Wednesday, March 31, 2010

අසංසදයේ මහා සභා රැස්වීම සහ ප්‍රකාශනයේ නිදහස...

http://makabaas.blogspot.com/2009/03/blog-post.html


මැටි පාන් චන්දරේ (හෙවත් හරක් චන්ද්‍ර ): ආ ඔය කවුරු බ්ලොග් ලිව්වත් අපිට ලොකු නැහැ අරිද... මට නං පේන්නේ මේ අසංසදයේ කොල්ලොයි බල්ලොයි ඔක්කොම බ්ලොග් ලියන්න අරං. අපිට කිසි තත්වයක් නැහැනේ අපි අයි.ටී කැම්පස් වෙලත්. ගූගල් සමූහයෙ බ්ලොග් නොලියන එවුනුත් ඉන්නව.....


ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ඈ යකෝ? මේ හලෝ , ඔය බ්ලොග් නැති අපතයන්ට තමා කමෙන්ට් දාන්න කෑල්ලක් තියෙන්නේ. අපි වගේ වැදගත් බුවාලටයි අසංසදය තියෙන්නේ. එනව මෙතන..මේක පිටකොටුව කියල හිතාගෙනද දන්නෙ නැ ඉන්නේ.....


ඤතුර චොප්පෙ: මොකා? යකෝ මැටි පාන්, නිකං පීචං වැඩ කරන්න එපා මටත් බ්ලොග් එකක් නැහැනෙ . ඒත් මම උඹලටම ගොට්ට අල්ලං ඉන්නවනෙ.....


ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ආ නැහැ , උඹ අපේ එකෙක් නෙ, අපි කියන්නේ උඹ ඇර අනිත් බ්ලොග් නැති ලපයි සිපයි ටික ගැන..


මැටි පාන් චන්දරේ: යකෝ ඤ්තුර උඹ තමයි හැම එකක් මැදටම පැනල මට පොර වෙන්න තියෙන අවස්තාවල් නැති කරන්නේ. මේකෙ අපි වගෙ ක්ලාස් එකක් තියෙන එවුං වැඩිය නැහැනේ..වැඩිය ඉන්නෙ රස්තියාදු කාරයෝ.


අම්බලං කොන්ඩයා: යකෝ අදහස් ප්‍රකාශනය ගැන මොන මොන බයිල ගැහුවත්, බ්ලොක් සයිට් ඇඩ් ඔන් වගේ එව්ව දාල මම නම් මම අකමැති ඔක්කොම බ්ලොග් බ්ලොක් කරල තියෙන්නේ.... ඔක්කොම බ්ලොක් කරාම මාර ආතල්..ඇයි මගෙ බ්ලොග් එක විතරයි නෙ බලන්නෙ..මට විරුද්ද බ්ලොග් එකක්වත් මට පේන්නේ නැහැ....


මැටි පාන් චන්දරේ: ෂා මරු බන්, අපි මේ වගෙ ප්‍රජතාන්ත්‍රික ඇඩ් ඔන් තව තව ප්‍රචලිත කරන්න ඔනේ..මොකද දැන් අපේ ෆ්ලොවර්ස් ල අඩු වෙනව දැන් මේ අලුත් ලපයි සිපයි ලියන්න ගත්තට පස්සෙ...


අම්බලං කොන්ඩයා: ඔව් ඔව්..පලවෙනි පියවර බ්ලොක් කරල අපි බලන්නෙ නැහැ..දෙවැනි පියවර බ්ලොග් තහනම් කිරීම..අනිත් එවුන්ටත් බලන්න බැහැ.. එව්වට නීති රීති ගෙනාවනං හරි...මොකද බං මෙහෙම අනිත් එවුං ලියනකොට නිකංම අපි පීචං...


මැටි පාන් චන්දරේ: අපි දන්නේ අයි ටී විතරයි කියල පේන්නේ මේ රස්තියදුකාරයෝ එක එක මල ඉලවු ලියන හින්දනේ...


දනිස්ස: මේකෙ ස්පැම් කරන අයත් වැඩි වෙනවා, මට ලඟදි බලෙන් බූන්දි කවල හොඳටම බඩ ගියා...


කූඹියා: අපි බලෙන් කැව්වෙ නැහැ..නිකං අපහාස කරන්න එපා...


අම්බලං කොන්ඩයා: යකෝ කට වහපිය!! මෙතන අපහාස, සයිට් බ්ලොක් කිරීම ප්‍රචලිත කරන ඒව ගැන කතාකරන්න කලින් ස්පෑම් කිරීමේ සදාචාරය ගැන කතා කරමුද?? මුං දන්නේ නෑ ස්පෑම් කියන්නේ අදස් ප්‍රකාශනයට බාදාවක් කියල..


ගල්බනිස් සදාචාර: මේ අයියලා, මේකේ අර ඇම්ඩන් කතා ලියන්න ආපු එකාගෙ පිහිටෙන් වත් මොන මොනව හරි නීති ටිකක් ගේන්න බැරි වෙයිද හෑ?? මේකෙ ලමයි ඉන්නව කියලවත් ඔය අලුතෙන් ලියන එව්වෝ නවත්ත ගන්න බැරි වෙයිද හෑ???


ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ඔව් ඈ! මේ වගෙ පහත් ආසාවල් තියෙන එවුන් මේකට එනවෝ කියලවත් බලමුද ඈ??ඒ වුනාට බන් ඔය ආසාවල් මටත් තියෙනව බං..


අම්බලං කොන්ඩයා: මම නං මාර ආතල් වැඩක් කලා හිට්ස් ගාන වැඩි කරගන්න.. දැම්ම ගෙදර තිබිච්ච බළල් කුණ බ්ලොග් එකේ.. මාරායි බං.. හිට්ස් 600 පැන්න..


මැටි පාන් චන්දරේ: මමත් බ්ලොග් එකට අලුත් තීම් එකක් දාල, පාට ටිකක් ගාලා වත් බලනව..


අම්බලං කොන්ඩයා: අදහස් ප්‍රකාශනයේ අයිතිය වගේ නොතේරෙන මල ඉලවු නෙමේ ..මේක කොන්ට්‍රොල් කරගෙන ..පුලුවන්තරං සයිට් බ්ලොක් කරන හැටි ප්‍රචලිත කරමු..ඒත් අපේ ඒව ඇර..


මැටි පාන් චන්දරේ: හික් හික්..ඔව්..ප්‍රකාසනේ නිදහස යකාට ගිය දෙං ...මේක රස්තියාදුකාරයින්ගෙං බේරාගනිමු කියල වැඩට බහිමු..

Tuesday, March 30, 2010

Internet = තුරුදැල

http://ar-si.blogspot.com/2008/06/blog-post_09.html


Internet යන්නට අන්තර්ජාලය කියා නො යොදන කෙනෙක් බේතකට වත් සොයා ගන්නට අපහසුයි. නමුත් "අන්තර්" හෝ "ජාලය" යනු නො මුසු හෙළ වදන් නො වේ.


සකු වදන මෙන්ම හෙළ වදන ද එකසේ ගැටළුවකින් තොර ව යොදන වාර එමටයි. මේ උදාහරණ බලන්න:


ප්‍රවෘත්තිය = පුවත
දන්ත ධාතු මන්දිරය = දළ දා මැදුර
අමාත්‍ය මණ්ඩලය = ඇමති මඬුල්ල
සප්ත කූඨ පර්වතය = සත් කුළු පව්ව
චූඩා මාණික්‍යය = සිළුමිණ
චින්තා මාණික්‍යය = සිතුමිණ
මෙලෙස එකම තේරුම ඇති වදන් දෙකක් හෝ වැඩි ගනනක් හෝ තිබීම ගැටළුවක් නො වන බව පෙනේ.


Internet යන්නට ගැළපෙන හෙළ වදන සෙවීමේදී "inter" හා "net" ලෙස කඩා ගනිමු.


"Inter" යන්න අතරෙහි යන අරුත් දේ. මේ නිසා එයට "අතුරු" කියා යෙදිය හැක. මෙහි "අ" යන්න ලොප් වීමෙන් වදනෙහි තේරුම වෙනස් නො වේ. උදා: සුභාෂිතයේ "රුදුරු ගිනි කඳක් ගත් සඳෙහි වන තුරු" යන්නෙහි, "වන තුරු" යනු "වන අතුරු", එනම් වනාන්තරයෙහි (වන + අන්තරයෙහි) යන්නයි.


සිදත් සඟරාවේ නම වැනි වියරණ විදිය වන ලොප් වීම යෙදෙන මෙවැනි තැන් බහුලයි. සැළලිහිණි සඳෙසේ "අයිරා දහස් දිළි දුනු කොත් සිපත් ගෙන" යන්නෙහි "සිපත්" යනු "අසිපත්" වලටයි.


මේ අනුව, "Internet" යන්නට සුදුසු හෙළ වදන "තුරුදැල" ලෙස ඊලියන් ද සිල්වා සූරීන් ගේ යෝජනාව මෙසේ තිර කරමි.

Manage your proxies with FoxyProxy

http://danishkanavin.blogspot.com/2009/08/manage-your-proxies-with-foxyproxy.html


If you have more than one proxy to access outside networks, Use FoxyProxy.


FoxyProxy is an advanced proxy management tool that completely replaces Firefox's limited proxying capabilities. It offers more features than SwitchProxy, ProxyButton, QuickProxy, xyzproxy, ProxyTex, TorButton, etc.


FoxyProxy support for Firefox 2.0 to 3.6pre

Friday, March 26, 2010

නදීක ගුරුගේ- වැද්දෙක් නොවන වැද්දෙකුගේ සිංදු විලාපය

http://makabaas.blogspot.com/2009/01/blog-post_23.html



ගිතයක් සාර්තක වීමෙහිලා එක් ප්‍රධාන සාධකයක් වන්නේ එකී ගිතයේ ගේය පද රචනයයි. සරල වුද, මටසිලිටි වුද අර්තයෙන් පරිපුර්ණ වුද, ව්‍යාන්ගාර්තයෙන් සහ කවීත්වයෙන් රසගැන්වුනු ගීත ඔනෑ තරම්ය. එනමුත් එවනි ගීත සුලබවු නිසාම ඒවා නිර්මානය කීරීම හැම බයියෙකුටම ආවාට ගියාට කල හැක්කක් නොවේ. ජ්විපෙ වෙනුවෙන් ගී ගැයු නන්දා ගේ " ආලය වන්, මනරම්" ගීතයේ ගේය පද මීට හොඳ නිදසුනකි. යු එන් පී වේදිකාවෙ ගී ගැයු වික්ටර්, රුකාන්ත වැනි ප්‍රවීනයන්ගේද එවැනීමවූ සුකොමල භාෂා රසයෙන්ද කවීත්වයෙන්ද අනූනවු ගීත බොහෝය. තවත් ගායකයින් සීයක් හමාරක් මේ ගොන්නට දා නම් කල හැක. මින් අදහස් වන්නේ හැම ගීතයක්ම එකසේ අප හද ඇඳ බැඳ ගන්නා ආකාරයේ ගීත වීම අනිවාර්ය විය යුතු බව නොව, යම් ප්‍රමිතියක්, ගේය පද සහ සංගීතයේ සුසංයෝගයක්, යම් එන්ද්‍රියව බැඳුනු ශික්ෂණයක් ගීතයක තිබිය යුතු බවයි.


යූ ටියුබයෙහි සරන අප හට අහම්බෙන් මෙන් ගුරුගේ කෙනෙක් කියන සිංදුවක් අසන්නට ලැබීම පෙර කල පාප කර්මයක ප්‍රතිපලයක් බව වැඩිකල් යන්නට මත්තෙන් අපට වැටහින. සිංදුව මනාව රසවිදින්නට ඇස් පියාගත යුතුබවද විඩියෝ එකෙහි සටහන් විය. ප්‍රධාන අඩුව වුයේ සිංදුවේ ඇති ගේය පද වල තිබූ කාව්‍ය නොවන ගොරහැඩි, දල, කර්කශ ස්වභාවයයි. සුගම, සුනම්‍ය පද රචනයකින් තොර, නිර්මානත්මක ද්‍රරිද්‍රතාවයකින් පෙලුනු එම ගීතය කනට "ලාවා" වක්කරන්නාක් මෙන් විය. ඊට අමතරව එහි නාද රටාද බටහිර ගීතයකින් කොපි කර තිබු බවක් හැගින.


ශිෂ්ඨාචරේ මිනිහා ....ශිෂ්ඨාචරේ ගෑනී...කියා පටන් ගන්නා මේ බහුභුත සිංදුව, එකම ජෝක් එකක් වී අපගේ කොමඩි රසය නම් දෙගුන තෙගුන කලේය.


ගීතයක් යනු සුභාවිත ගේය පද වලින් පිරිපුන්, නාද ශික්ෂනයෙන් අලංකාරවූ නිර්මනාත්මක එලිදැක්වීමකි. රැවුල් වවාගත් පලියට, වැද්දෙක් මෙන් කොන්ඩය නාභිය තෙක් විහිදාගෙන ගැහැනුත් නොවන පිරිමිත් නොවන කටහඬකින් විකාර කීමෙන් අපිට ජෝක් වෙනවා හැරෙන්නට, තම නොදනුවත් කමත් මනාවට එලිපිට ප්‍රදර්ශනය කීරිම ගැන මේ ජෝකර්ලාට ස්තුතිවන්ත වියයුතුය.


ගේය පද රචනය යනු හැම පඟරනැට්ටෙකුටම කල හැකි කෙරුවාවක් නොවන බව මේ බයියන් වටහා ගන්නේනම් කාගේත් යහපතට හේතුවන බව අපේ නොමඳ විශ්වාශයයි. මෙවැනි බයියන් පසු පස යන රසිකයන්ට කිවයුත්තේ උන්ගේ පශ්චාත්භාග වලින් කලාව වින්දනය කල යුගය අවසන් කරන්නට කාලය සපැමින ඇති බවයි.

“Titanic – Untold Stories” ටයිටැනික් ඛේදාන්‍තයේ සැඟවුනු කතා

http://blog.budhajeewa.com/?p=306


මම මේ කියන්න හදන්නේ ටයිටැනික් නෞකා අනතුර ගැන Discovery නාලිකාවේ විකාශනය වුනු වැඩසටහනක් ගැන. “Titanic – Untold Stories” නම් වන මෙම මෙම වැඩසටහනේදී සිදුවෙන්නේ ටයිටැනික් ඛේදාන්‍තයට හේතු සාධක වුනු තාක්‍ෂණික දේශගුණ සාධක ගැන සාකච්ඡා කරනවා වෙනුවට, නෞකාව ආශ්‍රිතව කිමිදී පර්යේෂණ කරනා කණ්ඩායමක සොයාගැනීම් සහ නෞකා අනතුරින් දිවි ගලවාගත්තවුන්ගේ තොරතුරු මත එහි ගමන් කළ මිනිසුන් තම අවසන් අවස්ථාවට මුහුණ දුන් ආකාරය ගැන සොයා බැලීමක්.


ටයිටැනික් නෞකාව අයිස් කන්දේ හැපෙන්නට දෙපැයකට පමණ පෙර වෙනත් නෞකාවකින් ලැබුනු අනතුරු හැඟවීමේ පණිවුඩය, ටයිටැනික් ගුවන් විදුලි යන්ත්‍ර කියා කරවන්නන් විසින් නොසලකා හැරීම මෙම මහා මනුෂ්‍ය ජීවිත හානියට හේතු වුනු බවත් මෙහි සඳහන් වෙනවා.


ටයිටැනික් අනතුර දිහා තාක්‍ෂණික ඇසකින් බැහැරව බලන්න කැමති නම් ඔබටත් මෙය බලන්න පුළුවන්.


ටොරන්ටය බාගන්න: http://www.mininova.org/tor/597732

Thursday, March 25, 2010

පයි දිනය, අපි ගන්නා දේ සහ නොගන්නා දේ

http://blog.budhajeewa.com/?p=781

පහුගිය දවස් කිහිපය තුළ සිංහල බ්ලොග් කිහිපයක අප විසින් “සමරණ” දින ගැන සංවාදයක් ගොඩ නැගිලා තිබ්බා. ඒවායේ ගොඩනැගුනු සංවාද අනුව පැහැදිළි වුනු කරුණ තමයි ලංකාව තුළ නොයෙක් නොයෙක් පාර්ශව විසින් සැමරීමට” යොමුවන්නේ ඔවුන්ට හොඳට මාර්කට් කරන්න පුළුවන් වර්ගයේ “දින” සෙට් එකක් කියන එක.


මේ වගේ ඔවුන්ට මාර්කට් කරන්න බැරි “දින” ගැන අපි දන්නෙත් නෑ. මේ වගේ එකක් ගැන මට අද දැනගන්න ලැබුනේ Mashable හි පළවු “Pi Day: Google Doodle Celebrates Math Nerds Everywhere” නම් ලිපිය හරහායි.


පයි දිනය ලෙස අද සමරන්න හේතුව තමයි π හි අගය වන 3.141592654… හි මුල් ඉලක්කම් තුනෙන් දැක්වෙන 3.14 යන්න තුන්වැනි මාසයේ දහහතරවන දිනය යන්නට සම්බන්ධ කර ගත හැකි වීම.


අද වෙනකන් මෙහෙම දිනයක් තියනවා කියන එක මම දැනන් හිටියෙ නෑ. අඩු තරමේ අපේ ගණිත ගුරුවරයකුගේ කටින්වත් මේ ගැන නිකමටවත් කියවුනේ නැහැ.


මට මතු කරන්න ඕනෑ කාරණාව වන්නේ බටහිර විසින් සමරණ සෑම දිනයක්ම අප විසින් සැමරිය යුතුය යන්න නොවේ. බටහිරින් නොව කොයි දෙසින් උව අප ළඟා කරගත යුත්තේ යම් වටිනාකමක් තිබෙන දේවල්. නොවටිනා දේවල් රැසක් ලං කරගෙන සිටින අපට ඇයි අඩු තරමේ මේක ගන්න බැරි වුනේ?


පයි දිනය ගැන වැඩිදුර තොරතුරු:


http://piday.org/


http://en.wikipedia.org/wiki/Pi_Day

කොට චින්තනය

http://bit.ly/cdMidt

FACEBOOK තුල "මම" මාකට් වීම

http://makabaas.blogspot.com/2009/05/facebook.html



ෆේස් බුක් ගැන නන් දොඩඩවන්නෝ බොහොමයක් අහවල් ඇප්ලිකේශන් එක නිසා උන්ට සිදුවන දහසකුත් එකක් අමාරුකම් කියාපාති. අහවල් ෆීචර් එක , අහවල් ලබ්බ නිසා සිදුවු අලකලංචි ආදි නොයෙකුත් අටානුවක් බුක් රෝග, බුක් කේස්, බුක් හබක් ගැන ලියන දොඩවන දුහුනන් අප්‍රමාණය.


මෙහි නොකියවෙන වෙනත් පැත්තක්ද තිබේ. ඒ පුද්ගලිකත්වය පිලිබඳ ප්‍රශ්නයයි.පුද්ගලිකත්වය (අනන්‍යතාව -Identity) සොරාගැනීම අලුත් දෙයක් නොවෙනවා සේම තම පුද්ගලිකත්වය හෝල් සේල් තොරොම්බල් කර ඇනගත් අයම ඒ ගැන බොලොග් ද ලියති!


අපේ අවධානය මේ පුද්ගලිකත්වය පිලිබඳ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගැන නොවේ.


SOCIAL NETWORKING හෙවත් සමාජ ජාලනය යනුවෙන් හැදින්වෙන මේ ආකාරයේ ක්‍රියාවකට පෙලඹෙන්නේ එහි ඇති නොයෙකුත් වාසි නිසා බව කීමට සැදි පැහැදී සිටින ගනන අති විශාලය. මිතුරන් 6000ක් තරම් ඇති අයද මෙහි සිටිති. මේ මිතුරන් සැබෑ මිතුරන්ද යන පැනය දැනටමත් මතු වී තිබේ. අප නම් මිතුරන් යනුවෙන් හඳුන්වන්නේ අප සමග සැඳෑවක එක්වී දෙකක් දාගන්නට, අප සමඟ ජීවිතය දේශපාලනය, කලාව ගැන සංවාද කරන්නට වේලාව තිබෙන අයයි. ඒ අය නම් අතේ ඇඟිලි වලින් ගනින්නට පුලුවන් තරමේ සංඛ්‍යාවකි.එහෙත් ඒ අපටය. අප වැනි කඩප්පුලි, මගෝඩි, බ්ලොග් අවකාශය පවා බොග අවකාශයක් කරනවායයි චෝදනා එල්ලවූ එව්වන් මෙන් නොව යහපත් ROLE MODEL CITIZEN ලා මිත්‍රත්වය මනින්නේ කෙසේදැයි අපි නොදනිමු. මානව විද්‍යාඥයින්ගේ මතය නම් අප පරිනාමය වුයේ කුඩා කාණ්ඩායම් ලෙස බැවින් නිශ්චිත කාල සීමාවක් තුල සාමාජීය ඇඳුනුම්කම් (SOCIAL CONTACTS) වල උපරිම සීමාව 50-100 ත් අතර වන බවයි. ඒ නයින් බලන කල අනෙකුත් "මිතුරන්" අවසේශ ඕපදුප එකතු කරන්නන් ගණයට දැමීම වඩා ඥනාන්විතය.


ෆේස් බුක් කෙළියෙන් සංසිදුවන සැබෑ අවශ්‍යතාවය නම් "ප්‍රදර්ශන කාමය" (Exhibitionism) වැනි එකක් බව අපේ වැටහීමයි. අප මෙහි ප්‍රදර්ශන කාමය යන වදන යොදන්නේ ඩෙස්මන්ඩ් මොරිස් යෙදු ජීව විද්‍යාත්මක රාමුව තුල නොව වඩා පුලුල් " SHOW OFF" යන අරුතින් බව කිව මනාය. මේ "හ-බුක්" පොතේ පින්තූර වලින් පෙන්වන්නේ ෆිට් පොරවල්ය. පින්තූර ප්‍රොෆෙශනල් ලෙවල්ය. පුද්ගලික තොරතුරු කිරි ගහට ඇන්නාසේය. පොඩි කොස්සක්වත් නැත. ලියා ඇත්තේම පරම්පරා ගනනකට ආඩම්බර වියහැකි පැටිකිරියකි. පැංච කාලේ පින්තුර "හරි ස්වීට්" ය. කොල්ලා කාලේ පින්තූර "හැන්සම්"ය. ෆැන් ක්ලබ් එකේ "ෆෙරාරි" මෙන්ම "චේ"ද සිටී (විප්ලවයට යන්නේ ෆෙරාරි එකේ විය යුතුය ) ජොබ් එක මාර ආතල් එකකි. ජීවිතය රෝස මල් යහනාවකි. ඉතුරු -මිතුරු කැල තුසිතයෙන් බට සුරඟනුන් මෙනි. ෆැන්ටසිය යථාර්තයෙන් වෙන් කරගැනීමට නොහැකිය. "මම" උපරිමයෙන් මාකට් වෙයි. බොරු පනහක් හැටක් දැම්මාට ඒවා බොරුමද යන්න පවා හරියටම නිශ්චය කරගත නොහැක. මම "මම" මාකට් කරන අතරම ලොකු ලොකු කොම්පනි බොරු අයි.ඩී ඔස්සේ උංගේ බඩු හා සේවා මාකට් කරති. අන්දන්නේ කවුද අඳින්නේ කවුද යන්න පවා අපැහැදිලි, බොඳවූ ෆැන්ටසියේම කොටසක් වැන්න.

Wednesday, March 24, 2010

CIM

http://pro-you.blogspot.com/2010/03/cim.html


CIMA ගැන කතාකරමින් සිටින අතරතුර CIM ගැන කතා කරන්න සිතුනේ කළමනාකරණය සහ ගණකාධිකරණයට මෙන්ම අලෙවිකරණයට ද බොහෝ පිරිසක් ඇලුම් කරන නිසාය. 


වරළත් අලෙවිකරණ ආයතනය - හැඳින්වීම


CIM යනු ලෝකයේ අලෙවිකරණයට ඇති විශාලතම වෘත්තීය අධ්‍යාපන ආයතනයයි. වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) ප්‍රථම අන්තර්ජාතික ශාඛාව වන ශ්‍රී ලංකා ශාඛාව ආරම්භ කරන ලද්දේ 1995 ඔක්තෝම්බර් 20 වෙනි දාය. ශ්‍රී ලංකාව තුල දැනට 3000ක් පමන සිසුන් ප්‍රමානයක් අධ්‍යාපනය හදාරන අතර 1000ක් පමන සාමාජිකයන් සංඛ්‍යාවක් සිටී. CIM - ශ්‍රී ලංකා ශාඛාව පිළිබඳ වැඩිදුර තොරතුරු www.cim.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැක

Friday, March 12, 2010

රටේ අනාගතය

පසුගිය වසරේ මැද වන විට ලංකාවේ පැවතුන තත්ත්වය ඔබට මතක ඇතැයි මම සිතමි. එය වචනයෙන් විස්තර කළ නොහැකි හැමදෙනාගේම සිත් අවධි කළ සමයක් විය. තිස් වසරක ශාපලත් කුරිරු යුද්ධයක් නිමාකොට මහා ත්‍රස්තවාදියා මරා දමා රටම කිරිබත් කා රතිඤ්ඤා පත්තුකර වීදි බැස ඒ සතුට සැමරෑ හැටි මට දැනුසු මැවී පෙනේ.


පරාජය පෙනි පෙනිද කොටි හිතවාදී මතවාද වලට ගරුකල පිරිස්ද අප අතර වුහ. යුද්ධයේ අවසානය ලගාවන විට එංගලන්ත වීසා කාර්යාලය අසල තිබු දිගුපෝලිම් ඇතිවූයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය නිසාවත් එංගලන්තයේ වෙසක් උත්සවය නිසාවත් නොවන බව ඕනැම කෙනෙකුට පැහැදිලි වෙනු ඇත.


මේ සටහන මා තැබීමට උපයෝගී කරගන්නේ කොටි හිතවාදියෙකු යයි හංවඩු ගසා සිටි පුද්ගලයෙකුගේ විවිධ status messages කිහිපයකි. ඔහුගේ මතවාදය කුමක් වුවද එම status messages මගින් අනෙකුත් රටවල් අප කෙරෙහි දැක්වූ සහ ඉදිරියට දක්වන ආකල්ප ඔබේ හදවතට දැනෙනු ඇත.


උපතින් ද්‍රවිඩ ජාතිකයෙකු වු හෙතෙම කුඩාකල, යුද්ධයේ උණුසුම යාල්පානමේදි විද පසුව කොළඹට සංක්‍රමනය වුවෙකි. කළු ජූලිය නැමති සන්සිද්ධියට දාව ඔහුගේ පවුලේ බොහෝදෙනෙකුට එංගලන්තයේ සරණාගත වීසා ලැබුණු බව කටකතා මගින් මා අසා ඇත්තෙමි.


මෙවැනි අත්දැකීම් නිසා ඔහුට කොටි හිතවාදී මත දැරිමට අමු‍තුවෙන් ආරාධනයක් කළ යුතු නොවේ යයි මම උපකල්පනය කරමි.


සිව්වැනි ඊලාම් යුද්ධය නැමති කතාවේ ප්‍රධාන හැරවුම (Twister) ලෙස මා විසින් විස්වාස කරන තමිල් සෙල්වම් අපායට යැවූ ගුවන් ප්‍රහාරයෙන් පසු මේ පුද්ගලයාගේ ගූගල් ටෝක් status එක වුයේ “එකෙකු නැතිවුවද තවත් දහසක් උපදිනු ඇත” යන අරුත දෙන ඉංග්‍රීසි වාක්‍යයකි. අපි සිංහලයන් වුවද, යුද්ධය අපේ වාසියට හැරී තිබුනද අපි ඔහුගේ status වෙනුවෙන් යුධ ප්‍රකාශ නොකලෙමු. එය සිංහලුන්ගේ සුපුරුදු නිවට ගතියදැයි මම නොදනිමි.


යුද්ධය නිමා විමට සති දෙකක් තරම් කාලයක් තිබියදී හෙතෙම තම ගූගල් ටෝක් status එක පළිගැනීම අත ලගයි යන අරුත දෙන “Revenge is very near” යන වාක්‍යය යොදා තිබුනි. රජය මානුෂික මෙහෙයුම් දැඩි කල සමයේ ඔහුගේ ෆේස් බුක් status ලෙස තිබුනේ අහිංසක දෙමල ජනතාව සමුල ඝාතනය නොකරනු යන තේමාව රැගත් “ Stop genocide innocent Tamil people” යන්නයි. යුධ ජයග්‍රහන පිලිබද රස දැනෙමින් තිබුණු අප කිහිපදෙනෙක් පමණක් එවර ඔහු හා මතගැටුමකට එළඹිමු.


අවසානයේ ප්‍රභාකරන් මිය ගියේය. අපි ජයග්‍රහණය සැමරීමු. ඒ දිනවල එලියටවත් නොබැසි මේ පුද්ගලයාගේ status එක වුයේ මිනිසෙකුට දෙවරක් මිය යා හැකිද යන අරුත දෙන How man can die twice වැනි වාක්‍යයකි. ජයග්‍රහණයෙන් උද්දාමයට පත් සියළු දෙනා ඔහුට විරුද්ධව යුධ ප්‍රකාශ කළහ. එවර ඔහුගේ මතවාද මෝඩ යයි අපට හැගුනද ඒවා සමග තර්ක කිරිමට තරම් අපගේ මතවාද ශක්තිමත් නොවීයයි මට කිහිපවරක්ම සිතුනි.


යුද්ධය අවසාන වී සති දෙකක් ගතවිය. සිංහලයන් වූ අපිට සියළු දේ අමතක කල හැකි විය. දිනපතා අප හා වාද කරමින් සිටි මිනිසා පසුව අප සමගින් හොදින් වෙනදාටත් වඩා අත්වැල් බැද ගනිද්දී ප්‍රභාකරන් කියු ලෙසටම අපට සියළු දේ සති දෙකෙන් අමතක කලෙමු. ඒ කාලයේ දී පැරණි මතවාද අළුත් කරන සුළු status නිතරම ඔහුගේ Profiles වල පල විය. ඒවා අපට මතක නැතිවා වගේම යුද්ධය ද අමතක නිසා ඒ පිළිබදව වගක්වත් නැත.


යුද්ධය අවසාන වී හය මසක් ගෙවුන තැන අවස්ථාවාදී දේශපාලනය ක්‍රියාත්මක විය. යුද්ධයේ නියම උරුමක්කාරයන් දෙපසට බෙදී කදවුරු ලාගත්හ. රටේ ජනතාව දෙපසට බෙදුනි. සංඝ සමාජය, කලාකරුවන් මිතුරන් වෘත්තිකයන් ටද වුයේ දෙපසට බෙදිමටයි. සැමදා තිබු වෛරී දේශපාලනය වඩාත් කුළුගැන්වුනි. අවසානයේ අවස්ථාවාදීන් සහ අන්තවාදීන් මේ විරසකය නිසා ජයගත්හ. හිතට දැනෙන්නාවු status එකක් මේ දිනවලදී ඔහුගේ Profiles වල විය. “සිංහල වී‍රයෝ යුධ වදිති. අවස්ථාව එනතුරු බලා සිටිය යුතුය”.


මුලින් ඔහු ප්‍රසිද්ධියේම තම ඡන්දය දෙමළ අපේක්ෂකයෙකු වෙනුවෙන් භාවිත කරන බව පැවසීය. ඒ තම මතවාද ඉදිරියට ගෙන යා හැකි යයි ඔහු විස්වාසය තැබුවේ එම අපේක්ෂකයා කෙරෙහිය. නමුත් ඡන්දය ලංවන විට ඔහු තම මතය වෙනස් කලේය. ඒ දෙමළ අපේක්ෂකයාට වඩා ප්‍රබලයෙක් සිටි බැවිනි.


ඡන්දය අවසන් විනි. ඔහු බලාපොරොත්තු වූ අපේක්ෂකයා පරාජයට පත්විය. වෙනත් කෙනෙකු ජනාධිපති විය. අද වන විට තත්ත්වය බරපතලය. එක් අපේක්ෂකයෙකු නිවාස අඩස්සියේය. මහින්ද හරි හෝ ෆොන්සේකා හරි යයි හෝ මම නොකියමි. ඔවුන් වීරයෝය. නමුත් අවස්ථාවාදී දේශපාලකයන් නිසා වූ විනාශය ඔහු දකින්නේ මෙසේය.


Political Game is going on… But there is no referee… Spectators are asked not to comment on it… Hee hee.., this country is sinking…


දේශපාලන ක්‍රීඩාව ආරම්භ වී ඇත. නමුත් විනිසුරුවරයෙකු නැත. ප්‍රේක්ෂකයන් අදහස් ප්‍රකාශ කිරිමෙන් වැලකි සිටී.. මේ රට ගිලෙමින් පවතී.


සහතික ඇත්තය. මේ ර‍ට ගිලෙමින් පවතී. මේ ලෝකයේ බහුතර ජාතිවාදීන් සහ කොටි මතවාද දකින ආකාරයයි. අවස්ථාවාදීන්ට තවත් අවස්ථාවන් ලබා දිය යුතු නැත. රටක් ලෙස අප එක්සත් විය යුතුය.