දැන් දැන් මැතිවරණ වල ඇති ප්‍රවණතාවයක් වනුයේ, අදාල පළාතට කිසිදු සම්බන්දයක් නැති අපේක්ෂකයෝ ඉදිරිපත් විමයි. අද[හෙට] පත්තරේ දාලා තියනවා ගම්පහට චන්දය ඉල්ලන කට්ටිය. ඔක බැලුවහම මම හොදටම දන්න තුන්දේනෙක් ඉන්නවා ගම්පහට අදලා නැති.
1. බැසිල් -හම්බන්තොට අයෙකි
2. මර්වින් -හම්බන්තොට අයෙකි
3. රතන හාමුදුරැවො -කලුතර හිමිනමකි
හමුදුරැවරැ දේශපලාණයට එම නොකලයුතු වැඩක් උනත් දැන් මේ පාරත් ඒක වෙලා. ඊට අමතරව මෙහෙම පැරිෂුට් කාරයන්ව පාර්ලිමේන්තු යැවිය යුතුද. මොකද මෙයලා මේ යන්නේ ගමේ මිනිස්සුට් වැඩ කරන්න මිසක් රටට වඩ කරන්න නෙමෙයි. දැන් හොදම උදාහරණය ගම්පහ දිස්ත්‍රික්කය. මේ තුන් දෙනවාම ගම්පහට කිසිමඅදාලත්වයක් නැහැ. ඇයි මෙහෙම කරන්නේ? සමහර විට මිනිස්සු ගොන්නු කියලා හිතාගෙන වෙන්න ඇති. බලන් ගිහාම රටේ ඉන්නේ වැඩ් පුරම මැට් මොල්ලු. නැත්නම් ඉතින් අර සක්කරවට්ටම හෙවත් අනර්කලීට චන්දය දෙයිද?
කොහෙමින් කොහෙම හරි මේ පාර බලන්න පුලුවන් ගම්පහත් ඉන්නේ මැටි මොල්ලුද කියලා. නැත්නම් ඔවුන් දැනගන්න ඔනා ප්‍රදේහශයට කිසිම අදලා නැති අයට තමුන්ගේ චන්දයෙන් පත් නොකර ඉන්න. එත් එහෙම වෙයිද කියල් හිතෙනව.
නුවර පාරට අනුව ඔය තුන්දෙනාගෙන් බැසිල් පත් වෙයි. මර්වින් හෙවත් වර්තමාන අන්දරේට ඇප්ත නැතිවෙයි. රතන හමුදරුවන්ට උපසක අම්මලා ටික පිහිට වෙයි. එත් මේ පාර උපස අම්මාලා දෙපාරක් හිතන බව අනිවර්යය කරුනක්. ඇයි අයිත් හාමුදුරැවර් කියන ප්‍රශ්නය ඔවුන් අහනවා.
බලමු මොක වෙන්නේ කියලා?
Friday, March 12, 2010
ඇතාගෙන් ආරස්සා වීම
සිරි විකුම් රහසිං, සඟිස්කුරුතෙන් කියනව නං ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවංගෙ කාලෙ, රජතුමාත් උඩරට අනිත් නායකයනුත් අතර බොහො ම ගැටුම් තිබුනා. රජතුමත් කිසි ම බුරුලක් දුන්නෙ නැති බව ඇහැළෙපොළ පවුල ම නැති කරපු කතාවෙන් පේනව.
ඒ නිසා මේ නායකයො ටික කල්පනා කළා රජ්ජුරුවො අයිං කරල තමං අතට බලේ ගන්න, අද කාලෙ ඉංගිරිසියෙන් කියන විදියට regime change එකක් කරන්න. ඒකට තමයි මේ ගොල්ලො ඉංගිරිසින් එක්ක එකතු වුනේ.
එදා පිළිමතලව්වේ මහ අදිකාරම්ට මල්වතු මහ නා හිමියන් කියපු කතාව අදටත් හරි ම වටිනව. උන්නාන්සෙ කියුවලු "පිළිමතලව්වේ, ඇතාගෙන් ආරක්‍ෂා වීමට ඇත් ගොවුවා වග බලා ගත යුතු යි" කියල!
ඒ අවවාද නො සලකා හැරල, පිළිමතලව්වේ ඇතුලු නායකයො ටික ඉංගිරිසින් එක්ක එකතු වෙලා, රජතුමත් අල්ලල මුරුසි දිවයිනට පිටමං කරල, ගිවිසුමකුත් ගැහැවුව. සීසර් ලොක්ක හදල පස්සෙ ග්‍රෙගරි පාප් වහන්සේ "නිවැරදි කරපු" ලිතේ හැටියට නම් අද වගේ දවසක, එක දාස් අටසිය පහළොවේ මාර්තු දෙ වැනි දා. වාරියපොළ සුමංගල හාමුදුරුවො කතිර කොඩිය බිමට දැම්මෙත් ඔය වෙලාවෙ තමයි.
රජ්ජුරුවංගේ දරදඬු කම ඉස්සරහට දාල තමංව රවට්ට ගත්ත මිසක් ඉංගිරිසින් තමන්ට "උදවු" කළේ ආදරේකට නො වෙයි කියල මේ නායකයො ටිකට තේරෙනකොට වෙන්ට ඕනෙ හදිය වෙලා හමාර යි.

Google Code Jam 2010 is in Dublin
ගුගල් සමාගම විසින් අවුරුදු පතා සිදු කරණු ලබන අංගයක් වන ගුගල් codejam තරග මාලාවේ 2010 අවුරුද්ද සදහා වන තරගය මැයි මස ආරම්බ කිරීමට නියමිතයි.මේ සදහා register කර ගැනීම අප්‍රේල් මස 7 වෙනිදයින් ආරම්බවේ.මෙහිදී ගුගල් විසින් සපයනු ලබන සන්කීර්ණ ගැටලු සදහා පිලිතුරු පරිනණක භාෂාවකින් ලිවීමට ඔබට සිදුවනු ඇත.මෙගැන වැඩි විස්තර දැන ගැනීමට කැමතිනම් ඒ සදහා මෙතනින් පිවිසෙන්න.
Wednesday, March 10, 2010
Open-ID
අන්තර්ජාල පරිශීලකයින් විදිහට අපි නොයෙකුත් සේවා භාවිතා කරනවා. Gmail වැනි වෙබ් ආශ්‍රිත ඊමේල් සේවා, Blogger හෝ Wordpress වැනි සේවා ආදී වශයෙන් මේවා බොහෝම පුළුල් පරාසයක විහිදෙන්න පුලුවන්. ඒ විදිහට විහිදෙන අතරේ එම සේවා සපයන සේවාදායකයින් ප්‍රමාණයත් ඉතාමත් වැඩි වෙන්න පුලුවන්. එතකොට අපි මෙම සේවා එකින් එක භාවිතා කරන්න කලින් සාමාන්‍යයෙන් username හා password ද්විත්වය භාවිතා කරලා අපිව authenticate කර ගන්නවා. නමුත් සේවාදායකයින් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න අපි භාවිතා කරන username/password ප්‍රමාණය වැඩි වෙන්න පුලුවන් (එකම username එක දිගටම භාවිත කරන්න ටිකක් අමාරුයි. එකම password එක භාවිත කිරීම ඉතාමත් අනාරක්ෂිතයි). අනිත් කාරණය මේ වෙන වෙනස් සේවාදායකයින්ගේ සේවා පරිශීලනය කරන්න අපි වෙන වෙනම authenticate කරන්න සිදුවීම. තවත් දෙයක් තමයි සෑම සේවාදායකයෙකුම එක් එක් පරිශීලකයගේ විස්තර වෙන වෙනම ගබඩා කර තබා ගැනීමට සිදුවීම. මේවා බොහෝවිට එකම දත්ත වෙන් වෙන් තැන්වල තිබෙන ලෙසට තිබුනේ. මේක ඉතාමත් අපහසුකාරී තත්වයක් වුනා.
ඊට පස්සේ ඉතාමත් දක්ෂ අදහසක් මතු වුනා. මේ සියළු වෙනස් සේවා පරිශීලනය කරන්න එකම එක authentication එකක් තිබුනොත් කොහොමද? ඒ කියන්නේ blogger වලට ඇතුලු වෙන්නත් yahoo වලට ඇතුලු වෙන්නත් වෙනත් ප්‍රසිද්ධ නැති සේවාදායකයෙකුගේ සේවයකට ඇතුලු වෙන්නත් එක username/password ද්විත්වයක් තිබුනොත් සහ ඒ සියළු දේට ඇතුලු වෙන්න එක පාරක් විතරක් authenticate කර ගෙන පුලුවන් වුනොත් කොහොමද?
මේ විදියට තමයි single sign-on කියන සංකල්පය අන්තර්ජාලයට ඇතුලු වෙන්නේ. මෙතනදි එක මධ්‍යගත සේවාදායකයෙක් ඉන්නවා. ඔහු තමයි authentication කර්තව්‍යය සිදු කරන්නේ. පහළ තියෙන්නේ මේ සිදුවීම් ජාලාවේ අවුල් ලිහලා ගත්ත version එකක්.
මුලින්ම ඒ මධ්‍යගත සේවාදායකයා (A) ලඟ අපි ලියාපදිංචි වෙන්න ඕනේ. එතකොට එතනින් අපිට URL එකක් දෙනවා අපිව අඳුන ගන්න.
අපිට සේවය අවශ්‍ය කරන සේවාදායකයගේ (B) වෙබ් අඩවියට ගියාට පස්සේ එතනින් අපිට අපේ URL ඇතුල් කරන්න තැනක් ලබා දෙනවා (තාම password එකක් ඇතුලු කලේ නෑ).
දැන් B විසින් අපිව අර මධ්‍යගත සේවාදායකයගේ වෙබ් පිටුවට (A) redirect කරනවා. එවිට අපි එතන username එක සහ password එක ලබා දී authenticate කර ගන්න ඕනේ.
දැන් A විසින් අපෙන් අහනවා B වෙතට අපේ තොරතුරු (credentials) යවන්න ද කියලා. අපිට අවශ්‍යනම් අපි අනුමැතිය ලබා දෙනවා. එතකොට කරුණු දෙකක් වෙනවා.
B වෙතට අපේ තොරතුරු (credentials) යැවෙනවා
අපේ browser එකට token එකක් ලැබෙනවා (cookie එකක් ලෙසට). මෙය තමයි අපි එම cookie/token එකට අදාල කාලය සඳහා A වෙතින් authenticate කර ගත් බවට ලැබෙන සහතිකය
දැන් B වෙතට ලැබෙන විස්තර වලින් B අපිව authenticate කර ගන්නවා. එතැනට අවශ්‍යනම් (A වෙතින් ලැබෙන) අපගේ identifier එකක් ගබඩා කර තබා ගත හැකියි. පරිශීලක දත්ත වෙනුවට B හට A වෙතින් ලැබෙන තොරතුරු (credentials) භාවිතා කල හැකියි.
දැන් අපි තවත් single sign-on enable කර ඇති සේවා දායකයෙකුගේ (C) වෙබ් අඩවියකට පැමිණියහොත් A වෙතට නොගොස් අපට කලින් A වෙතින් ලැබුණු token එක ඉදිරිපත් කල හැකියි. එය expire වී නැතිනම් අපව C විසින් authenticate කර ගන්නවා. එවිට C හටත් එම token එක භාවිතා කර අපගේ විස්තර ලබා ගත හැකියි.
අදාල token එක expire වූ පසු නැවත භාවිතා කිරීමට අවශ්‍යනම් අපි නැවත A වෙත ගොස් authenticate කර ගත යුතුයි.
OpenID මෙම කරළියට එන අලුත්ම මෙන්ම වැඩියෙන්ම ජනප්‍රිය වෙච්ච implementation එක. එය implementation එකකටත් වඩා සම්මතයක් කීවොත් නිවැරදියි. අපි කලින් flow එකේදි එක් මධ්‍යගත ස්වාදායකයෙකු (A) ගැන කතා කලා. OpenID වලදි මේක ටිකක් වෙනස් වෙනවා. එහි මධ්‍යගත (centralized) වෙනුවට විමධ්‍යගත (decentralized) සේවාදායකයින් කිහිප දෙනෙක් සිටිනවා. අපට වුනත් අලුත් OpenID සේවාදායකයෙකු ලෙස එකතු විය හැකියි. ඉතුරු කාර්යයන් ටික බොහෝ දුරට සමානයි. OpenID වල වැඩි පුර වාසියක් වෙන්නේ එය එක් authentication ආකාරයක් බල කරන්නේ නැති බව. ඒ නිසා අපට username/password වෙනුවට ඇඟිළි සළකුණු, SmartCards වැනි දේත් authentication සඳහා යොදා ගන්න පුලුවන්. ඉතාමත් ගුණාත්මක ආකාරයේ authentication ආකාරයක් භාවිතා කරමින් OpenID වඩා ආරක්ෂාව වැදගත් කටයුතු (උදා: බැංකු කටයුතු) වලටත් යොදා ගන්න පුලුවන්.
අපට OpenID එකක් ලබා ගත හැකි ක්‍රම දෙකක් තිබෙනවා.
දැනටම මෙම සේවාව ලබා දෙන තැනකින් අපට URL එකක් ලබා ගැනීම
අපගේ domain එකක් භාවිතා කර එය OpenID එකක් ලෙස යොදා ගැනීම
දැනට OpenID සේවාව ලබා ගත හැකි බොහෝ ස්ථාන තිබෙනවා. ClaimID, MyOpenID වැනි සේවාදායකයින්ගෙන් අපට OpenID එකක් ලබා ගත හැකියි. ඒ වගේම Google, Yahoo, Blogger, Wordpress වැනි සංවිධාන වලින් ඔවුන්ගේ පරිශීලකයින්ට OpenID සේවාව ලබා දෙනවා. ඔබට දැනටමත් මෙම සේවාදායකයින්ගේ ගිණුමක් තිබෙනවනම් එම අදාල URL (උදා: blogger වල නම් blogspot අඩවි ලිපිනය) එක OpenID එකක් ලෙස භාවිතා කල හැකියි. මෙම සේවාදායකයින් පිළිබඳ වැඩි විස්තර සඳහා http://openid.net/get-an-openid/ වෙතට යන්න.
http://www.techbuzz.chamiladealwis.com/2009/12/single-sign-on-openid/
Saturday, March 6, 2010
ආදර්ශමත් නිමැවුම්කරු!
මීට වසර 80 කට පෙර , එනම් 1905 වසරේ එක්තරා කාර්යාලයක ලිපිකරුවකු ලෙස සේවය කල පුද්ගලයෙක් ඔහුගේ සුපුරුදු රාජකාරි වලට අමතරව තවත් අපූරු කර්තව්ය්යක නිරත වී සිටියේය. එනම් විද්යායත්මක පර්යේෂණ වල නිරත වී සිටීමයි.
ඔහුගේ විශේෂත්වය වූයේ ඔහුගේ එම පර්යේෂණ ලෝක ප්රපසිද්ධියට පත්වීමත් ඒ අන් කවරකුවත් නොව අප හොදින් හදුනන පුද්ගලයකු වීමත්ය.
එතුමා අල්බට් අයින්ස්ටයින් නම් විය.
ඔහු එම වර්ෂයේදී පර්යේෂණ පත්‍රිකා තුනක් එලිදැක්වූ අතර ඒ සදහා වසර පනහක් සපිරීම නිමිත්තෙන් දෙදහස් පහ වසරේදී යුනෙස්කොව විසින් එම වසර ජගත් භෞතික විද්‍යා වසර ලෙස හැදින්වීය.
අයින්ස්ටයින් විසින් සොයාගත් දේ අතරින් තවමත් පැහදිලි කිරීමට අපහසු දේවල් සහ ඒවායින් ලබාගන්නා ප්‍රයෝජන අති මහත් වේ.
නමුත් ඔහු විසින් පවසන ලද ආදර්ශමත් වැකි පිලිබඳව සහ ඔහුගේ සාමාන්ය ජීවිතය ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන්.

Friday, March 5, 2010
Beat the heat with Water
The Health Ministry advises people to consume more water as the country experiences warm weather conditions. The advice followed medical experts warning the ministry that the ongoing warm weather could lead to unexpected health problems.
A large number of paddy farmers engaged in the harvesting their fields in the dry zone districts of Anuradhapura, Polonnaruwa and Moneragala, had visited rural hospitals complaining of shivering.
The medical experts found that the condition had been caused by dehydration. An increase in the number seeking medical treatment had compelled the ministry to advise the public to drink more water, Health Ministry media spokesman W. Wanninayake said.
He said that ministry had contacted the Met Department, which revealed the ongoing dry weather would last at least one more month.

යුද්ධාධිකරණ තීන්දුව
1796 දී ඉංගී්‍රසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශයේ අධිපතීන් බවට පත් වූයේ එවක එම පෙදෙස් අත්පත් කරගෙන සිටි ලන්දේසි පෙරදිග වෙළෙඳ සමාගම හා කරන ලද සටන්වල ප්‍රතිඵලයක් ලෙස ලන්දේසීන් යටත්වීම නිසාය. 1798 සිට 1802 දක්‌වා පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම ඉංගී්‍රසීන් හා එක්‌ව පාලනය කළ මේ ප්‍රදේශ 1801 සිට ගිවිසුම අනුව බ්‍රිතාන්‍යයන්ට භාරදෙනු ලැබීමෙන් පසුව 1802 සිට මුහුදුබඩ ප්‍රදේශ ඉංගී්‍රසි කිරීටයට යටත් ප්‍රදේශයන් බවට පත්විය. මේ ආකාර ලෙසට මුහුදුබඩ ප්‍රදේශ ඉංගී්‍රසි ආධිපත්‍යයට යටත් වූයේ නිරන්තරව සිදුකරන ලද යුද්ධ හේතුකොට ගෙන වුවද උඩරට රාජ්‍ය ඉංගී්‍රසීන්ට අයත් වූයේ එවැනිවූ යුද්ධ ජයග්‍රහණයක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ.
උඩරට අත්පත් කරගැනීමේ නිල නිවේදනයේ ප්‍රාරම්භක වාක්‍ය වන “රදළ ප්‍රධානීන්ගේ ආරාධනයෙන් මෙහෙයුම් ලද බ්‍රිතාන්‍ය මහරජාණන් වහන්සේගේ හමුදාවෝ මහජනතාවගේ ජයඝෝෂා නාදය මැද පිළිගනු ලැබීමෙන් උඩරට රාජ්‍ය ප්‍රදේශයන්ට ඇතුළුව රාජධානියට වැදගත්හ.”
… යන සඳහන අනුව උඩරට රාජ්‍යය ඉංගී්‍රසීන් යටතට පත් වූයේ අවසාන වශයෙන් කරන ලද යුද්ධයකින් ලබාගන්නා ලද ජයග්‍රහණයකින් නොවන බැව් පැහැදිලිය.
මෙසේ එකදු භටයකුගේවත් ජීවිත පූජාවකින් තොරව උඩරට රාජ්‍යයයේ අයිතිය ලබාගත් නමුත් ඒ සඳහා උපකාරී වූ මහජනතාවගේත් රදළ ප්‍රධානීන්ගේත් සහාය නීත්‍යානුකූලව ලබාගැනීමේ උපක්‍රමයක් වශයෙන් දෙපාර්ශ්වයම ගිවිසුමකට එළඹීම මේ සඳහා වූ ඉංගී්‍රසීන්ගේ උපායමාර්ගය විය. ඒ අනුව 1815 මාර්තු 02 දින බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් රොබට් බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා ද උඩරට වැසියන් වෙනුවෙන් උඩරට ප්‍රධාන නිලමේවරුන් 14 දෙනකු විසින් ද අත්සන් කරන ලද එකඟතාව “උඩරට ගිවිසුම” ලෙස ප්‍රසිද්ධය
1815 මාර්තු 02 වැනි දින රට පාලනය කිරීම සඳහා එකඟතාවයට එළඹී උඩරට ගිවිසුමේ 5 වැනි වගන්තිය අනුව “උඩරට මුලාදෑනින් හා වැසියන් අදහන බුද්ධ ශාසනයත්, දේවාගමත් කඩ නොකර පවත්වමින්, සංඝයා හා විහාරාදිය රැකීමට ඉංගී්‍රසි රජය පොරොන්දු වූ නමුත් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවද චීවරය දරා සිටියදීම බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක්‌ම වෙඩි තබා ඝාතනය කරන ලද අවස්‌ථා රාශියක්‌ම පිළිබඳ තොරතුරු ඉතිහාසයේ සඳහන් වී ඇත.
ක්‍රි.ව. 1848 මාතලේ කැරැල්ල නමින් හඳුන්වන බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ පීඩනයට එරෙහිව ඇරැඹි සිංහලයේ 02 වැනි නිදහස් අරගලයේදී එයට සම්බන්ධවී යෑයි චෝදනා ලැබ වෙඩි තබා ඝාතනයට ලක් කරන ලද කඩහපොළ හිමියන් සුදු පාලනයට නිරපරාදේ ගොදුරු වූ බෞද්ධ හිමිනමකි.
කඩහපොළ කුඩාඋන්නාන්සේ හා කුඩාපොළ උන්නාන්සේ යනුවෙන් ද හඳුන්වන දැනට කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ, නාරම්මල කුලියාපිටියේ පිහිටි කඩහපොළ ඒ හිමියන් උපන්බිම ලෙස ඉතිහාසඥයෝ පෙන්නා දෙයි. 1848 දෙවැනි නිදහස් සටන මාතලේ හා සත්කෝරළයේ ආරම්භ වී පැතිරී යන අවධියෙහි කඩහපොළ හිමියන් වැඩසිට ඇත්තේ මහනුවරට නුදුරු කාහල්ල නම් ස්‌ථානයේය. කැරැල්ලට ආධාර දුන් බවට චෝදනා කරමින් කඩහපොළ හිමියන්ව ඉංගී්‍රසීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙකී කාහල්ල නම් ස්‌ථානයේදීය. කැරැල්ලට ආධාර දුන් බවට චෝදනා කරමින් කඩහපොළ හිමියන්ව අත්අඩංගුවට ගන්නා ලද නමුත්, එයට හෝ කැරැලිකරුවන්ට ආධාර අනුබල දුන් ආකාරය පිළිබඳ පැහැදිලි සාක්‍ෂි කිසිවක් නැත.
ඒ හිමියන්ට එරෙහිව තිබූ එකම සාක්‍ෂිය වූයේ 1848 මාතලේ දෙවැනි නිදහස් අරගලයෙන් රාජාභිෂේකය ලැබීමට නම් කර සිටි ගොන්ගාලේගොඩ බණ්‌ඩා සැඟවී සිටි ස්‌ථානය පිළිබඳ තොරතුරු කඩහපොළ හිමියන් තමාට කියා සිටියේය යනුවෙන් අලම්කුඹුරේ බස්‌නායක නිළමේත්, ඔහුගේ පුත් කිරිබණ්‌ඩා හා වීදියවැල්ලේ විදානේ යන තිදෙනා ඉංගී්‍රසි නිලධාරීන්ට සපයන ලද සාවද්‍ය තොරතුරු පමණකි.
මේ තොරතුරු අනුව ගොන්ගාලේගොඩ බණ්‌ඩා සැඟවී සිටි බවට සැක කළ මැදමහනුවර පිහිටි ගල්ලෙනක් එවකට ආණ්‌ඩුවේ ඒජන්ත බුලර් ඇතුළු භට පිරිසක් වටලන ලදී. නමුත් එම ගල්ගෙයි ගොන්ගාලේගොඩ බණ්‌ඩා හෝ වෙනත් සැකකටයුතු කිසිවකු හෝ සැඟවී සිට නැත. ගල්ගෙයි සැඟවී සිටි ගොන්ගාලේගොඩ ඇතුළු පිරිසට පලා යැමට අනතුරු අඟවා ඉඩකඩ සලසන ලද්දේ කඩහපොළ හිමියන් බවට ඉහතකී තිදෙනා ගල්ගෙය වටකරන ලද ආණ්‌ඩුවේ ඒජන්ත බුලර්ට ගතු කීහ. ඒ අනුව වැටලීම අසාර්ථක වී ආපසු එන ගමනේදී මැද මහනුවර කහල්ල නම් ස්‌ථානයේදී අත්අඩංගුවට ගත් කඩහපොළ හිමියන්ව මහනුවරට ගෙන යන ලදී.
එසේ මහනුවරට ගෙන ඒමෙන් පසු කැරලිකරුවන් හා එකඑල්ලේම හෝ අනියම් ආකාරයෙන් සම්බන්ධකම් පැවැත්වීම, රාජාභිෂේකය ලැබීමට නම් කර සිටි ගොන්ගාලේගොඩ බණ්‌ඩාව ඉවහල් විය හැකි සියලු තොරතුරු හෝ තොරතුරක් නොසැපයීම, 1848 අගෝස්‌තු 17 දින එයට ආසන්න දිනකදී ගොන්ගාලේගොඩ බණ්‌ඩා සැඟවී සිටිනා ස්‌ථානය දන්නා බව ප්‍රකාශ කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද දිනට පසු දිනම උන්වහන්සේව යුද්ධාධිකරණය හමුවට පමුණුවන ලදී.
කඩහපොළ හිමියන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා විභාග කිරීමට පස්‌දෙනකුගෙන් සමන්විත යුද්ධ අධිකරණයක් පත් කරන ලද අතර එහි සභාපති හැටියට මේජර් ඇෆ්. ලුෂින්ටන් කටයුතු කළ අතර කපිතාන් ටී. එච්. වින්ග් ෆිලිඩ්, කපිතාන් එච්. ශ්‍රිර්කන්, කපිතාන් එච්. සී. බර්ඩ් සහ ලෙප්ටිනන් ඡේ. ස්‌මිත් සෙසු සාමාජිකයෝ වූහ.
කැරලි නායක ගොන්ගාලේගොඩ බණ්‌ඩා අල්ලාදී ජීවිත දානය ලබාගැනීමට උන්වහන්සේට ඉඩකඩ තිබෙන බවද, යුද්ධ අධිකරණය කඩහපොළ හිමියන්ට වැඩිදුරටත් දැනුම් දෙන ලදී. අධිකරණය ඉදිරියේ කියවූ චෝදනා සම්බන්ධයෙන් තමන්වහන්සේ මුළුමනින්ම නිර්දෝෂි බැව් චෝදනාවලට පිළිතුරු දෙමින් එහිමියෝ ප්‍රකාශ කළ අතර රාජෙද්‍රdaහිවීම හෝ සතුරු රජකු සමග සබඳකම් පැවැත්වීම හෝ ඔහුගේ තොරතුරු කිසිවක් තමන්වහන්සේ නොදන්නා බවත්, කැරලි නායකයා සැඟවී සිටින තැන් හෝ ඔහුගේ තොරතුරු කිසිවක් තමන් නොදන්නා බවත්, එම කැරලි නායකයායි කියන තැනැත්තා තමන්වහන්සේ දැක ඇත්තේ එක් වරක් පමණක් බවත්, උන්වහන්සේ මරණය පෙනි පෙනී සිටියදීත් චෝදනාවලට පිළිතුරු වශයෙන් වැඩිදුරටත් කියා සිටියහ.
1848 අගෝස්‌තු 25 වැනි දින ඇරඹි යුද්ධාධිකරණ නඩු විභාගයේදී පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේත්, ඔහුගේ පුත්‍රයාත්, බුටාවත්තේ කංකානම හා ගල්ගේවැටලීම මෙහෙයවන ලද මහනුවර ආණ්‌ඩුවේ ඒජන්ත බුලර් යන අය සාක්‍ෂි දුන් අතර නඩු විභාගය අවසානයේ එම සාක්‍ෂි මත කඩහපොළ හිමියන් වැරදිකරු බවට තීරණය කොට නඩු විභාගය ආරම්භ කළ දිනට පසු දින එනම් අගෝස්‌තු 26 වැනි දින උදේ 7.00 ට උන්වහන්සේට වෙඩිතබා ඝාතනය කිරීමට නියම කරන ලදී.
යුද්ධාධිකරණය පැවැත්වෙද්දී එහි සිටි නීතිඥයන් කිහිප දෙනකුම මේ තීරණය අසාධාරණ බැව් ආණ්‌ඩුවේ නීතිඥ තැනට දන්වා සිටියහ. සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි සියල්ලම සිතා මතා ගොතා කී බොරුවලින් පිරී ඇති බවත්, පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේගේ ඕනෑකම මත එම සිරකරු යුද්ධාධිකරණය වෙත පමුණුවා ඇති බවත් එවකට මහනුවර සුප්‍රසිද්ධ නීතිඥයකු වූ ස්‌මිත් පෙරකදෝරු මහතා විසින් ආණ්‌ඩුවේ නීතිඥ මහතා වෙත දන්වන ලදී. පසුවදාට නියමිත දඬුවම කල්තබා යළිත් වරක් චෝදනා විභාග කිරීම ආරම්භ කළ යුතු යෑයි ස්‌මිත් මහතා මෙහිදී ආණ්‌ඩුවේ නීතිඥ එච්. සී. සෙල්මි මහතාගෙන් ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම අනුව දඬුවම කල් තැබීම පිණිස අවසර ගැනීමට ආණ්‌ඩුවේ නීතිඥ මහතා එවේලේම ආණ්‌ඩුකාරතුමා වෙත ගියේය. කරුණු කියා සිටි ආණ්‌ඩුවේ නීතිඥ සෙල්මි මහතා මහනුවර නීතිඥයන්ගේ නියම හැඟීම හා තීරණය ගැනද සඳහන් කළේය.
නීතිඥයන්ගේ කරුණු ඇසූ පමණින්ම කෝපයට පත් ටොරින්ටන් සාමිවරයා අත්ල දිගහැර වේගයෙන් සිය දණහිසට පහරක් ගැසුවේය. “ලෝකයේම ඇති ඉතාමත්ම සාධාරණ අධිකරණය යුද්ධාධිකරණයයි. මට විරුද්ධව චෝදනාවක් වෙතොත් එයත් යුද්ධාධිකරණයක් ඉදිරියටම යා යුතුයි. නීතිඥයන්ගේ මතය අනුව ඔය හැම සිරකරුවකුම නිර්දෝෂි අය වෙති. ඔය සිරකරුවාගේ නිර්දෝෂිකම හෙට උදේ 7.00 ට ඔප්පු වේවි. මට ඒ ගැන කිසිම විස්‌තරයක් ඕනෑ නෑයි” වේගයෙන් පැවැසීය. තමාගේ උත්සාහය නිශ්පල වූ බැව් දැනගත් සෙල්මි මහතා ආණ්‌ඩුකාරයාගෙන් සමුගෙන පිටත් විය. ආලින්දයට පැමිණි සෙල්මි මහතාට දක්‌නට ලැබුණේ අග්‍රවිනිශ්චයකාර සර් ඇන්තනි ඔලිපන්ට් මහතාවයි. සර් ඇත්නනි ඔලිපන්ට් අග්‍රවිනිශ්චයකාරතුමා එකවරටම සෙල්ම් මහතා අමතා ප්‍රශ්නයක් නැඟීය. “ආ සෙල්මි හැබෑද හෙට හාමුදුරු නමකට වෙඩි තියන්න යනවයි කියන්නෙ? මොකද ඔය වැඩේ තේරුම? යනුවෙන් විචාළේය. සෙල්මි මහතා පිළිතුරු දුන්නේය. ආණ්‌ඩුකාරතුමාගේ කෝපය ගැනත්, තීරණය ගැනත් ඇසූ අග්‍රවිනිශ්චයකාරතුමා ආපසු හැරුණේය. “එහෙනම් එය වළක්‌වන්න බෑ” යනුවෙන් කියමින් එතැනින් පිටවී ගියේය. අගෝස්‌තු 26 වැනිදා උදේ 7.00 ට කඩහපොළ හිමියන් දෑතේ විලංගු සහිතව මහනුවර යුද්ධාධිකරණ පෝරකය වෙත ගෙනෙනු ලැබීය.
ඝාතක හමුදාංකය භාරව සිටි කපිතන් පෙන්වික් පෝරක බිමේදී යළිත් වරක් කඩහපොළ හිමියන්ගෙන් ඉල්ලීමක් කළේය. “කැරළි නායකයා සැඟවී සිටින තැන දැන්වත් අපට කියන්නැ”යි කපිතන් පෙන්වික් ඉල්ලා සිටියේය. කඩහපොළ හිමියෝ පිළිතුරු දෙමින් “මේ සම්පූර්ණ සත්‍යයයි. එක් වරක් පමණක් මා ඔහු දැක තිබෙනවා. ඒ හැර කිසිම විස්‌තරයක් මා දන්නේ නැහැ”යෑයි කීහ.
කපිතන් පෙන්වික්‌ගේ අණ නිකුත් විය. ඝාතක හමුදාංකයේ මාරක වෙඩි පහරවල් සියල්ලම කඩහපොළ හිමියන්ගේ සිරුර පසාරු කරගෙන යත්ම ඒ හිමියෝ බිම ඇදවැටුණි.
යුද්ධාධිකරණයේ තීරණය පරිදි 1848 අගෝස්‌තු 26 වැනි දින වෙඩි තැබීමෙන් කඩහපොළ හිමියන්ගේ ජීවිතය උන්වහන්සේට අහිමි වුණත්, ඒ පාපතර ක්‍රියාවේ දෝංකාරය එතැනින් අවසාන නොවීය. මේ ඝාතනය නිසා බොහෝ දුරට කලකිරීමට පත් වූ මහනුවර සිවිල් නීතිඥයෝ එංගලන්තයට කරුණු ලියා යෑවිය යුතු යෑයි තීරණය කළහ. පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේගේ කූටෝපාය ගැන සියලු විස්‌තර සොයාගත් මහනුවර ප්‍රසිද්ධ නීතිඥයකු වූ ඡේ. ඒ. දුනුවිල මහතා සන්දේශයක් පිළියෙල කෙළේය. එය එංගලන්තයේ රාජ්‍ය භාර ලේකම්වරයා වෙත යවන ලදී. එහි පිටපතක් රාජකීය කොමිෂන් සභා වාර්තාවට ද ඇතුළත් කරන ලදී. ඡේ. ඒ. දුනුවිල නීතිඥ මහතා විසින් ලියා යවන ලද සන්දේශය ටොරින්ටන් සාමිවරයාගේ රහස් ලිපි තුළ තිබී හමු විය. එහි මෙසේ සඳහන් වී තිබිණි.
“ගොන්ගාලේගොඩ බණ්‌ඩා අල්ලා දෙන්නකුට ඉංගී්‍රසි රජයෙන් පිරිනැමෙන තාන්න මාන්න පිළිබඳ පොරොන්දුවක් මහනුවර දිසාපති විසින් සිංහලේ කෝරාළවරුන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරවූ බැව් මම දනිමි. දුම්බර රටේ මහත්වරුන් වන මඩුගල්ලේත් හල්පේත් නිලයෙන් පහ කිරීමෙන් පසුව එම පුරප්පාඩු දෙක ඉල්ලමින් පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේත් ඔහුගේ පුතාත් මහනුවර දිසාපතිවරයා හමු වූ දිනය ද මම දනිමි. එදින ඔවුන් සමග එහි පැමිණියෙකුගේ ප්‍රකාශයක් ද දැන් මා වෙත තිබේ. පල්ලමේ කුඹුරේ නිලමේත් මහනුවර දිසාපතිවරයාත්, මහනුවර සේනාධිනායක ඩ්රාප්ට් වෙත ගොස් වූ පොරොන්දුව ගැන ද විමසිලිමත් විය යුතුය.
දිසාපතිවරයා ඉදිරියේ වූ පොරොන්දුවෙන් පසුව ආපහු ගෙදර ගිය පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේ කළේ ගොන්ගාලේගොඩ බණ්‌ඩා ගැන තොරතුරු සෙවීමයි. එහෙත් එබඳු තොරතුරක් ඔහුට ලබාගත නොහැකි විය. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් ඔහු කල්පනා කෙළේය. කාහල්ල කඳුකරයේ ගල් ලෙනක විසූ භික්‍ෂුන් වහන්සේ නමක් ගැන අසා දැනගත් පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේ අලුත්ම කුමන්ත්‍රණයක් ගැන කල්පනා කෙළේය. ඒ අනුව කාහල්ල කන්දට පණිවුඩයක් යෑවූ පල්ලමේ කුඹුරේ නිළමේ එම භික්‍ෂුන් වහන්සේ සිය නිවෙසට කැඳවා ගත්තේය.”
“භික්‍ෂුන් වහන්සේ එදා පල්ලමේ කුඹුරේ නිලමේගේ ගෙදරට එන විට සවස් වී තිබුණි. ගෙයි ආසනයක් පනවා එතුමාට එහි වැඩ හිඳීමට සැලැස්‌වූ පල්ලමේ කුඹුරේ නිලමේ සිය පුතාත් එහි කැඳවා ගත්තේ ය. වීදියේවැල්ලේ විදානේ නොහොත් බූටාවත්තේ කංකානමත් එහි පැමිණියේය. මේ තුන් දෙනා ම බණ පොතක් ගෙන්වා ඒ මත අත් තබා රහස් රැකීමේ දිවුරුමක් ගත්හ. මේ සියල්ලම පුදුමයෙන් බලා සිටි භික්‍ෂුන් වහන්සේ ඒ පිළිබඳ තොරතුරු විචාළහ.”
“අපිත් සිංහලේ රජු හා සමග එක් වීමට කැමැත්තෙන් සිටිමු. සිංහලේ රජතුමා සැඟවී සිටින තැන ඔබතුමන්ගෙන් දැනගැනීමට අපි ඔබතුමා මෙහි කැඳවා ගත්තෙමු.”යි පල්ලමේ කුඹුරේ නිලමේ කියා සිටියේ ය. මේ ඉල්ලීම ඇසූ භික්‍ෂුන් වහන්සේ පුදුමයට පත් වූහ. සිංහලේ රජු පිළිබඳ කිසි තොරතුරක් දැන් තමා නොදන්නා බැව් එතුමෝ ප්‍රකාශ කළහ. එහෙත් පල්ලමේ කුඹුරේ එයින් සතුටට පත් නොවූයේය. යළිත් යළිත් එම ඉල්ලීම කරමින් කන්නලව් කිරීමට පටන් ගත්තේය. මඳක් කල්පනාකාරීව සිටි භීක්‍ෂුන් වහන්සේ සිනාසුනහ. “එහෙනම් ඔන්න අහගන්නැ”යි එතුමෝ කතාව පටන් ගත්හ. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ බලතල ලබා සිටින ශ්‍රේෂ්ඨතම රජතුමා දැන් කොළඹ කොටුවේ විශාල මැඳුරක ඉතා සුවයෙන් පසුවන්නේ යෑ”යි භික්‍ෂුන් වහන්සේ ඉතා දිග කතාවක් කියන්නට පටන් ගත්හ. මේ කතාවෙන් එතුමා විසින් හඳුන්වා දෙනු ලැබූයේ ටොරිංටන් සාමිවරයා මිස අන් කිසිවකු නො වේ. පල්ලමේ කුඹුරේ නිලමේට එය හොඳටම ප්‍රමාණවත් විය.”
“පසුවදා මහනුවරින් සේනාවක් ගෙන ගොස් කාහල්ලේ ගල් ලෙනක් තුළදී සිර භාරයට ගනු ලැබුවේ මේ ඉහතින් දැක්‌වුණු භික්‍ෂුන් වහන්සේයි. යුද්ධාධිකරණය ඉදිරියේ සාක්‍ෂි දුන් පල්ලමේ කුඹුරේ නිලමේත් ඔහුගේ පුතාගේ සහ වීදියවැල්ලේ විදානේගේත් සාක්‍ෂීවලට මම පරීක්‍ෂාවෙන් ඇහුම්කන් දුන්නෙමි. ඔවුන්ගේ ඒ සාක්‍ෂි සියල්ලම සිතා මතා කියන ලද අමූලික බොරු බැව් මම ස්‌ථිරව ම කියමි. ඒ භික්‍ෂුන් වහන්සේ සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බැව් මම දිවුරා කියන්නෙමි. එය ඔප්පු කිරීමට මා ළඟ සක්‍ෂි තිබේ. ඒ භික්‍ෂූන් වහන්සේ මරා දැමීම සම්පූර්ණම මිනිස් ඝාතනයක් බැව් දෙවියන්ගේ නාමයෙන් මම කියන්නෙමි. දෙවියන්ගේ රැකවරණය මට ලැබෙත්වා
මෙයට ඔබගේ යටහත් වැසි ඡේ. ඒ. දුනුවිල
මෙරට සිවිල් සේවයේ යෙදී සිටි ක්‍රිස්‌ටෝපර් විලියම් සහ ඒ. ඇම්. පර්ගියුසන් යන මහත්වරුන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ද මේ නින්දිත භික්‍ෂු ඝාතනය පිළිබඳ ආන්දෝලනයක් ඇති කිරීමට ක්‍රියා කළහ. මෙම ඝාතනයට එරෙහිව පැනනැඟුණ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස ඒ හිමියන් ඝාතනය කිරීමට පුරෝගාමි මෙහෙවරක යෙදුණ ටොරින්ටන්සාමිවරයා ආණ්‌ඩුකාර ධුරයෙනුත්, මහලේකම් ධුරය දැරූ එමර්සන් ටෙනන්ව එම තනතුරින් පහකිරීමට ද බ්‍රිතාන්‍ය රජයට සිදුවිය. එපමණක් නොව ආණ්‌ඩුකාර ටොරින්ටන් සාමිවරයා ආරක්‍ෂා කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ එවකට බ්‍රිතාන්‍ය අගමැති පදවිය දැරූ සෙල් සාමිවරයාගේ ඇමැති මණ්‌ඩලය පරාජය වූ අතර අසාධාරණ ලෙස චීවරය පිටින්ම ගොතන ලද සාක්‍ෂි මත බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනයට ලක් කළ මෙම සිදුවීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්‌ඩලය දෙදරා යැමට තරම් ප්‍රබල හේතුවක් විය.

Thursday, March 4, 2010
වැඩිහිටි තොත්ත බබාලා
බ්ලොග්කරණය ලංකාව තුල පැතිරුණු කාලයේ පටන් අපි විවිධ බ්ලොග් කියවීමට ආසාවක් දැක්වූවෙමු. සාම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ ගලා එන ඒක පාර්ශවික සන්නිවේදනයෙන් එහාට යා යුතු කාලය පැමිණ ඇතැයි අපට ඒ වන විට වැටහී තිබුනි. අවුරුද්දකටත් වැඩි ප්‍රමාණයක් බ්ලොග් කියවමින් ප්‍රතිචාර දක්වමින් ගත කල පසු බ්ලොග්කරණය සන්නිවේදන මාධ්‍යයක් ලෙස සාර්ථක වන බව වැටහී ගිය හෙයින් අපගේ සිතුම් පැතුම් එලි දැක්වීමට මෙලෙස බ්ලොග් අඩවියක් ආරම්භ කෙරුවෙමු.
අන්තර්ජාලය ස්වාභාවයෙන්ම රස්තියාදුකාර තැනකි. එහි නීති සීමා පැනවිය නොහැක. අන්තර්ජාලය වර්ධනය වන්නේද මෙම රස්තියාදුකාර හිපි සංස්කෘතිය හේතුවෙනි. සම්මත නැත. නීති නැත. ඇත්තේ නොකඩවා වෙනස් වෙන එකඟතා පමණි.
නමුත් අප දින කිහිපයක සිට දුටු පරිදි විකාර රූපී සිමා බන්ධන කිටි කිටියේ අපව වට කරමින් පවතී. මෙම බ්ලොග් අඩවියේ සටහන් පලවන එක් අඩවියක් විසින් දේශපාලනය පල කෙරෙන බ්ලොග් අඩවි ප්‍රධාන පිටුවෙන් ඉවත් කර වෙන් කර දැමීමට තීරණය කර ඇත. ඒ වෙනුවට ප්‍රධාන තැන හිමි වන්නේ තාක්ෂණික, පෞද්ගලික හා ආගමික ආදී වෙනත් විශයයන් ආශ්‍රිත අඩවි වෙතටයි. මෙය අප හට සංකේතීය වශයෙන් වැදගත් වන ක්‍රියාමාර්ගයකි.
අද කෙනෙකුගෙන් දේශපාලනය ගැන විමසුවහොත් ලැබෙන වඩාත් ප්‍රචලිතම පිළිතුර වන්නේ “අනේ අපි ඕවට නෑ” යන වදන් පෙලයි. එසේ නම් පිළිගත් මතය වන්නේ අදේශපාලනික වීම සුදුසු බවයි. දේශපාලකයින් යන පිලිකුල් සහගත රෑන ඕනෑ දෙයක් කර ගත්තාවේ. අපි අදේශපාලනික වී අපේ වැඩක් බලා ගනිමු. මෙය සෑම විටම ප්‍රචාරය කෙරෙන පණිවිඩයයි.
පසුගිය සති කිහිපය තුල අන්තර්ජාලය තුල සිදු වූ දේශපාලනීකරණය (තාවකාලික හා තේරුමක් නැති වුවත්) වෙත මෙවැනි පුද්ගලයින් යොමු කලේ පරම පවිත්‍ර විය යුතු බවට එල්ල කෙරෙන අවියයි.
“අනේ ඔයාලා මඩ ගහ ගන්න එපා. මේ සින්ඩියත් කැත වෙනවා. බලන්න ලස්සනට තියෙන සින්ඩිය”
දේශපාලකයින් දේශපාලනය යනුවෙන් කිසියම් වූ දෙයක් කරමින් මෙරට අගාධයට යවන බව සත්‍යයකි. එය වෙනස් කරන බව පවසන විකල්පය ලෙස පෙනී සිටින්නන්ද දේශපාලනය නැමැති මඩ ගොහොරුවේම දඟලන බවද සත්‍යයකි. නමුත් අදේශපාලනීකරණය මෙය හට පිළීතුර වන්නේ කවදා සිට ද?
ජරාවට පත් වෙමින් පවතින සිස්ටම් එක වඩාත් හොඳින් තේරුම් ගත හැකි වන්නේ අදේශපාලනික වීමෙන් ද? නොවෙනස් වන සමාජ විෂමතාවයනුත්, සමාජ ස්තර අතර ඇති නොනවතින ඝට්ඨනයත් තේරුම් ගන්නේ නැතිව සමාජයක් වෙනස් කිරීම කෙලෙස සිදු කල හැකි ද? දේශපාලකයින්ට බනිමින්, පවතින රජයන්ට බනිමින් අදේශපාලනික වීමේ තේරුම කුමක් ද?
මෙහි සත්‍යතාවය මෙයයි. මෙම ඊනියා පවිත්‍ර පුද්ගලයින්ට අවශ්‍ය දේශපාලනයක් නැත. ඔවුන්ට අවශ්‍ය සමාජ වෙනසක් නොමැත. එක්කෝ ඔවුන් සමාජය විනිවිද දැකීමට අපොහොසත්ව ඇත. නැතිනම් එසේ දැක දැකත් තමන් විඳින සැප නින්ද කඩා ගැනීමට ඔවුනට උවමනා නැත. ඔවුන්ගේ සැප නින්ද තුල ආගම දහම රැකීම තුලින් මෙලොව සියල්ල එගොඩ කල හැකිය (නමුත් ඒ සඳහා පන්සලට පල්ලියට ආධාර නොමසුරුව කල යුතුය). වැරදි විවේචනය නොකල යුතුය. විවේචනය සිදු වන විට සිත් රිදු වීම් නොකල යුතුය (අනේ ඔයාගේ නිර්මාණය හලී ෂෝයී. මෙතන ඩිංගක් අවුල්. ඒත් ෂෝයි). දේශපාලනය නොකල යුතුය. ඒවා කරන්නේ නෝටි ලමයි විසිනි. ගූගල් සමාගමේ නව **පෑඩ් එක තරම් දෙයක් මෙලොව තුල නැත. යමෙකු එයින් එහා දෙයක් කතා කරයි නම් ඒ නෝටි වීම නිසාය. කේන්දර තරම් වටිනා දෙයක් තවත් නැත. එය අනෙකුත් දේවල් පරදවා (පුවත් පවා) මුල් පිටුවට පැමිණිය යුතුය. අවසන් වරට පැමිණෙන්නේ මහා විර ක්‍රියාවයි. දිවයිනේ හෝ දිනමිණේ කතුවැකි පිටපත් කර බ්ලොග් තුල දැමිය හැකි නම් එය තරම් සමාජ සත්කාරයක් තවත් නොමැත. නමුත් මේවා ලංකා හෝ රාවය පත්තරය සම්බන්ධයෙන් සිදු වේ නම් එය තනිකර බුද්ධිමය දේපල මොකද්ද එකට අයත් වරදකි.
මෙවැනි තත්වයක් තුල ඊට විරෝධයක් පෑමටවත් ඉදිරිපත් වන්නේ කිහිප දෙනෙක් පමණක් බව අපි දුටුවෙමු. තවත් කිහිප දෙනෙකු මෙම අඩවිය පාලනය කරන්නන්ට කොන්දේසියකින් තොරව කඩේ යන බවද දුටුවෙමු. මෙය අතිශය ශෝචනීය තත්වයකි. අන්තර්ජාලය තුල මෙරට නියෝජනය කරන පිරිසක් කොඳු ඇට නාරටි නොමැති අදේශපාලනික වන්දිභට්ටයින් වී ඇත. ඔවුනට පරිගණකයක් ඉදිරිපිට රැඟුම් පෑමට ඇත්නම් ඊට වඩා දෙයක් අවශ්‍ය නැත.
දේශපාලනය, දේශපාලනීකරණය හා දේශපාලනික කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් අප මෙහිදී ඉදිරිපත් නොකරන්නෙමු. අදේශපාලනික ගන්ධබ්බයින්ට ඒවා තේරුම් කර දීම අවශ්‍ය නොවේ. අන්තර්ජාලය වැඩ කරන්නේ නම්, ගූගල් මේල් වැඩ කරන්නේ නම්, Facebook වැඩ කරන්නේ නම් ඉන් එහාට අයිතීන් අවශ්‍ය නැත. පරිගණකයක් ඉදිරිපිට මවාගත් චරිතයකින් ඊමේල් යවමින්, Facebook ප්‍රෝෆයිලය ලස්සනට තබාගෙන හුරුබුහුටි ලැමිස්සියන් කිහිප දෙනෙකු යහළුවන් හැටියට තබා ගත හැකි නම් සිස්ටම් එක මාර ආතල්ය. හදිසියේ ගූගල් තහනම් වී ගියහොත් අන්න එදාට සිස්ටම් එක අබ්ලික් ය. එදාට අපි සමාජය වෙනස් කල යුතුය.
එක් අතකින් ඔබ වැන්නන් අදේශපාලනික වීම හොඳ දෙයකි. නැතිනම් ගූගල් තහනම ඉවත් වූ පසු නැවත ඔබ දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිවරණයක්ම අවශ්‍ය විය හැක. දැනට නුඹලාට දේශපාලනය අවශ්‍ය නැත. සිස්ටම් එක කවදා හෝ පැමිණ වෘෂණ කෝෂ වලින් තද කර අල්ලා ගත් දිනයට පමණක් නැවත කියවා බැලීමට දේශපාලන කැටිගරියට යා හැකිය.
එක අතකින් මෙය මුළු මහත් ලාංකීය සමාජය පුරාම දැකිය හැකි ලක්ෂණයකි. තමන්ගේ ඇගේ නොවැදී යන කිසිම දෙයකින් තමන්ට හිංසා පීඩාවක් නැති බව සිතමින් ෆැන්ටසියක ජීවත් වන්නට මෙවැන්නන් වඩාත් ඇලුම් කරයි. දේශපාලනයට නොඇලී ඉන්නා තරමක් තමන් ට කිසිදු අන්තරාවක් නොවන බව මොවුන්ගේ තර්කනය අනුව සත්‍ය වේ. සිංහල බ්ලොග්කරුවන් යැයි හඳුන්වාගන්නා මොවුන්ගේ මෙම ක්‍රියාව සංකේතීයව අප කියවන්නේ එලෙසිනි.
සිස්ටම් එක කැරකී තමාගේ ඔළුව උඩට මිටි පහර වදිනා තෙක් බලා සිටින්න. දේශපාලනය නැමැති වස්ත්‍රය ඉවත් කර අදේශපාලනිකව නිරුවත් ලෙස ජීවත් වන්න. ගුගල් සූප්පුව කටේ ගසාගෙන Facebook කවි පදයක් ගයමින් නින්දට යන්න. මිනිසා දේශපාලනික සත්වයෙක් නොවේ. මිනිසා සත්වයෙකි. දේශපාලනික යන්න අපට අදාල නැත. අපි හොඳ තොත්ත බබාලා වෙමු.

ආදරණීය ප්‍රගීත් අන්කල්
ආදරණිය ප්‍රගීත් අන්කල්,
ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත 'ලංකාදිප' පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්ඛෙන්. ඔබ ඒ ලිපිය ඒව්වේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඔබ පළමුවරට පැහැරගෙන ගොස් නිදහස් කළ පසුවයි. අවුරුදු විස්සකින් පසු පළමු වතාවට-
-මම ප්‍රගීත් අන්කල්ට ලියන්න පෙළඹුණේ ඒ සිදුවීම විසින් මා තුළ ඇති කළ කම්පනයයි. අවුරුදු විස්සක් කොයි තරම් දිගු කාලයක්ද?
ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට ඒ අගොස්තුවේදී පුවත් පළ වී තිබුණත් ඔබ මා කුඩාකළ දැන සිටි ප්‍රගීත් අන්කල් යැයි මට එක්වරම නොසිතුනේ ළමා විය ගැන මගේ මතකය දුබල නිසා විය හැකියි. ඒත් ඔබේ පින්තුරයක් අහම්ඛෙන් දැක්කාම මට ඔබ කවුදැයි යන වග මතක් වූයේ ඔබේ රුව මගේ ළමාවිය ගැන ඉතිරිව ඇති මතක කැබැලිති අතර විසි වසක් නොනැසී තිබූ නිසායි. ඔබට කතා කළ යුතුයැයි කියන හැඟීමෙන් දින කිහිපයක් තැවුල් විඳි මම අසීරුවෙන් ඔබේ දුරකතන අංකය සොයාගත්දා කොයිතරම් සතුටු වූවාද? ඔබට ලියූ පළමු ඊ මේල් පණිවුඩය මම ලිව්වේ වේදනාබර සතුටකින්. ඔබ විඳි දුක් ගැහැට ගැන ඇසීමෙන් හටගත් වේදනාව යටකොට ළමා වියේ මා දැන සිටි 'ප්‍රගීත් අන්කල්'ට විසි වසරකින් පසු ලියන්නට ඉඩ ලැබීම සතුට කොයිතරම්ද?
ඒත්, නැවතත් ඔබ අතුරුදහන් ප්‍රගීත් අන්කල්!
මේ ලියන මොහොත වනවිට ඔබ ගැන තොරතුරක් නැතිව හරියටම දින 30ක්. ඔබ ගැන සිත නිවෙන පුවතක් දැකීමේ නොමැඩිය හැකි ආශාව මේ දවස් මුළුල්ලේ මා හැර නොයා රැෙඳන්නේ මගේ ළමා කාලය පිළිබඳ ඇති පී්‍රතිමත් මතකයන් අතර ඔබ අදත් ජීවමාන නිසායි. ඔබ ලියා තිබුණා වගේම මම අද, මගේ තාත්තාගේ ඔබ වැනි ආදරණීය මිතුරන්ගේ සෙනෙහස විඳ හැදී වැඩුණු ඒ පුංචි දැරිය නොවේ. සමාජය ගැන දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්. නමුත් දෙවෙනි වතාවේත් අතුරුදහන් වූ ඔබ ගැන යමක් කරන්නට අපි කිසිවෙකු සමත් වී නැහැ. ප්‍රගීත් අන්කල් මට ලියූ වචන මතකද? අද තියන භීෂණකාරීත්වය ගැනත්, ඔබ වැන්නන්ගේ අවදානම් ඉරණම් ගැනත් ඒ ලියූ හැම වචනයක්ම මට කට පාඩම් වන තරම් මම ඔබේ ලියුම කියවා තිඛෙනවා. නමුත් නැවතත් ඔබව පැහැරගෙන යන තුරුත්, ඉන් පසුත් අපට කළ හැකිව ඇති දේ
කොයිතරම් අල්පද?
ප්‍රගීත් අන්කල්, මම ළමා කාලයේදී අත් දුටු අතීත භීෂණයට වඩා අද භීෂණකාරීත්වය වෙනස් කියා ඔබ ලියා තිබූණා මතකද? ඔබ නිදහස්ව ආ දවස්වල ලියූ ඒ වචනවල බැරෑරුම්කම මට දැනෙන්නේ දැන්. මගේ ජිවිතයේ අඳුරුතම කාලය වූ 88-89 සමයේ මාත් - අක්කාත් පණ පිටින් මළවුන් බවට පෙරළු භීෂණයෙන් මට කිසි කලක ගැළවුමක් ලැඛෙතැයි මම හිතන්නේ නැහැ. නමුත් විසි අවුරුද්දකට කලින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඝාතනය කළ ප්‍රතිපත්ති ගරුක මිනිසෙකු වූ මගේ තාත්තා ගැන මතකයෙන් පෑරෙන අපේ ජීවිත සුවපත් කරන්නට උදව් කළ ප්‍රගීත් අන්කල් වැනි ආදරණීය කාරුණික මිනිසුන්ට විසි අවුරුද්දකට පසුවත් ලංකාව අනාරකෂිත තැනක් වන්නේ ඇයි?
ඒ අතීත ළමා කාලයේ මතකය තවමත් සිහිනයන් වගේ. ප්‍රගීත් අන්කල් අපේ ගෙදරට එන්නේ 80 වැඩ වර්ජනයෙන් පස්සේ. සාලයේ වාඩිවී තාත්තා එක්ක දොඩමළු වන සිහින් සිරුරක් ඇති ඒ ප්‍රගීත් අන්කල් මට තවමත් මතකයි. අපි ඉගෙනගත් ඌව කරඳගොල්ලේ පුංචි ඉස්කෝලයට පුස්තකාලයක් හදන්න තාත්තා එක්ක මහන්සි වුණු ඒ දවස් අන්කල්ට මතකද? ඉස්කෝලේ ළමයින්ට බුදුන් වඳින්නට කියා අපේ ගෙදර ඉස්සරහ තියාගෙන අන්කල්ගේ අතින් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවට අදත් ඒ ඉස්කෝලයේ දරුවන්
වඳිනවා ඇති. නොදන්නා දුර ඈත ගමක, නොදන්නා මිනිසුන්ගේ දරුවන්ට වඳින්නට රෑ දවල් වෙහෙස වී ඒ බුදු පිළිමය අඹන්නට අන්කල් මහන්සි වූ දවස්වල මගේ තාත්තා ඒ අසළට වී බලා ඉන්නා විදිය මේ ලියන මොහොතෙත් මගේ හිතේ දුක්බර රූපයක් වී ඇෙඳනවා. විසි අවුරුද්දකට පසුව පවා ඒ දුප්පත් ඉස්කෝලයේ පියස්ස යටට එකතු වෙන දරුවන්ට වඳින්නට බුදු පිළිමයක් නෙලු නොදන්නා මිනිසා කොළඹ වීදියක හිටි ගමන් අතුරුදහන් වූ බව කරඳගොල්ලේ දරුවන් කෙසේ නම් දැනගන්නද?
ආදරණීය ප්‍රගීත් අන්කල්,
කිසිදාක අමතක නොවෙන ඒ අඳුරු අතීතය මැද දිලෙන පහන් ආලෝකයක් වැනි ඔබේ මනුෂ්‍යත්වය ගැන මේ ලියූ සියල්ලට වඩා අමතක නොවෙන තවත් දෙයක් මම ලියන්නම්. තාත්තා මුහුණ දුන් රුදුරු මරණයෙන් පසුව භීතියෙන් තැතිගත් නෑ හිත මිතුරන් බොහෝ අය අපේ තාත්තාගේ අළු පවා තියා ගන්න බිය වුණු කාලයක් ඒ. කුඩාවියේ සිටි අක්කාට හෝ මට තාත්තාගේ අවසන් මොහොත පවා දකින්නට ඉඩක් ලැබුණේ නැහැ. අපි උස් මහත් වී වැඩිහිටියන් වූ දවසක අපට දෙන්නට අපේ තාත්තාගේ අළු ළඟ තබාගෙන පරිස්සම් කර දෙන්නට තරම් හදවතක් හා ධෛර්යයක් තිබුණේ ඔබට බව මම දැනගත්තේ ගොඩාක් පසු කාලයකයි. නමුත් ඒ භීෂණයේ කුණාටුවෙන් බිඳී විසිරුණු කැදැල්ලකින් විසිව තැනින් තැන හැදී වැඩුණු අක්කාත්, මමත් ඔබ හමුවන්නට ප්‍රමාද වූ නිසා, ඔබ ඉතා ගෞරවණීය විදියට මගේ තාත්තාගේ අළු කැලණි ගෙඟ පා කළ
බවත් මම දැනගත්තේ ඒ කාලයේදීයි. කොළඹ වීදියක මහ රැයක අතුරුදහන් වූයේ ඒ තරම් උතුම් මනුෂ්‍යත්වයෙන් හෙබි දුර්ලභ මිනිසෙකු බව මිනිස් තෙතමනයක් නොදැනෙන සමාජයකට කියා තේරුම් කර දෙන්නට මට කවදා නම් පුළුවන් වේවිද ප්‍රගීත් අන්කල්?
ආදරණීය ප්‍රගීත් අන්කල්,
මගේ තාත්තා එනතුරු මග බලා ඉන්න තිබුණා නම් ජීවිතය කෙළවර වන තුරුම අපේකෂා අත් නොහැර මට බලා ඉන්න හයිය තිබුණා. භීෂකයින්ගේ දෑතින් විකෘති කළ මගේ තාත්තාගේ කෙසඟ සිරුර ඒ බලාපොරොත්තු මගෙන් උදුරා දැමුවා. ඒත් ප්‍රගීත් අන්කල් නැවත එන බවට අද මගේ විශ්වාසය ශක්තිමත්. කිසි දවසක දැක නැති අන්කල්ගේ පවුලේ අය සමග අන්කල් නැවත එනතුරු බලා ඉඳින මිනිසුන් අතර මමත් රැඳී ඉන්නේ ඒ නිසායි. ඒ ආ දවසක සන්සුන් සිතින් අන්කල් මේ ලිපිය කියවන බව මට විශ්වාසයි. නැවත පෙරළා එන්නට ප්‍රගීත් අන්කල්ට ශක්තියක් වෙන්නේ අපි හැමෝම තුළ ඇවිළෙන ඒ විශ්වාසයයි.
මට ලෝකයක් තරම් ආදරය කළ මගේ තාත්තාගේ අවසන් අළු බඳුන අපි වෙනුවෙන් රැකගන්නට හදවතක් තිබූ ඔබ මගේ තාත්තාගේ ආදරය විසින්ම රැකදෙන බව මට ඒකාන්තයි.

බ්ලොග් කොපි නොකරමු.....
මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)
Subscribe to:
Posts (Atom)