන්නට හේතුව වුණේ සිංහල වලට නිවැරදි යතුරු පුවරුවක් ඒ වන විට නොතිබීමයි. විවිධ font නිර්මාපකයන් විවිධ උපක්‍රම අනුගමනය කරමින් font layouts design කරලා තිබුණත් තරමක් හෝ පරිශීලකයාට පහසු වූයේ පැරණි විජේසේකර යතුරු පුවරුව follow කරලා හදපු ෆොන්ට්ස් විතරයි. අනික් ඒවා භාවිතයේදී අපිට තිබුණේ character map පිහිටම තමයි.
ඒ අස්සේ සමහර සමාගම් මේක අවස්ථාවක් කර ගත්තා පොඩි ගාණක් හොයගන්න. ඒ විජේසේකර යතුරු පුවරුව හුරු රජයේ සේවකයන් හා පුවත්පත් ආයතන වල සේවකයින්ට පරිගණක භාවිතා කිරීමට ලැබීමත් සමග. ඔවුන් ඉස්පිලි පාපිලි නිවැරදිව type වෙන විදියට develop කරපු පොඩි program එකක් දුන්නා pre-designed fonts pack එකක් එක්ක. මේක dongle එකක් හරහා print වෙන විදියට සකස් කළේ තමන්ගේ software එක හොරෙන් copy කර ගත්තට ඒකෙන් වැඩක් වෙන්නේ නැති වෙන්නයි. මේ software වලට ටික ටික spell checker, grammer checking වගේ facilities එකතු කරන්නත් කටයුතු කෙරුණා. හැබැයි දැන් මේ යුනිකෝඩ් කෙරුවාවෙන් කෙළින්ම පහර වදින්නේ ඔවුන්ට. වැඩේ ඒ තරම් සාධාරණ නොවුණත් මේ සමාගම් වලිනුත් සිංහල භාෂාව පරිගණක යුගයට රැගෙන යන්න සෑහෙන සේවයක් වුණා.
අපේ රටේ භාවිතා වන ලිඛිත භාෂා දෙක වන සිංහල හා දෙමළ යන දෙකම දැන් යුනිකෝඩ් වලට හැරවිලා අවසන්. සිංහල වගේ නොව දෙමළ රටවල් ගණනාවක භාවිතා වන නිසා දෙමළ භාෂාව මගේ දැනුමේ හැටියට ඉතා නිවැරදි ආකාරයට යුනිකෝඩ් වලට පරිවර්තනය කරලා තියෙනවා. ඒකත් හොඳයි. අපේ පණ්ඩිතයෝ ඒ වැඩෙත් කළා නම් සිංහල වලට වෙච්ච හානිය දෙමළ වලටත් වෙන්න තිබුණා.
ජේ.බී. දිසානායක පඬිතුමා මේ Sinhala Unicode කරන project එකට රිංගගෙන කරපු දේවල් වල ප්‍රතිඵල තමයි ඒ. එයා කරපු එකම වැඩේ [ඉලු], [ඉලූ] කියන අක්ෂර දෙක අයින් කරලා (මේ දෙක type කරලා පෙන්නන්නවත් බැරි ඒක අයින් කරලාම දාපු නිසයි. ලංකාවේ ඉස්කෝලෙකට ගියානම් පොඩි පන්ති වලදි දුන්න පොත්වල මිශ්‍ර සිංහල හෝඩිය බැලුවොත් හොයා ගන්න පුලුවන්.) ඒ කාලේ පුස්කොළ පොත් වල fullstop තියන්න ගියොත් ඉරෙන නිසා ඒ වෙනුවට භාවිතා කරපු කුණ්ඩලිය (෴ ) ලකුණ ඇතුලත් කරපු එක තමයි. අකුරු 1000 කටත් වැඩියෙන් තියෙන චීන, ජපන් හෝඩි වලටත් යුනිකෝඩ් වල ඉඩ ඇති වුණත් සිංහල හෝඩියේ සම්පූර්ණ අකුරු ටික දාගන්න බැරි වුණේ මේ පඬිතුමාගේ බූදලයෙන් මේ ඉඩ පිරිමහන්න ගිය නිසාද දන්නේ නෑ. ඒ මදිවට ගෙඩිය පිටින් අමු අමුවේ ඉස්සර type writer වලට use කරපු විජේසේකර යතුරු පුවරුව යුනිකෝඩ් වලට දාලා. (මේක පාවිච්චි කරන්න කියලා නිර්දේශ කරන්න මහාචාර්යවරු ඕනි යැ !) තව විනාශයක් තමයි බැඳි අකුරු වලට කරලා තියෙන්නෙත්.
දැන් keyboard එකේ විරාම ලක්ෂණ ගහන්න දහඅට වන්නම් නටන්නයි අපිට වෙලා තියෙන්නේ. ලෝකේ කොහේ ගියත් US keyboard එකක්ම පාවිච්චි වෙන නිසා අපේ ඔය ICTA පණ්ඩිතයන්ට තිබුණේ ඒ ටික වෙන තැන් වලට ඔබන්න තටමන්නේ නැතිව සිංහල අකුරු, ඉස්පිලි, පාපිලි ආදිය සුදුසු තැනකට යොදන්නයි. වැරදි දේ සම්මතයක් කළාම ඒක නිවැරදි කර ගන්න එක කොයිතරම් අමාරුද? UK keyboard එකේ වුණත් fullstop, comma වගේ මූලිකම ලක්ෂණ එහෙමම තියාගන්න උත්සාහ කරලා තියෙනවා සුලු වෙනස්කම් තිබුණත්.
තවත් ගැටලුවක් තමයි දැනට යුනිකෝඩ් fonts වල තිබෙන හිඟතාවය. මේකට නම් අපි හැමොම එකතු වෙන්න ඕන. fonts නිර්මාපකයන්ගෙන් අවසර ලැබෙනවනම් දැනට තිබෙන සාමාන්‍ය සිංහල fonts යුනිකෝඩ් වලට හැරවීමට සහය ලබා දෙන්න හුඟ දෙනෙක් කැමති වෙයි. එතකොට කෙටි කාලයකින් අපිට විශාල fonts සංඛ්‍යවක් Unicode compatible වලට convert කරලා ගන්න පුලුවන් වෙයි. ඒක desktop publishing හා graphic designing ක්ෂෙත්‍ර වලට
කොහොම වුණත් යුනිකෝඩ් කියන්නේ සිංහල භාෂාව අනාගතයට ගෙන යාමට විශාල පිටිවහලක් කරගත හැකි දෙයක්. ඒක නිසි විදියට පාවිච්චි කොට ප්‍රයෝජන ගැනීමත් අපේ යුතුකමක්.
යුනකෝඩ් ගැන විස්තර ගන්න මේ links බලන්න.
http://locallanguages.lk
http://www.kaputa.com/sinhalaunicode/
http://www.spot.lk/fonts.html
දැනට අපි දන්න සියලුම යුනිකෝඩ් fonts මෙතනින් ගන්න පුලුවන්…
http://www.wazu.jp/gallery/Fonts_Sinhala.html
Real-time converter එකකට නම් ,
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
http://makabaas.blogspot.com/2009/01/blog-post.html
නලින් ද සිල්වාට අනුව සිරසට පහර දුන්නේ සිරසෙම කට්ටිය නොව බටහිරයෝය. ලසන්ත මරා දැම්මේද බටහිරයෝය. නලින් දන්නා පරිදි බටහිරයෝ මීට පෙරද මෙවැනීම වු පාතාල වැඩ කර තිබේ. උන්ගේ ඒකායන අදිටන මෙවැනි අසමජ්ජාති වැඩ වලින් ආන්ඩුව අපකීර්තියට පත්කීරීමය.
සිල්වා කියන මේ කතන්දරය ඈත්තක් නම්, එය ඔප්පු කීරීම මහලොකු කාරියක් නොවේ. පොලිසිය සහ අනෙකුත් අපරාධ මැඩලීමෙහි සමත් නොයෙකුත් දෙපාර්තුමේන්තු යොදවා බටහිරයන් සහ උන්ගෙ ඒජන්තයින් මෙම අපරාධ වලට වග කිවයුතු බව මැනවින් ඔප්පු කිරීම කජු කනවාක් මෙන් ලෙහෙසි වැඩක් විය යුතුය. ආන්ඩුවට තරම් වෙනත් කිසිවෙකුටත් එවැනි කාර්යයක් සඳහා අවශ්‍ය සම්පත් නැත. බටහිරයන්ගේ ඒජන්තයින් සිරගෙරට යවා එමගින් ආන්ඩුවට තම නම පිරිසුදු කරගැනීමටද හැකිවේ. මේ අප කාහටත් පෙනෙන තර්කානුකුල යතාර්තයයි. නමුත් සැබෑ තත්වය මීට වෙනස් බව අපට පෙනේ. පොලීසිය පසුගියදා අධිකරනයෙන් අම්බානකට අහගත් බව අපි දනිමු. ඒ පරීක්ෂන වෙන දිසාවකට යොමු කීරිමේ අදහසින් කෙරෙන අත් අඩංගුවට ගැනීම් නිසාය. ඒ අතරම මහින්දත් අනෙක් ඇමතියෝත් තම නැණ පමනින් මත පල කරති. එහෙත් ඒ කිසිවෙකුටත් බටහිරයන් අල්ලා දීමේ උවමනාවක් නැති හැඩය.
ගොන් කතා කීමට බලපත් අවශ්‍ය නොවන නමුත්, එනිසාම සීමාවක් නැතිව ගොන් කතා කීම කවුරුන් වුවද නොකලයුතුය යන්න අපගේ මැදහත් විශ්වාසයයි. සිල්වා ඇතුලු පිරිවර සිතනුයේ මෙරට වැසියන් මීහරක් කියාදැයි අපි නොදනිමු. සිල්වා සහ ඔහුගේ ගං කබරයින් රැලට පොඩි අභියෝගයක් කරන්නට අපට සිතේ. හැකිනම් ක්වොන්ටම්, ස්ට්‍රින්ග් තියරි හෝ වෙනත් ඕනැම සෙප්පඩ විජ්ජාවක් උපයෝගී කරගෙන, නිකම් දෙකයි පනහෙ තියරී නොදා, බටහිරයන් මේ අපරාධ වලට වග කිවයුතු බව පෙන්විය හැකිද?
http://makabaas.blogspot.com/2009/03/blog-post.html
මැටි පාන් චන්දරේ (හෙවත් හරක් චන්ද්‍ර ): ආ ඔය කවුරු බ්ලොග් ලිව්වත් අපිට ලොකු නැහැ අරිද... මට නං පේන්නේ මේ අසංසදයේ කොල්ලොයි බල්ලොයි ඔක්කොම බ්ලොග් ලියන්න අරං. අපිට කිසි තත්වයක් නැහැනේ අපි අයි.ටී කැම්පස් වෙලත්. ගූගල් සමූහයෙ බ්ලොග් නොලියන එවුනුත් ඉන්නව.....
ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ඈ යකෝ? මේ හලෝ , ඔය බ්ලොග් නැති අපතයන්ට තමා කමෙන්ට් දාන්න කෑල්ලක් තියෙන්නේ. අපි වගේ වැදගත් බුවාලටයි අසංසදය තියෙන්නේ. එනව මෙතන..මේක පිටකොටුව කියල හිතාගෙනද දන්නෙ නැ ඉන්නේ.....
ඤතුර චොප්පෙ: මොකා? යකෝ මැටි පාන්, නිකං පීචං වැඩ කරන්න එපා මටත් බ්ලොග් එකක් නැහැනෙ . ඒත් මම උඹලටම ගොට්ට අල්ලං ඉන්නවනෙ.....
ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ආ නැහැ , උඹ අපේ එකෙක් නෙ, අපි කියන්නේ උඹ ඇර අනිත් බ්ලොග් නැති ලපයි සිපයි ටික ගැන..
මැටි පාන් චන්දරේ: යකෝ ඤ්තුර උඹ තමයි හැම එකක් මැදටම පැනල මට පොර වෙන්න තියෙන අවස්තාවල් නැති කරන්නේ. මේකෙ අපි වගෙ ක්ලාස් එකක් තියෙන එවුං වැඩිය නැහැනේ..වැඩිය ඉන්නෙ රස්තියාදු කාරයෝ.
අම්බලං කොන්ඩයා: යකෝ අදහස් ප්‍රකාශනය ගැන මොන මොන බයිල ගැහුවත්, බ්ලොක් සයිට් ඇඩ් ඔන් වගේ එව්ව දාල මම නම් මම අකමැති ඔක්කොම බ්ලොග් බ්ලොක් කරල තියෙන්නේ.... ඔක්කොම බ්ලොක් කරාම මාර ආතල්..ඇයි මගෙ බ්ලොග් එක විතරයි නෙ බලන්නෙ..මට විරුද්ද බ්ලොග් එකක්වත් මට පේන්නේ නැහැ....
මැටි පාන් චන්දරේ: ෂා මරු බන්, අපි මේ වගෙ ප්‍රජතාන්ත්‍රික ඇඩ් ඔන් තව තව ප්‍රචලිත කරන්න ඔනේ..මොකද දැන් අපේ ෆ්ලොවර්ස් ල අඩු වෙනව දැන් මේ අලුත් ලපයි සිපයි ලියන්න ගත්තට පස්සෙ...
අම්බලං කොන්ඩයා: ඔව් ඔව්..පලවෙනි පියවර බ්ලොක් කරල අපි බලන්නෙ නැහැ..දෙවැනි පියවර බ්ලොග් තහනම් කිරීම..අනිත් එවුන්ටත් බලන්න බැහැ.. එව්වට නීති රීති ගෙනාවනං හරි...මොකද බං මෙහෙම අනිත් එවුං ලියනකොට නිකංම අපි පීචං...
මැටි පාන් චන්දරේ: අපි දන්නේ අයි ටී විතරයි කියල පේන්නේ මේ රස්තියදුකාරයෝ එක එක මල ඉලවු ලියන හින්දනේ...
දනිස්ස: මේකෙ ස්පැම් කරන අයත් වැඩි වෙනවා, මට ලඟදි බලෙන් බූන්දි කවල හොඳටම බඩ ගියා...
කූඹියා: අපි බලෙන් කැව්වෙ නැහැ..නිකං අපහාස කරන්න එපා...
අම්බලං කොන්ඩයා: යකෝ කට වහපිය!! මෙතන අපහාස, සයිට් බ්ලොක් කිරීම ප්‍රචලිත කරන ඒව ගැන කතාකරන්න කලින් ස්පෑම් කිරීමේ සදාචාරය ගැන කතා කරමුද?? මුං දන්නේ නෑ ස්පෑම් කියන්නේ අදස් ප්‍රකාශනයට බාදාවක් කියල..
ගල්බනිස් සදාචාර: මේ අයියලා, මේකේ අර ඇම්ඩන් කතා ලියන්න ආපු එකාගෙ පිහිටෙන් වත් මොන මොනව හරි නීති ටිකක් ගේන්න බැරි වෙයිද හෑ?? මේකෙ ලමයි ඉන්නව කියලවත් ඔය අලුතෙන් ලියන එව්වෝ නවත්ත ගන්න බැරි වෙයිද හෑ???
ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ඔව් ඈ! මේ වගෙ පහත් ආසාවල් තියෙන එවුන් මේකට එනවෝ කියලවත් බලමුද ඈ??ඒ වුනාට බන් ඔය ආසාවල් මටත් තියෙනව බං..
අම්බලං කොන්ඩයා: මම නං මාර ආතල් වැඩක් කලා හිට්ස් ගාන වැඩි කරගන්න.. දැම්ම ගෙදර තිබිච්ච බළල් කුණ බ්ලොග් එකේ.. මාරායි බං.. හිට්ස් 600 පැන්න..
මැටි පාන් චන්දරේ: මමත් බ්ලොග් එකට අලුත් තීම් එකක් දාල, පාට ටිකක් ගාලා වත් බලනව..
අම්බලං කොන්ඩයා: අදහස් ප්‍රකාශනයේ අයිතිය වගේ නොතේරෙන මල ඉලවු නෙමේ ..මේක කොන්ට්‍රොල් කරගෙන ..පුලුවන්තරං සයිට් බ්ලොක් කරන හැටි ප්‍රචලිත කරමු..ඒත් අපේ ඒව ඇර..
මැටි පාන් චන්දරේ: හික් හික්..ඔව්..ප්‍රකාසනේ නිදහස යකාට ගිය දෙං ...මේක රස්තියාදුකාරයින්ගෙං බේරාගනිමු කියල වැඩට බහිමු..
http://ar-si.blogspot.com/2008/06/blog-post_09.html
Internet යන්නට අන්තර්ජාලය කියා නො යොදන කෙනෙක් බේතකට වත් සොයා ගන්නට අපහසුයි. නමුත් "අන්තර්" හෝ "ජාලය" යනු නො මුසු හෙළ වදන් නො වේ.
සකු වදන මෙන්ම හෙළ වදන ද එකසේ ගැටළුවකින් තොර ව යොදන වාර එමටයි. මේ උදාහරණ බලන්න:
ප්‍රවෘත්තිය = පුවත
දන්ත ධාතු මන්දිරය = දළ දා මැදුර
අමාත්‍ය මණ්ඩලය = ඇමති මඬුල්ල
සප්ත කූඨ පර්වතය = සත් කුළු පව්ව
චූඩා මාණික්‍යය = සිළුමිණ
චින්තා මාණික්‍යය = සිතුමිණ
මෙලෙස එකම තේරුම ඇති වදන් දෙකක් හෝ වැඩි ගනනක් හෝ තිබීම ගැටළුවක් නො වන බව පෙනේ.
Internet යන්නට ගැළපෙන හෙළ වදන සෙවීමේදී "inter" හා "net" ලෙස කඩා ගනිමු.
"Inter" යන්න අතරෙහි යන අරුත් දේ. මේ නිසා එයට "අතුරු" කියා යෙදිය හැක. මෙහි "අ" යන්න ලොප් වීමෙන් වදනෙහි තේරුම වෙනස් නො වේ. උදා: සුභාෂිතයේ "රුදුරු ගිනි කඳක් ගත් සඳෙහි වන තුරු" යන්නෙහි, "වන තුරු" යනු "වන අතුරු", එනම් වනාන්තරයෙහි (වන + අන්තරයෙහි) යන්නයි.
සිදත් සඟරාවේ නම වැනි වියරණ විදිය වන ලොප් වීම යෙදෙන මෙවැනි තැන් බහුලයි. සැළලිහිණි සඳෙසේ "අයිරා දහස් දිළි දුනු කොත් සිපත් ගෙන" යන්නෙහි "සිපත්" යනු "අසිපත්" වලටයි.
මේ අනුව, "Internet" යන්නට සුදුසු හෙළ වදන "තුරුදැල" ලෙස ඊලියන් ද සිල්වා සූරීන් ගේ යෝජනාව මෙසේ තිර කරමි.
http://danishkanavin.blogspot.com/2009/08/manage-your-proxies-with-foxyproxy.html
If you have more than one proxy to access outside networks, Use FoxyProxy.
FoxyProxy is an advanced proxy management tool that completely replaces Firefox's limited proxying capabilities. It offers more features than SwitchProxy, ProxyButton, QuickProxy, xyzproxy, ProxyTex, TorButton, etc.
FoxyProxy support for Firefox 2.0 to 3.6pre
http://makabaas.blogspot.com/2009/01/blog-post_23.html
ගිතයක් සාර්තක වීමෙහිලා එක් ප්‍රධාන සාධකයක් වන්නේ එකී ගිතයේ ගේය පද රචනයයි. සරල වුද, මටසිලිටි වුද අර්තයෙන් පරිපුර්ණ වුද, ව්‍යාන්ගාර්තයෙන් සහ කවීත්වයෙන් රසගැන්වුනු ගීත ඔනෑ තරම්ය. එනමුත් එවනි ගීත සුලබවු නිසාම ඒවා නිර්මානය කීරීම හැම බයියෙකුටම ආවාට ගියාට කල හැක්කක් නොවේ. ජ්විපෙ වෙනුවෙන් ගී ගැයු නන්දා ගේ " ආලය වන්, මනරම්" ගීතයේ ගේය පද මීට හොඳ නිදසුනකි. යු එන් පී වේදිකාවෙ ගී ගැයු වික්ටර්, රුකාන්ත වැනි ප්‍රවීනයන්ගේද එවැනීමවූ සුකොමල භාෂා රසයෙන්ද කවීත්වයෙන්ද අනූනවු ගීත බොහෝය. තවත් ගායකයින් සීයක් හමාරක් මේ ගොන්නට දා නම් කල හැක. මින් අදහස් වන්නේ හැම ගීතයක්ම එකසේ අප හද ඇඳ බැඳ ගන්නා ආකාරයේ ගීත වීම අනිවාර්ය විය යුතු බව නොව, යම් ප්‍රමිතියක්, ගේය පද සහ සංගීතයේ සුසංයෝගයක්, යම් එන්ද්‍රියව බැඳුනු ශික්ෂණයක් ගීතයක තිබිය යුතු බවයි.
යූ ටියුබයෙහි සරන අප හට අහම්බෙන් මෙන් ගුරුගේ කෙනෙක් කියන සිංදුවක් අසන්නට ලැබීම පෙර කල පාප කර්මයක ප්‍රතිපලයක් බව වැඩිකල් යන්නට මත්තෙන් අපට වැටහින. සිංදුව මනාව රසවිදින්නට ඇස් පියාගත යුතුබවද විඩියෝ එකෙහි සටහන් විය. ප්‍රධාන අඩුව වුයේ සිංදුවේ ඇති ගේය පද වල තිබූ කාව්‍ය නොවන ගොරහැඩි, දල, කර්කශ ස්වභාවයයි. සුගම, සුනම්‍ය පද රචනයකින් තොර, නිර්මානත්මක ද්‍රරිද්‍රතාවයකින් පෙලුනු එම ගීතය කනට "ලාවා" වක්කරන්නාක් මෙන් විය. ඊට අමතරව එහි නාද රටාද බටහිර ගීතයකින් කොපි කර තිබු බවක් හැගින.
ශිෂ්ඨාචරේ මිනිහා ....ශිෂ්ඨාචරේ ගෑනී...කියා පටන් ගන්නා මේ බහුභුත සිංදුව, එකම ජෝක් එකක් වී අපගේ කොමඩි රසය නම් දෙගුන තෙගුන කලේය.
ගීතයක් යනු සුභාවිත ගේය පද වලින් පිරිපුන්, නාද ශික්ෂනයෙන් අලංකාරවූ නිර්මනාත්මක එලිදැක්වීමකි. රැවුල් වවාගත් පලියට, වැද්දෙක් මෙන් කොන්ඩය නාභිය තෙක් විහිදාගෙන ගැහැනුත් නොවන පිරිමිත් නොවන කටහඬකින් විකාර කීමෙන් අපිට ජෝක් වෙනවා හැරෙන්නට, තම නොදනුවත් කමත් මනාවට එලිපිට ප්‍රදර්ශනය කීරිම ගැන මේ ජෝකර්ලාට ස්තුතිවන්ත වියයුතුය.
ගේය පද රචනය යනු හැම පඟරනැට්ටෙකුටම කල හැකි කෙරුවාවක් නොවන බව මේ බයියන් වටහා ගන්නේනම් කාගේත් යහපතට හේතුවන බව අපේ නොමඳ විශ්වාශයයි. මෙවැනි බයියන් පසු පස යන රසිකයන්ට කිවයුත්තේ උන්ගේ පශ්චාත්භාග වලින් කලාව වින්දනය කල යුගය අවසන් කරන්නට කාලය සපැමින ඇති බවයි.
http://blog.budhajeewa.com/?p=306
මම මේ කියන්න හදන්නේ ටයිටැනික් නෞකා අනතුර ගැන Discovery නාලිකාවේ විකාශනය වුනු වැඩසටහනක් ගැන. “Titanic – Untold Stories” නම් වන මෙම මෙම වැඩසටහනේදී සිදුවෙන්නේ ටයිටැනික් ඛේදාන්‍තයට හේතු සාධක වුනු තාක්‍ෂණික දේශගුණ සාධක ගැන සාකච්ඡා කරනවා වෙනුවට, නෞකාව ආශ්‍රිතව කිමිදී පර්යේෂණ කරනා කණ්ඩායමක සොයාගැනීම් සහ නෞකා අනතුරින් දිවි ගලවාගත්තවුන්ගේ තොරතුරු මත එහි ගමන් කළ මිනිසුන් තම අවසන් අවස්ථාවට මුහුණ දුන් ආකාරය ගැන සොයා බැලීමක්.
ටයිටැනික් නෞකාව අයිස් කන්දේ හැපෙන්නට දෙපැයකට පමණ පෙර වෙනත් නෞකාවකින් ලැබුනු අනතුරු හැඟවීමේ පණිවුඩය, ටයිටැනික් ගුවන් විදුලි යන්ත්‍ර කියා කරවන්නන් විසින් නොසලකා හැරීම මෙම මහා මනුෂ්‍ය ජීවිත හානියට හේතු වුනු බවත් මෙහි සඳහන් වෙනවා.
ටයිටැනික් අනතුර දිහා තාක්‍ෂණික ඇසකින් බැහැරව බලන්න කැමති නම් ඔබටත් මෙය බලන්න පුළුවන්.
ටොරන්ටය බාගන්න: http://www.mininova.org/tor/597732
http://blog.budhajeewa.com/?p=781
පහුගිය දවස් කිහිපය තුළ සිංහල බ්ලොග් කිහිපයක අප විසින් “සමරණ” දින ගැන සංවාදයක් ගොඩ නැගිලා තිබ්බා. ඒවායේ ගොඩනැගුනු සංවාද අනුව පැහැදිළි වුනු කරුණ තමයි ලංකාව තුළ නොයෙක් නොයෙක් පාර්ශව විසින් සැමරීමට” යොමුවන්නේ ඔවුන්ට හොඳට මාර්කට් කරන්න පුළුවන් වර්ගයේ “දින” සෙට් එකක් කියන එක.
මේ වගේ ඔවුන්ට මාර්කට් කරන්න බැරි “දින” ගැන අපි දන්නෙත් නෑ. මේ වගේ එකක් ගැන මට අද දැනගන්න ලැබුනේ Mashable හි පළවු “Pi Day: Google Doodle Celebrates Math Nerds Everywhere” නම් ලිපිය හරහායි.
පයි දිනය ලෙස අද සමරන්න හේතුව තමයි π හි අගය වන 3.141592654… හි මුල් ඉලක්කම් තුනෙන් දැක්වෙන 3.14 යන්න තුන්වැනි මාසයේ දහහතරවන දිනය යන්නට සම්බන්ධ කර ගත හැකි වීම.
අද වෙනකන් මෙහෙම දිනයක් තියනවා කියන එක මම දැනන් හිටියෙ නෑ. අඩු තරමේ අපේ ගණිත ගුරුවරයකුගේ කටින්වත් මේ ගැන නිකමටවත් කියවුනේ නැහැ.
මට මතු කරන්න ඕනෑ කාරණාව වන්නේ බටහිර විසින් සමරණ සෑම දිනයක්ම අප විසින් සැමරිය යුතුය යන්න නොවේ. බටහිරින් නොව කොයි දෙසින් උව අප ළඟා කරගත යුත්තේ යම් වටිනාකමක් තිබෙන දේවල්. නොවටිනා දේවල් රැසක් ලං කරගෙන සිටින අපට ඇයි අඩු තරමේ මේක ගන්න බැරි වුනේ?
පයි දිනය ගැන වැඩිදුර තොරතුරු:
http://piday.org/
http://en.wikipedia.org/wiki/Pi_Day
http://makabaas.blogspot.com/2009/05/facebook.html
ෆේස් බුක් ගැන නන් දොඩඩවන්නෝ බොහොමයක් අහවල් ඇප්ලිකේශන් එක නිසා උන්ට සිදුවන දහසකුත් එකක් අමාරුකම් කියාපාති. අහවල් ෆීචර් එක , අහවල් ලබ්බ නිසා සිදුවු අලකලංචි ආදි නොයෙකුත් අටානුවක් බුක් රෝග, බුක් කේස්, බුක් හබක් ගැන ලියන දොඩවන දුහුනන් අප්‍රමාණය.
මෙහි නොකියවෙන වෙනත් පැත්තක්ද තිබේ. ඒ පුද්ගලිකත්වය පිලිබඳ ප්‍රශ්නයයි.පුද්ගලිකත්වය (අනන්‍යතාව -Identity) සොරාගැනීම අලුත් දෙයක් නොවෙනවා සේම තම පුද්ගලිකත්වය හෝල් සේල් තොරොම්බල් කර ඇනගත් අයම ඒ ගැන බොලොග් ද ලියති!
අපේ අවධානය මේ පුද්ගලිකත්වය පිලිබඳ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගැන නොවේ.
SOCIAL NETWORKING හෙවත් සමාජ ජාලනය යනුවෙන් හැදින්වෙන මේ ආකාරයේ ක්‍රියාවකට පෙලඹෙන්නේ එහි ඇති නොයෙකුත් වාසි නිසා බව කීමට සැදි පැහැදී සිටින ගනන අති විශාලය. මිතුරන් 6000ක් තරම් ඇති අයද මෙහි සිටිති. මේ මිතුරන් සැබෑ මිතුරන්ද යන පැනය දැනටමත් මතු වී තිබේ. අප නම් මිතුරන් යනුවෙන් හඳුන්වන්නේ අප සමග සැඳෑවක එක්වී දෙකක් දාගන්නට, අප සමඟ ජීවිතය දේශපාලනය, කලාව ගැන සංවාද කරන්නට වේලාව තිබෙන අයයි. ඒ අය නම් අතේ ඇඟිලි වලින් ගනින්නට පුලුවන් තරමේ සංඛ්‍යාවකි.එහෙත් ඒ අපටය. අප වැනි කඩප්පුලි, මගෝඩි, බ්ලොග් අවකාශය පවා බොග අවකාශයක් කරනවායයි චෝදනා එල්ලවූ එව්වන් මෙන් නොව යහපත් ROLE MODEL CITIZEN ලා මිත්‍රත්වය මනින්නේ කෙසේදැයි අපි නොදනිමු. මානව විද්‍යාඥයින්ගේ මතය නම් අප පරිනාමය වුයේ කුඩා කාණ්ඩායම් ලෙස බැවින් නිශ්චිත කාල සීමාවක් තුල සාමාජීය ඇඳුනුම්කම් (SOCIAL CONTACTS) වල උපරිම සීමාව 50-100 ත් අතර වන බවයි. ඒ නයින් බලන කල අනෙකුත් "මිතුරන්" අවසේශ ඕපදුප එකතු කරන්නන් ගණයට දැමීම වඩා ඥනාන්විතය.
ෆේස් බුක් කෙළියෙන් සංසිදුවන සැබෑ අවශ්‍යතාවය නම් "ප්‍රදර්ශන කාමය" (Exhibitionism) වැනි එකක් බව අපේ වැටහීමයි. අප මෙහි ප්‍රදර්ශන කාමය යන වදන යොදන්නේ ඩෙස්මන්ඩ් මොරිස් යෙදු ජීව විද්‍යාත්මක රාමුව තුල නොව වඩා පුලුල් " SHOW OFF" යන අරුතින් බව කිව මනාය. මේ "හ-බුක්" පොතේ පින්තූර වලින් පෙන්වන්නේ ෆිට් පොරවල්ය. පින්තූර ප්‍රොෆෙශනල් ලෙවල්ය. පුද්ගලික තොරතුරු කිරි ගහට ඇන්නාසේය. පොඩි කොස්සක්වත් නැත. ලියා ඇත්තේම පරම්පරා ගනනකට ආඩම්බර වියහැකි පැටිකිරියකි. පැංච කාලේ පින්තුර "හරි ස්වීට්" ය. කොල්ලා කාලේ පින්තූර "හැන්සම්"ය. ෆැන් ක්ලබ් එකේ "ෆෙරාරි" මෙන්ම "චේ"ද සිටී (විප්ලවයට යන්නේ ෆෙරාරි එකේ විය යුතුය ) ජොබ් එක මාර ආතල් එකකි. ජීවිතය රෝස මල් යහනාවකි. ඉතුරු -මිතුරු කැල තුසිතයෙන් බට සුරඟනුන් මෙනි. ෆැන්ටසිය යථාර්තයෙන් වෙන් කරගැනීමට නොහැකිය. "මම" උපරිමයෙන් මාකට් වෙයි. බොරු පනහක් හැටක් දැම්මාට ඒවා බොරුමද යන්න පවා හරියටම නිශ්චය කරගත නොහැක. මම "මම" මාකට් කරන අතරම ලොකු ලොකු කොම්පනි බොරු අයි.ඩී ඔස්සේ උංගේ බඩු හා සේවා මාකට් කරති. අන්දන්නේ කවුද අඳින්නේ කවුද යන්න පවා අපැහැදිලි, බොඳවූ ෆැන්ටසියේම කොටසක් වැන්න.