Friday, April 2, 2010

කතෘ අයිතිය

මිතුරනි,
යම් පුද්ගලයකු තමන්ගේ දැනුම, අත්දැකීම් සහ තමන් සතු සම්පත් උපයෝගී කොටගෙන කරනු ලබන නව නිර්මාණයක කතෘ අයිතිය පිලිබඳ කිසිදු ගැටලුවක් නොමැත. ඔහුගේ එම නිර්මානය අයුතු ලෙස(මෙය නිර්වචනය කිරීම ඉතාම අසීරු කටයුත්තකි) භාවිතා කරමින් ලාභ ඉපයීම මුල් නිර්මාණකරුට කරන අසාධාරනයකි. මේ සම්බන්ධව කිසිදු තර්කයක් අප සියලු දෙනා තුලම නැති බව මම විශ්වාස කරමි.

එහෙත්....

යමෙක් කිසිදු ලාභ අපේක්ශාවකින් තොරව, මුල් නිර්මාණය තමන්ගේ කරගැනීමේ අදහසකින් තොරව, මුල් නිර්මාණය පැහැදිලිව බලාගැනීමට පහසුකම් සපයා දී වෙනත් තැනක පලකරන විටත් තමන්ට අසාධාරනයක් වන්නේ යැයි කෑ කෝ ගසනා නිර්මාණකරුවන් සැබෑවටම ආත්මාර්තකාමී, තමන්ගේ නිර්මාණයෙන් සමාජයේ යහපතට වඩා තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගැනීම අරමුණු කරගත් මිනිසුන් කොට්ඨාශයක් නොවන්නේද?

"මානවයාගේ දැනුම සමාජය උදෙසා විය යුතුය" යන්න ඔබ විශ්වාස කරන්නේද?

Sinhala NOT Sinhalese

http://everything-everyday.blogspot.com/2010/04/sinhala-not-sinhalese.html
http://danishkanavin.blogspot.com/2009/03/sinhala-not-sinhalese.html


If you still use "Sinhalese" as the language name in your localization project, pls revert it to "Sinhala".


"Sinhala" is the preferred word for the language as per the Sri Lankan constitution and ISO 639:


http://www.constitution.gov.lk/downloads/Chapter%20IV%20-%20Language.pdf


18. 3[(1)] The Official Language of Sri Lanka shall be Sinhala.


http://www.loc.gov/standards/iso639-2/php/code_list.php


sin si Sinhala; Sinhalese


* Sinhala language
* Sinhala script
* Sinhalese people

Thursday, April 1, 2010

තුම්මුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ "බයි" ප්‍රොඩක්ට්ස් හෙවත් හැල ගෙම්බෝ

http://makabaas.blogspot.com/2009/01/blog-post_31.html


තුම්මුල්ල මධ්‍ය මහා විද්‍යාලය හෙවත් කොලඹ විශ්ව විද්‍යාලය අපට අමුතු තැනක් නොවේ. (ඒ කෙසේද යන්න මෙතනට අදාල නොවන නමුත්, භෞතික විද්‍යා, රසායන විද්‍යා අංශ පැත්තේ එන්නේ නම් අප හමුවිය හැක .) මහාචාර්ය නලින් ට අනුව මෙම විශ්ව විද්‍යාලයත් ඇතුලුව ලංකාවේ සියලු විශ්ව විද්‍යාල විසින් බිහිකර ඇති අති බහුතරය අනුකාරකයෝය. නලින්ට අනුව දැන් ලෝකය පුරා ඉගැන්වෙන අයි. ටී ද මහා කෙප්පරයකි. නලින් දෙවියන් වහන්සේ නොවන නිසාත් නලින්ගේ සෑම අදහසක්ම කිසිවක් නොවිමසාම හිස් මුදුනින් පිලිගනීමේ අවශ්‍යතාවයක් නැති නිසාත් ඔහුගෙ බොහෝ කියුම් සමග අපට එකඟ විය නොහැක. ඒ කෙසේවෙතත් මේ අනුකාරකයින් පිලිබඳ තියරිය ගැන නම් අපට ඇත්තේ කුකුස මුසු උනන්දුවකි. ඒ අන් කිසිවක් නිසා නොව නදීක ගුරුගේ ගේ "සිංදුවක්" යැයි කියන යමක් විවේචනය කිරීමෙන් පසු අපට ලැබුනු ප්‍රතිචාර ඔස්සේ ඒ ඒ අයගෙ බ්ලොග් වලට එබීමට අපටද අවස්තාවක් ලැබීම හේතුවෙනි. ඊට අමතරව එක්තරා බ්ලොග් එකක නදීක සම්බන්ද වු ප්‍රසංගයක් අරබයා කල විවේචනයක් සම්බන්දයෙන්ද අපට දක්නට හැකිවුයෙ ග්‍රාම්‍ය, අපරිණත තකතීරු, හිස්වචනය. " කවුද කවුද නදීකට බැන්නෙ" වැනි අවර ගනයේ සරම් කැසපට ගසා ගත් ගොබ්බයන් සිහිගන්වන තුට්ටු දෙකේ ගොං පාට්ය. පෞර්ෂය (personality) සහ අනන්‍යතාවය (identity) වෙන්කර ගත නොහැකි ගං කබරයන්ය. අපි නදීක ඔලුවෙන් සිටුවා හම ගසා පෙන්වු විට මේ නදීක වෙනුවෙන් සටනට ආ වීරයින්ට හරි හමං උත්තරයක් වත් ලියාගත නොහැකිවිය!! අපගේ ලිපියට ප්‍රතිචාර වශයෙන්ද ලියා තිබුනේ "අනේ ඒක හරිම හොඳ සින්දුවක්" වැනි ලාමක ප්‍රතිචාරය.


සිරිතක් වශයෙන් සිරසට බැන වදින මුංගේ සිංහල බ්ලොග් ලියැවෙන්නේත් සිරසේ භාෂාවෙනි. නිර්ණාමික ප්‍රතිචාර තහනම් කර ඇත්තේ එවැනි ප්‍රතිචාර කරනවුන් නපුංසක, කොන්ද පන නැති එවුන් නිසාය. නදීක පිලිබඳ විවේචනය සම්බන්දයෙන් මේ කොන්ද පන ඇති එවුං නිහඬය.


මේවායේ ඇති දෑ සමහර මජර ටෙලිනාටක වලවත් දකින්නට නොලැබෙන "මැජික්" බව අපට කල් නොයාම පසක් විය. එකෙක් ඔහුගෙ ජංගම දුරකතනය අහවල් වර්ගයේ බව අප හැමට කියා දෙයි. තවෙකෙක් කියන්නේ අම්මගේ සිල්ලර කඩයෙන් ඉන්ටර්නෙට් ප'සනැලිටි අඩු මුදලට ගෙන නිර්ණාමික කමෙන්ට් දැමීමෙන් වලකින ආකාරයයි. සමහරෙක් තමන් දන්සැල්, තොරං මඩු ආදියේ කෙල පැමිනියෙක් බව කියා දෙන්නේ හමුදාව අල්ලාගන්නා හැම නගරයක් පාසාම ප්‍රසාද තුති පිදීමෙනි. මේ හැම එකෙක්ම තම මුනත්තහඩුවත් පැටිකිරියත් තොරොම්බල් කරමින් "මම අහවල් වසරේ **** එකේ" යනුවෙන් පවසන්නේ හුදී ජන පහන් සංවේගය පිනිසම මිස තම මමායනය පුම්බා ගැනීමට නම් නොවේ. එකෙක් නම් එනපොට හරිනැති බව පසක් කරගත් නිසාදෝ, උගේ මුනත්තහඩුවත්, පට්ටන්දරයත් බ්ලොග් එකෙන් ගලවා දැමීය.


මේ කොලඹ විශ්ව විද්‍යාලයේ බ්ලොග් ලියන ශිෂ්‍යන්ගේ කෙරුවාවයි. ලාංකීය දේශපාලනය, මාධ්‍ය නිදහස හෝ නවක වදය ගැනවත් අලුත් යමක් ලියන්නට, තම මතය ප්‍රකාශ කරන්නට එක්කෝ මුං බයයි, එසේත් නැත්නම් එවැනි මතයක් මුංට නැත. අප කොතරම් අකැමැති වුවත් නලින් කියන අනුකාරකයන් පිලිබඳ තියරිය නිවැරදිද?? 
මේ ගං කබරයන්ගේ, හැල ගෙම්බන්ගේත් බ්ලොග් දකින විට අප සියොලඟ ලැජ්ජාවෙන් වෙවුලා යයි.
මේ මඩ ගැසීමක් නොව ධනාත්මක සංවාදයකට කෙරෙන අභියෝගයක් වෙයි.

Wednesday, March 31, 2010

සිංහල Unicode වංශ කතාව...

http://lankanthoughts.blogspot.com/2009/07/unicode.html


ඊයේ ජාතික රූපවාහිනියේ නැණ පියස වැඩසටහනෙන් යුනිකෝඩ් (මේකට යුනිකේත කියලා වැරදි පරිවර්තනයක් දීලා කවුරුහරි පණ්ඩිතයෙක්. හරිය‍ට සර්වලෝක පූට්ටුව වගේ. ඒ නිසා මීට පස්සේ මම යුනිකෝඩ් කියලාම කියන්නම්.)  ගැන කතා ක‍ළා. ICTA එකේ ලොකු මහත්තයත් පොර ටෝක් ටිකක් දෙනවා මම අහගෙන. ඒ අස්සේ එයා කියනවා ලංකාවේ සිංහල බ්ලොග්කරුවන් කියලා සංගමයකුත් හදාගෙනලු. එයාලා කියලත් නෙවෙයිලු ඒක වෙලා තියෙන්නේ. මාර වැඩේ. (එයා කියන්න ඕනියැ සංගමයක් හදාගන්න !!! ) ඒක නම් අපිට ආඩම්බරයක්. අපිත් ඒකේ සාමාජිකයෝ නේද කියලා. නිර්මාපකයෝ නොවුණත්. (මම දැන් ඒ තරම් ක්‍රියාකාරීව ඒකට දායක වුණේ නැති වුණත්.)


මයික්‍රොසොෆ්ට් සමාගම ලෝකයා වෙනුවෙන් කරපු ඉතාම වැදගත් මෙහෙයක් තමයි මේ යුනිකෝඩ් ක්‍රමය ප්‍රචලිත කිරීමට කටයුතු කිරීම. මේ ගොල්ලෝ මේක launch කරන එක ඉක්මන් කළේ තමන්ගේ ලෝක ආධිපත්‍යය කහවුරු කරගන්නයි. ඉංග්‍රීසියෙන් software තිබුණට ඒවා regional languages වලින් ඉදිරිපත් කළේ නැතිනම් තමන්ට  ලෝකය ඉදරියේ පළමු තැන ගැනීම අපහසු බව ඔවුන් වටහා ගත්තා. ලෝකයේ ප්‍රධාන භාෂා වලට තම සමාගමේ වැදගත්ම software වල interface පරිවර්තනය කරන්නත් සියලුම භාෂාවන් වලට support කරන ආකාරයට එම software දියුණු කරන්නත් ඔවුන් පියවර ගත්තේ ඒ අනුවයි.


දෙමළ භාෂාව ඔවුන්ගේ මුල් අදියර වලදීම අවධානයට ලක්වුණා. MS Office 2000/වලත් දෙමළ වලට සහාය දැක්වුවා මතකයි මට.


සිංහල ප්‍රමාද වන්නට හේතුව වුණේ සිංහල වලට නිවැරදි යතුරු පුවරුවක් ඒ වන විට නොතිබීමයි. විවිධ font නිර්මාපකයන් විවිධ උපක්‍රම අනුගමනය කරමින් font layouts design කරලා තිබුණත් තරමක් හෝ පරිශීලකයාට පහසු වූයේ පැරණි විජේසේකර යතුරු පුවරුව follow කරලා හදපු ෆොන්ට්ස් විතරයි. අනික් ඒවා භාවිතයේදී අපිට තිබුණේ character map පිහිටම තමයි.


ඒ අස්සේ සමහර සමාගම් මේක අවස්ථාවක් කර ගත්තා පොඩි ගාණක් හොයගන්න. ඒ ‍විජේසේකර යතුරු පුවරුව හුරු රජයේ සේවකයන් හා පුවත්පත් ආයතන වල සේවකයින්ට පරිගණක භාවිතා කිරීමට ලැබීමත් සමග. ඔවුන් ඉස්පිලි පාපිලි නිවැරදිව type වෙන විදියට develop කරපු පොඩි program එකක් දුන්නා pre-designed fonts pack එකක් එක්ක. මේක dongle එකක් හරහා print වෙන විදියට සකස් කළේ තමන්ගේ software එක හොරෙන් copy කර ගත්තට ඒකෙන් වැඩක් වෙන්නේ  නැති වෙන්නයි. මේ software වලට ටික ටික spell checker, grammer checking වගේ facilities එකතු කරන්නත් කටයුතු කෙරුණා. හැබැයි දැන් මේ යුනි‍කෝඩ් කෙරුවාවෙන් කෙළින්ම පහර වදින්නේ ඔවුන්ට. වැඩේ ඒ තරම් සාධාරණ නොවුණත් මේ සමාගම් වලිනුත් සිංහල භාෂාව පරිගණක යුගයට රැගෙන යන්න සෑහෙන සේවයක් වුණා.


අපේ රටේ භාවිතා වන ලිඛිත භාෂා දෙක වන සිංහල හා දෙමළ යන දෙකම දැන් යුනිකෝඩ් වලට හැරවිලා අවසන්. සිංහල වගේ නොව දෙමළ රටවල් ගණනාවක භාවිතා වන නිසා දෙමළ භාෂාව මගේ දැනුමේ හැටියට ඉතා නිවැරදි ආකාරයට යුනිකෝඩ් වලට පරිවර්තනය කරලා තියෙනවා. ඒකත් හොඳයි. අපේ පණ්ඩිතයෝ ඒ වැඩෙත් කළා නම් සිංහල වලට වෙච්ච හානිය දෙමළ වලටත් වෙන්න තිබුණා.


ජේ.බී. දිසානායක පඬිතුමා‍ මේ Sinhala Unicode කරන project එකට රිංගගෙන ක‍රපු දේවල් වල ප්‍රතිඵල තමයි ඒ. එයා කරපු එකම වැඩේ [ඉලු], [ඉලූ] කියන අක්ෂර දෙක අයින් කරලා (මේ දෙක type කරලා පෙන්නන්නවත් බැරි ඒක අයින් කරලාම දාපු නිසයි. ලංකාවේ ඉස්කෝලෙකට ගියානම් ‍පොඩි පන්ති වලදි දුන්න පොත්වල මිශ්‍ර සිංහල හෝඩිය බැලුවොත් හොයා ගන්න පුලුවන්.) ඒ කාලේ පුස්කොළ පොත් වල fullstop තියන්න ගියොත් ඉරෙන නිසා ඒ වෙනුවට භාවිතා කරපු කුණ්ඩලිය (෴ ) ලකුණ ඇතුලත් කරපු එක තමයි. අකුරු 1000 කටත් වැඩියෙන් තියෙන චීන, ජපන් හෝඩි වලටත් යුනිකෝඩ් වල ඉඩ ඇති වුණත් සිංහල හෝඩි‍යේ සම්පූර්ණ අකුරු ටික දාගන්න බැරි වුණේ මේ පඬිතුමාගේ බූදලයෙන් මේ ඉඩ පිරිමහන්න ගිය නිසාද දන්නේ නෑ. ඒ මදිවට ගෙඩිය පිටින් අමු අමුවේ ඉස්සර type writer වලට use කරපු විජේසේකර යතුරු පුවරුව යුනිකෝඩ් වලට දාලා. (මේක පාවිච්චි කරන්න කියලා නිර්දේශ කර‍න්න මහාචාර්යවරු ඕනි යැ !) තව විනාශයක් තමයි ‍‍‍‍ බැඳි අකුරු වලට කරලා තියෙන්නෙත්.


දැන් keyboard එකේ විරාම ලක්ෂණ ගහන්න දහඅට වන්න‍ම් නටන්නයි අපිට වෙලා තියෙන්නේ. ලෝකේ කොහේ ගියත් US keyboard එකක්ම පාවිච්චි වෙන නිසා අපේ ඔය ICTA පණ්ඩිතයන්ට තිබුණේ ඒ ටික වෙන තැන් වලට ඔබන්න තටමන්නේ නැතිව සිංහල අකුරු, ඉස්පිලි, පාපිලි ආදිය සුදුසු තැනකට යොදන්නයි. වැරදි දේ සම්මතයක් කළාම ඒක නිවැරදි කර ගන්න එක කොයිතරම් අමාරුද? UK keyboard එකේ වුණත් fullstop, comma වගේ මූලිකම ලක්ෂණ එහෙමම තියාගන්න උත්සාහ කරලා තියෙනවා සුලු වෙනස්කම් තිබුණත්.


තවත් ගැටලුවක් තමයි දැනට යුනිකෝඩ් fonts වල තිබෙන හිඟතාවය. මේකට නම් අපි හැමොම එකතු වෙන්න ඕන. fonts නිර්මාපකයන්ගෙන් අවසර ලැබෙනවනම් දැනට තිබෙන සාමාන්‍ය සිංහල fonts යුනිකෝඩ් වලට හැරවීමට සහය ලබා දෙන්න හුඟ දෙනෙක් කැමති වෙයි. එතකොට කෙටි කාලයකින් අපිට විශාල fonts සංඛ්‍යවක් Unicode compatible වලට convert කරලා ගන්න පුලුවන් වෙයි. ඒක desktop publishing හා graphic designing ක්ෂෙත්‍ර වලට


‍කොහොම වුණත් යුනිකෝඩ් කියන්නේ සිංහල භාෂාව අනාගතයට ගෙන යාමට විශාල පිටිවහලක් කරගත හැකි දෙයක්. ඒක නිසි විදියට පාවිච්චි කොට ප්‍රයෝජන ගැනීමත් අපේ යුතුකමක්.


යුනකෝඩ් ගැන විස්තර ගන්න මේ links බලන්න.
http://locallanguages.lk
http://www.kaputa.com/sinhalaunicode/
http://www.spot.lk/fonts.html


දැනට අපි දන්න සියලුම යුනිකෝඩ් fonts මෙතනින් ගන්න පුලුවන්…
http://www.wazu.jp/gallery/Fonts_Sinhala.html


Real-time converter එකකට නම් ,
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

නලින් ද සිල්වා, සිරස සහ string theory

http://makabaas.blogspot.com/2009/01/blog-post.html


නලින් ද සිල්වාට අනුව සිරසට පහර දුන්නේ සිරසෙම කට්ටිය නොව බටහිරයෝය. ලසන්ත මරා දැම්මේද බටහිරයෝය. නලින් දන්නා පරිදි බටහිරයෝ මීට පෙරද මෙවැනීම වු පාතාල වැඩ කර තිබේ. උන්ගේ ඒකායන අදිටන මෙවැනි අසමජ්ජාති වැඩ වලින් ආන්ඩුව අපකීර්තියට පත්කීරීමය.


සිල්වා කියන මේ කතන්දරය ඈත්තක් නම්, එය ඔප්පු කීරීම මහලොකු කාරියක් නොවේ. පොලිසිය සහ අනෙකුත් අපරාධ මැඩලීමෙහි සමත් නොයෙකුත් දෙපාර්තුමේන්තු යොදවා බටහිරයන් සහ උන්ගෙ ඒජන්තයින් මෙම අපරාධ වලට වග කිවයුතු බව මැනවින් ඔප්පු කිරීම කජු කනවාක් මෙන් ලෙහෙසි වැඩක් විය යුතුය. ආන්ඩුවට තරම් වෙනත් කිසිවෙකුටත් එවැනි කාර්යයක් සඳහා අවශ්‍ය සම්පත් නැත. බටහිරයන්ගේ ඒජන්තයින් සිරගෙරට යවා එමගින් ආන්ඩුවට තම නම පිරිසුදු කරගැනීමටද හැකිවේ. මේ අප කාහටත් පෙනෙන තර්කානුකුල යතාර්තයයි. නමුත් සැබෑ තත්වය මීට වෙනස් බව අපට පෙනේ. පොලීසිය පසුගියදා අධිකරනයෙන් අම්බානකට අහගත් බව අපි දනිමු. ඒ පරීක්ෂන වෙන දිසාවකට යොමු කීරිමේ අදහසින් කෙරෙන අත් අඩංගුවට ගැනීම් නිසාය. ඒ අතරම මහින්දත් අනෙක් ඇමතියෝත් තම නැණ පමනින් මත පල කරති. එහෙත් ඒ කිසිවෙකුටත් බටහිරයන් අල්ලා දීමේ උවමනාවක් නැති හැඩය.


ගොන් කතා කීමට බලපත් අවශ්‍ය නොවන නමුත්, එනිසාම සීමාවක් නැතිව ගොන් කතා කීම කවුරුන් වුවද නොකලයුතුය යන්න අපගේ මැදහත් විශ්වාසයයි. සිල්වා ඇතුලු පිරිවර සිතනුයේ මෙරට වැසියන් මීහරක් කියාදැයි අපි නොදනිමු. සිල්වා සහ ඔහුගේ ගං කබරයින් රැලට පොඩි අභියෝගයක් කරන්නට අපට සිතේ. හැකිනම් ක්වොන්ටම්, ස්ට්‍රින්ග් තියරි හෝ වෙනත් ඕනැම සෙප්පඩ විජ්ජාවක් උපයෝගී කරගෙන, නිකම් දෙකයි පනහෙ තියරී නොදා, බටහිරයන් මේ අපරාධ වලට වග කිවයුතු බව පෙන්විය හැකිද?

අසංසදයේ මහා සභා රැස්වීම සහ ප්‍රකාශනයේ නිදහස...

http://makabaas.blogspot.com/2009/03/blog-post.html


මැටි පාන් චන්දරේ (හෙවත් හරක් චන්ද්‍ර ): ආ ඔය කවුරු බ්ලොග් ලිව්වත් අපිට ලොකු නැහැ අරිද... මට නං පේන්නේ මේ අසංසදයේ කොල්ලොයි බල්ලොයි ඔක්කොම බ්ලොග් ලියන්න අරං. අපිට කිසි තත්වයක් නැහැනේ අපි අයි.ටී කැම්පස් වෙලත්. ගූගල් සමූහයෙ බ්ලොග් නොලියන එවුනුත් ඉන්නව.....


ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ඈ යකෝ? මේ හලෝ , ඔය බ්ලොග් නැති අපතයන්ට තමා කමෙන්ට් දාන්න කෑල්ලක් තියෙන්නේ. අපි වගේ වැදගත් බුවාලටයි අසංසදය තියෙන්නේ. එනව මෙතන..මේක පිටකොටුව කියල හිතාගෙනද දන්නෙ නැ ඉන්නේ.....


ඤතුර චොප්පෙ: මොකා? යකෝ මැටි පාන්, නිකං පීචං වැඩ කරන්න එපා මටත් බ්ලොග් එකක් නැහැනෙ . ඒත් මම උඹලටම ගොට්ට අල්ලං ඉන්නවනෙ.....


ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ආ නැහැ , උඹ අපේ එකෙක් නෙ, අපි කියන්නේ උඹ ඇර අනිත් බ්ලොග් නැති ලපයි සිපයි ටික ගැන..


මැටි පාන් චන්දරේ: යකෝ ඤ්තුර උඹ තමයි හැම එකක් මැදටම පැනල මට පොර වෙන්න තියෙන අවස්තාවල් නැති කරන්නේ. මේකෙ අපි වගෙ ක්ලාස් එකක් තියෙන එවුං වැඩිය නැහැනේ..වැඩිය ඉන්නෙ රස්තියාදු කාරයෝ.


අම්බලං කොන්ඩයා: යකෝ අදහස් ප්‍රකාශනය ගැන මොන මොන බයිල ගැහුවත්, බ්ලොක් සයිට් ඇඩ් ඔන් වගේ එව්ව දාල මම නම් මම අකමැති ඔක්කොම බ්ලොග් බ්ලොක් කරල තියෙන්නේ.... ඔක්කොම බ්ලොක් කරාම මාර ආතල්..ඇයි මගෙ බ්ලොග් එක විතරයි නෙ බලන්නෙ..මට විරුද්ද බ්ලොග් එකක්වත් මට පේන්නේ නැහැ....


මැටි පාන් චන්දරේ: ෂා මරු බන්, අපි මේ වගෙ ප්‍රජතාන්ත්‍රික ඇඩ් ඔන් තව තව ප්‍රචලිත කරන්න ඔනේ..මොකද දැන් අපේ ෆ්ලොවර්ස් ල අඩු වෙනව දැන් මේ අලුත් ලපයි සිපයි ලියන්න ගත්තට පස්සෙ...


අම්බලං කොන්ඩයා: ඔව් ඔව්..පලවෙනි පියවර බ්ලොක් කරල අපි බලන්නෙ නැහැ..දෙවැනි පියවර බ්ලොග් තහනම් කිරීම..අනිත් එවුන්ටත් බලන්න බැහැ.. එව්වට නීති රීති ගෙනාවනං හරි...මොකද බං මෙහෙම අනිත් එවුං ලියනකොට නිකංම අපි පීචං...


මැටි පාන් චන්දරේ: අපි දන්නේ අයි ටී විතරයි කියල පේන්නේ මේ රස්තියදුකාරයෝ එක එක මල ඉලවු ලියන හින්දනේ...


දනිස්ස: මේකෙ ස්පැම් කරන අයත් වැඩි වෙනවා, මට ලඟදි බලෙන් බූන්දි කවල හොඳටම බඩ ගියා...


කූඹියා: අපි බලෙන් කැව්වෙ නැහැ..නිකං අපහාස කරන්න එපා...


අම්බලං කොන්ඩයා: යකෝ කට වහපිය!! මෙතන අපහාස, සයිට් බ්ලොක් කිරීම ප්‍රචලිත කරන ඒව ගැන කතාකරන්න කලින් ස්පෑම් කිරීමේ සදාචාරය ගැන කතා කරමුද?? මුං දන්නේ නෑ ස්පෑම් කියන්නේ අදස් ප්‍රකාශනයට බාදාවක් කියල..


ගල්බනිස් සදාචාර: මේ අයියලා, මේකේ අර ඇම්ඩන් කතා ලියන්න ආපු එකාගෙ පිහිටෙන් වත් මොන මොනව හරි නීති ටිකක් ගේන්න බැරි වෙයිද හෑ?? මේකෙ ලමයි ඉන්නව කියලවත් ඔය අලුතෙන් ලියන එව්වෝ නවත්ත ගන්න බැරි වෙයිද හෑ???


ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ඔව් ඈ! මේ වගෙ පහත් ආසාවල් තියෙන එවුන් මේකට එනවෝ කියලවත් බලමුද ඈ??ඒ වුනාට බන් ඔය ආසාවල් මටත් තියෙනව බං..


අම්බලං කොන්ඩයා: මම නං මාර ආතල් වැඩක් කලා හිට්ස් ගාන වැඩි කරගන්න.. දැම්ම ගෙදර තිබිච්ච බළල් කුණ බ්ලොග් එකේ.. මාරායි බං.. හිට්ස් 600 පැන්න..


මැටි පාන් චන්දරේ: මමත් බ්ලොග් එකට අලුත් තීම් එකක් දාල, පාට ටිකක් ගාලා වත් බලනව..


අම්බලං කොන්ඩයා: අදහස් ප්‍රකාශනයේ අයිතිය වගේ නොතේරෙන මල ඉලවු නෙමේ ..මේක කොන්ට්‍රොල් කරගෙන ..පුලුවන්තරං සයිට් බ්ලොක් කරන හැටි ප්‍රචලිත කරමු..ඒත් අපේ ඒව ඇර..


මැටි පාන් චන්දරේ: හික් හික්..ඔව්..ප්‍රකාසනේ නිදහස යකාට ගිය දෙං ...මේක රස්තියාදුකාරයින්ගෙං බේරාගනිමු කියල වැඩට බහිමු..

Tuesday, March 30, 2010

Internet = තුරුදැල

http://ar-si.blogspot.com/2008/06/blog-post_09.html


Internet යන්නට අන්තර්ජාලය කියා නො යොදන කෙනෙක් බේතකට වත් සොයා ගන්නට අපහසුයි. නමුත් "අන්තර්" හෝ "ජාලය" යනු නො මුසු හෙළ වදන් නො වේ.


සකු වදන මෙන්ම හෙළ වදන ද එකසේ ගැටළුවකින් තොර ව යොදන වාර එමටයි. මේ උදාහරණ බලන්න:


ප්‍රවෘත්තිය = පුවත
දන්ත ධාතු මන්දිරය = දළ දා මැදුර
අමාත්‍ය මණ්ඩලය = ඇමති මඬුල්ල
සප්ත කූඨ පර්වතය = සත් කුළු පව්ව
චූඩා මාණික්‍යය = සිළුමිණ
චින්තා මාණික්‍යය = සිතුමිණ
මෙලෙස එකම තේරුම ඇති වදන් දෙකක් හෝ වැඩි ගනනක් හෝ තිබීම ගැටළුවක් නො වන බව පෙනේ.


Internet යන්නට ගැළපෙන හෙළ වදන සෙවීමේදී "inter" හා "net" ලෙස කඩා ගනිමු.


"Inter" යන්න අතරෙහි යන අරුත් දේ. මේ නිසා එයට "අතුරු" කියා යෙදිය හැක. මෙහි "අ" යන්න ලොප් වීමෙන් වදනෙහි තේරුම වෙනස් නො වේ. උදා: සුභාෂිතයේ "රුදුරු ගිනි කඳක් ගත් සඳෙහි වන තුරු" යන්නෙහි, "වන තුරු" යනු "වන අතුරු", එනම් වනාන්තරයෙහි (වන + අන්තරයෙහි) යන්නයි.


සිදත් සඟරාවේ නම වැනි වියරණ විදිය වන ලොප් වීම යෙදෙන මෙවැනි තැන් බහුලයි. සැළලිහිණි සඳෙසේ "අයිරා දහස් දිළි දුනු කොත් සිපත් ගෙන" යන්නෙහි "සිපත්" යනු "අසිපත්" වලටයි.


මේ අනුව, "Internet" යන්නට සුදුසු හෙළ වදන "තුරුදැල" ලෙස ඊලියන් ද සිල්වා සූරීන් ගේ යෝජනාව මෙසේ තිර කරමි.

Manage your proxies with FoxyProxy

http://danishkanavin.blogspot.com/2009/08/manage-your-proxies-with-foxyproxy.html


If you have more than one proxy to access outside networks, Use FoxyProxy.


FoxyProxy is an advanced proxy management tool that completely replaces Firefox's limited proxying capabilities. It offers more features than SwitchProxy, ProxyButton, QuickProxy, xyzproxy, ProxyTex, TorButton, etc.


FoxyProxy support for Firefox 2.0 to 3.6pre

Friday, March 26, 2010

නදීක ගුරුගේ- වැද්දෙක් නොවන වැද්දෙකුගේ සිංදු විලාපය

http://makabaas.blogspot.com/2009/01/blog-post_23.html



ගිතයක් සාර්තක වීමෙහිලා එක් ප්‍රධාන සාධකයක් වන්නේ එකී ගිතයේ ගේය පද රචනයයි. සරල වුද, මටසිලිටි වුද අර්තයෙන් පරිපුර්ණ වුද, ව්‍යාන්ගාර්තයෙන් සහ කවීත්වයෙන් රසගැන්වුනු ගීත ඔනෑ තරම්ය. එනමුත් එවනි ගීත සුලබවු නිසාම ඒවා නිර්මානය කීරීම හැම බයියෙකුටම ආවාට ගියාට කල හැක්කක් නොවේ. ජ්විපෙ වෙනුවෙන් ගී ගැයු නන්දා ගේ " ආලය වන්, මනරම්" ගීතයේ ගේය පද මීට හොඳ නිදසුනකි. යු එන් පී වේදිකාවෙ ගී ගැයු වික්ටර්, රුකාන්ත වැනි ප්‍රවීනයන්ගේද එවැනීමවූ සුකොමල භාෂා රසයෙන්ද කවීත්වයෙන්ද අනූනවු ගීත බොහෝය. තවත් ගායකයින් සීයක් හමාරක් මේ ගොන්නට දා නම් කල හැක. මින් අදහස් වන්නේ හැම ගීතයක්ම එකසේ අප හද ඇඳ බැඳ ගන්නා ආකාරයේ ගීත වීම අනිවාර්ය විය යුතු බව නොව, යම් ප්‍රමිතියක්, ගේය පද සහ සංගීතයේ සුසංයෝගයක්, යම් එන්ද්‍රියව බැඳුනු ශික්ෂණයක් ගීතයක තිබිය යුතු බවයි.


යූ ටියුබයෙහි සරන අප හට අහම්බෙන් මෙන් ගුරුගේ කෙනෙක් කියන සිංදුවක් අසන්නට ලැබීම පෙර කල පාප කර්මයක ප්‍රතිපලයක් බව වැඩිකල් යන්නට මත්තෙන් අපට වැටහින. සිංදුව මනාව රසවිදින්නට ඇස් පියාගත යුතුබවද විඩියෝ එකෙහි සටහන් විය. ප්‍රධාන අඩුව වුයේ සිංදුවේ ඇති ගේය පද වල තිබූ කාව්‍ය නොවන ගොරහැඩි, දල, කර්කශ ස්වභාවයයි. සුගම, සුනම්‍ය පද රචනයකින් තොර, නිර්මානත්මක ද්‍රරිද්‍රතාවයකින් පෙලුනු එම ගීතය කනට "ලාවා" වක්කරන්නාක් මෙන් විය. ඊට අමතරව එහි නාද රටාද බටහිර ගීතයකින් කොපි කර තිබු බවක් හැගින.


ශිෂ්ඨාචරේ මිනිහා ....ශිෂ්ඨාචරේ ගෑනී...කියා පටන් ගන්නා මේ බහුභුත සිංදුව, එකම ජෝක් එකක් වී අපගේ කොමඩි රසය නම් දෙගුන තෙගුන කලේය.


ගීතයක් යනු සුභාවිත ගේය පද වලින් පිරිපුන්, නාද ශික්ෂනයෙන් අලංකාරවූ නිර්මනාත්මක එලිදැක්වීමකි. රැවුල් වවාගත් පලියට, වැද්දෙක් මෙන් කොන්ඩය නාභිය තෙක් විහිදාගෙන ගැහැනුත් නොවන පිරිමිත් නොවන කටහඬකින් විකාර කීමෙන් අපිට ජෝක් වෙනවා හැරෙන්නට, තම නොදනුවත් කමත් මනාවට එලිපිට ප්‍රදර්ශනය කීරිම ගැන මේ ජෝකර්ලාට ස්තුතිවන්ත වියයුතුය.


ගේය පද රචනය යනු හැම පඟරනැට්ටෙකුටම කල හැකි කෙරුවාවක් නොවන බව මේ බයියන් වටහා ගන්නේනම් කාගේත් යහපතට හේතුවන බව අපේ නොමඳ විශ්වාශයයි. මෙවැනි බයියන් පසු පස යන රසිකයන්ට කිවයුත්තේ උන්ගේ පශ්චාත්භාග වලින් කලාව වින්දනය කල යුගය අවසන් කරන්නට කාලය සපැමින ඇති බවයි.

“Titanic – Untold Stories” ටයිටැනික් ඛේදාන්‍තයේ සැඟවුනු කතා

http://blog.budhajeewa.com/?p=306


මම මේ කියන්න හදන්නේ ටයිටැනික් නෞකා අනතුර ගැන Discovery නාලිකාවේ විකාශනය වුනු වැඩසටහනක් ගැන. “Titanic – Untold Stories” නම් වන මෙම මෙම වැඩසටහනේදී සිදුවෙන්නේ ටයිටැනික් ඛේදාන්‍තයට හේතු සාධක වුනු තාක්‍ෂණික දේශගුණ සාධක ගැන සාකච්ඡා කරනවා වෙනුවට, නෞකාව ආශ්‍රිතව කිමිදී පර්යේෂණ කරනා කණ්ඩායමක සොයාගැනීම් සහ නෞකා අනතුරින් දිවි ගලවාගත්තවුන්ගේ තොරතුරු මත එහි ගමන් කළ මිනිසුන් තම අවසන් අවස්ථාවට මුහුණ දුන් ආකාරය ගැන සොයා බැලීමක්.


ටයිටැනික් නෞකාව අයිස් කන්දේ හැපෙන්නට දෙපැයකට පමණ පෙර වෙනත් නෞකාවකින් ලැබුනු අනතුරු හැඟවීමේ පණිවුඩය, ටයිටැනික් ගුවන් විදුලි යන්ත්‍ර කියා කරවන්නන් විසින් නොසලකා හැරීම මෙම මහා මනුෂ්‍ය ජීවිත හානියට හේතු වුනු බවත් මෙහි සඳහන් වෙනවා.


ටයිටැනික් අනතුර දිහා තාක්‍ෂණික ඇසකින් බැහැරව බලන්න කැමති නම් ඔබටත් මෙය බලන්න පුළුවන්.


ටොරන්ටය බාගන්න: http://www.mininova.org/tor/597732

Thursday, March 25, 2010

පයි දිනය, අපි ගන්නා දේ සහ නොගන්නා දේ

http://blog.budhajeewa.com/?p=781

පහුගිය දවස් කිහිපය තුළ සිංහල බ්ලොග් කිහිපයක අප විසින් “සමරණ” දින ගැන සංවාදයක් ගොඩ නැගිලා තිබ්බා. ඒවායේ ගොඩනැගුනු සංවාද අනුව පැහැදිළි වුනු කරුණ තමයි ලංකාව තුළ නොයෙක් නොයෙක් පාර්ශව විසින් සැමරීමට” යොමුවන්නේ ඔවුන්ට හොඳට මාර්කට් කරන්න පුළුවන් වර්ගයේ “දින” සෙට් එකක් කියන එක.


මේ වගේ ඔවුන්ට මාර්කට් කරන්න බැරි “දින” ගැන අපි දන්නෙත් නෑ. මේ වගේ එකක් ගැන මට අද දැනගන්න ලැබුනේ Mashable හි පළවු “Pi Day: Google Doodle Celebrates Math Nerds Everywhere” නම් ලිපිය හරහායි.


පයි දිනය ලෙස අද සමරන්න හේතුව තමයි π හි අගය වන 3.141592654… හි මුල් ඉලක්කම් තුනෙන් දැක්වෙන 3.14 යන්න තුන්වැනි මාසයේ දහහතරවන දිනය යන්නට සම්බන්ධ කර ගත හැකි වීම.


අද වෙනකන් මෙහෙම දිනයක් තියනවා කියන එක මම දැනන් හිටියෙ නෑ. අඩු තරමේ අපේ ගණිත ගුරුවරයකුගේ කටින්වත් මේ ගැන නිකමටවත් කියවුනේ නැහැ.


මට මතු කරන්න ඕනෑ කාරණාව වන්නේ බටහිර විසින් සමරණ සෑම දිනයක්ම අප විසින් සැමරිය යුතුය යන්න නොවේ. බටහිරින් නොව කොයි දෙසින් උව අප ළඟා කරගත යුත්තේ යම් වටිනාකමක් තිබෙන දේවල්. නොවටිනා දේවල් රැසක් ලං කරගෙන සිටින අපට ඇයි අඩු තරමේ මේක ගන්න බැරි වුනේ?


පයි දිනය ගැන වැඩිදුර තොරතුරු:


http://piday.org/


http://en.wikipedia.org/wiki/Pi_Day

කොට චින්තනය

http://bit.ly/cdMidt

FACEBOOK තුල "මම" මාකට් වීම

http://makabaas.blogspot.com/2009/05/facebook.html



ෆේස් බුක් ගැන නන් දොඩඩවන්නෝ බොහොමයක් අහවල් ඇප්ලිකේශන් එක නිසා උන්ට සිදුවන දහසකුත් එකක් අමාරුකම් කියාපාති. අහවල් ෆීචර් එක , අහවල් ලබ්බ නිසා සිදුවු අලකලංචි ආදි නොයෙකුත් අටානුවක් බුක් රෝග, බුක් කේස්, බුක් හබක් ගැන ලියන දොඩවන දුහුනන් අප්‍රමාණය.


මෙහි නොකියවෙන වෙනත් පැත්තක්ද තිබේ. ඒ පුද්ගලිකත්වය පිලිබඳ ප්‍රශ්නයයි.පුද්ගලිකත්වය (අනන්‍යතාව -Identity) සොරාගැනීම අලුත් දෙයක් නොවෙනවා සේම තම පුද්ගලිකත්වය හෝල් සේල් තොරොම්බල් කර ඇනගත් අයම ඒ ගැන බොලොග් ද ලියති!


අපේ අවධානය මේ පුද්ගලිකත්වය පිලිබඳ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගැන නොවේ.


SOCIAL NETWORKING හෙවත් සමාජ ජාලනය යනුවෙන් හැදින්වෙන මේ ආකාරයේ ක්‍රියාවකට පෙලඹෙන්නේ එහි ඇති නොයෙකුත් වාසි නිසා බව කීමට සැදි පැහැදී සිටින ගනන අති විශාලය. මිතුරන් 6000ක් තරම් ඇති අයද මෙහි සිටිති. මේ මිතුරන් සැබෑ මිතුරන්ද යන පැනය දැනටමත් මතු වී තිබේ. අප නම් මිතුරන් යනුවෙන් හඳුන්වන්නේ අප සමග සැඳෑවක එක්වී දෙකක් දාගන්නට, අප සමඟ ජීවිතය දේශපාලනය, කලාව ගැන සංවාද කරන්නට වේලාව තිබෙන අයයි. ඒ අය නම් අතේ ඇඟිලි වලින් ගනින්නට පුලුවන් තරමේ සංඛ්‍යාවකි.එහෙත් ඒ අපටය. අප වැනි කඩප්පුලි, මගෝඩි, බ්ලොග් අවකාශය පවා බොග අවකාශයක් කරනවායයි චෝදනා එල්ලවූ එව්වන් මෙන් නොව යහපත් ROLE MODEL CITIZEN ලා මිත්‍රත්වය මනින්නේ කෙසේදැයි අපි නොදනිමු. මානව විද්‍යාඥයින්ගේ මතය නම් අප පරිනාමය වුයේ කුඩා කාණ්ඩායම් ලෙස බැවින් නිශ්චිත කාල සීමාවක් තුල සාමාජීය ඇඳුනුම්කම් (SOCIAL CONTACTS) වල උපරිම සීමාව 50-100 ත් අතර වන බවයි. ඒ නයින් බලන කල අනෙකුත් "මිතුරන්" අවසේශ ඕපදුප එකතු කරන්නන් ගණයට දැමීම වඩා ඥනාන්විතය.


ෆේස් බුක් කෙළියෙන් සංසිදුවන සැබෑ අවශ්‍යතාවය නම් "ප්‍රදර්ශන කාමය" (Exhibitionism) වැනි එකක් බව අපේ වැටහීමයි. අප මෙහි ප්‍රදර්ශන කාමය යන වදන යොදන්නේ ඩෙස්මන්ඩ් මොරිස් යෙදු ජීව විද්‍යාත්මක රාමුව තුල නොව වඩා පුලුල් " SHOW OFF" යන අරුතින් බව කිව මනාය. මේ "හ-බුක්" පොතේ පින්තූර වලින් පෙන්වන්නේ ෆිට් පොරවල්ය. පින්තූර ප්‍රොෆෙශනල් ලෙවල්ය. පුද්ගලික තොරතුරු කිරි ගහට ඇන්නාසේය. පොඩි කොස්සක්වත් නැත. ලියා ඇත්තේම පරම්පරා ගනනකට ආඩම්බර වියහැකි පැටිකිරියකි. පැංච කාලේ පින්තුර "හරි ස්වීට්" ය. කොල්ලා කාලේ පින්තූර "හැන්සම්"ය. ෆැන් ක්ලබ් එකේ "ෆෙරාරි" මෙන්ම "චේ"ද සිටී (විප්ලවයට යන්නේ ෆෙරාරි එකේ විය යුතුය ) ජොබ් එක මාර ආතල් එකකි. ජීවිතය රෝස මල් යහනාවකි. ඉතුරු -මිතුරු කැල තුසිතයෙන් බට සුරඟනුන් මෙනි. ෆැන්ටසිය යථාර්තයෙන් වෙන් කරගැනීමට නොහැකිය. "මම" උපරිමයෙන් මාකට් වෙයි. බොරු පනහක් හැටක් දැම්මාට ඒවා බොරුමද යන්න පවා හරියටම නිශ්චය කරගත නොහැක. මම "මම" මාකට් කරන අතරම ලොකු ලොකු කොම්පනි බොරු අයි.ඩී ඔස්සේ උංගේ බඩු හා සේවා මාකට් කරති. අන්දන්නේ කවුද අඳින්නේ කවුද යන්න පවා අපැහැදිලි, බොඳවූ ෆැන්ටසියේම කොටසක් වැන්න.

Wednesday, March 24, 2010

CIM

http://pro-you.blogspot.com/2010/03/cim.html


CIMA ගැන කතාකරමින් සිටින අතරතුර CIM ගැන කතා කරන්න සිතුනේ කළමනාකරණය සහ ගණකාධිකරණයට මෙන්ම අලෙවිකරණයට ද බොහෝ පිරිසක් ඇලුම් කරන නිසාය. 


වරළත් අලෙවිකරණ ආයතනය - හැඳින්වීම


CIM යනු ලෝකයේ අලෙවිකරණයට ඇති විශාලතම වෘත්තීය අධ්‍යාපන ආයතනයයි. වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) ප්‍රථම අන්තර්ජාතික ශාඛාව වන ශ්‍රී ලංකා ශාඛාව ආරම්භ කරන ලද්දේ 1995 ඔක්තෝම්බර් 20 වෙනි දාය. ශ්‍රී ලංකාව තුල දැනට 3000ක් පමන සිසුන් ප්‍රමානයක් අධ්‍යාපනය හදාරන අතර 1000ක් පමන සාමාජිකයන් සංඛ්‍යාවක් සිටී. CIM - ශ්‍රී ලංකා ශාඛාව පිළිබඳ වැඩිදුර තොරතුරු www.cim.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැක

Friday, March 12, 2010

රටේ අනාගතය

පසුගිය වසරේ මැද වන විට ලංකාවේ පැවතුන තත්ත්වය ඔබට මතක ඇතැයි මම සිතමි. එය වචනයෙන් විස්තර කළ නොහැකි හැමදෙනාගේම සිත් අවධි කළ සමයක් විය. තිස් වසරක ශාපලත් කුරිරු යුද්ධයක් නිමාකොට මහා ත්‍රස්තවාදියා මරා දමා රටම කිරිබත් කා රතිඤ්ඤා පත්තුකර වීදි බැස ඒ සතුට සැමරෑ හැටි මට දැනුසු මැවී පෙනේ.


පරාජය පෙනි පෙනිද කොටි හිතවාදී මතවාද වලට ගරුකල පිරිස්ද අප අතර වුහ. යුද්ධයේ අවසානය ලගාවන විට එංගලන්ත වීසා කාර්යාලය අසල තිබු දිගුපෝලිම් ඇතිවූයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය නිසාවත් එංගලන්තයේ වෙසක් උත්සවය නිසාවත් නොවන බව ඕනැම කෙනෙකුට පැහැදිලි වෙනු ඇත.


මේ සටහන මා තැබීමට උපයෝගී කරගන්නේ කොටි හිතවාදියෙකු යයි හංවඩු ගසා සිටි පුද්ගලයෙකුගේ විවිධ status messages කිහිපයකි. ඔහුගේ මතවාදය කුමක් වුවද එම status messages මගින් අනෙකුත් රටවල් අප කෙරෙහි දැක්වූ සහ ඉදිරියට දක්වන ආකල්ප ඔබේ හදවතට දැනෙනු ඇත.


උපතින් ද්‍රවිඩ ජාතිකයෙකු වු හෙතෙම කුඩාකල, යුද්ධයේ උණුසුම යාල්පානමේදි විද පසුව කොළඹට සංක්‍රමනය වුවෙකි. කළු ජූලිය නැමති සන්සිද්ධියට දාව ඔහුගේ පවුලේ බොහෝදෙනෙකුට එංගලන්තයේ සරණාගත වීසා ලැබුණු බව කටකතා මගින් මා අසා ඇත්තෙමි.


මෙවැනි අත්දැකීම් නිසා ඔහුට කොටි හිතවාදී මත දැරිමට අමු‍තුවෙන් ආරාධනයක් කළ යුතු නොවේ යයි මම උපකල්පනය කරමි.


සිව්වැනි ඊලාම් යුද්ධය නැමති කතාවේ ප්‍රධාන හැරවුම (Twister) ලෙස මා විසින් විස්වාස කරන තමිල් සෙල්වම් අපායට යැවූ ගුවන් ප්‍රහාරයෙන් පසු මේ පුද්ගලයාගේ ගූගල් ටෝක් status එක වුයේ “එකෙකු නැතිවුවද තවත් දහසක් උපදිනු ඇත” යන අරුත දෙන ඉංග්‍රීසි වාක්‍යයකි. අපි සිංහලයන් වුවද, යුද්ධය අපේ වාසියට හැරී තිබුනද අපි ඔහුගේ status වෙනුවෙන් යුධ ප්‍රකාශ නොකලෙමු. එය සිංහලුන්ගේ සුපුරුදු නිවට ගතියදැයි මම නොදනිමි.


යුද්ධය නිමා විමට සති දෙකක් තරම් කාලයක් තිබියදී හෙතෙම තම ගූගල් ටෝක් status එක පළිගැනීම අත ලගයි යන අරුත දෙන “Revenge is very near” යන වාක්‍යය යොදා තිබුනි. රජය මානුෂික මෙහෙයුම් දැඩි කල සමයේ ඔහුගේ ෆේස් බුක් status ලෙස තිබුනේ අහිංසක දෙමල ජනතාව සමුල ඝාතනය නොකරනු යන තේමාව රැගත් “ Stop genocide innocent Tamil people” යන්නයි. යුධ ජයග්‍රහන පිලිබද රස දැනෙමින් තිබුණු අප කිහිපදෙනෙක් පමණක් එවර ඔහු හා මතගැටුමකට එළඹිමු.


අවසානයේ ප්‍රභාකරන් මිය ගියේය. අපි ජයග්‍රහණය සැමරීමු. ඒ දිනවල එලියටවත් නොබැසි මේ පුද්ගලයාගේ status එක වුයේ මිනිසෙකුට දෙවරක් මිය යා හැකිද යන අරුත දෙන How man can die twice වැනි වාක්‍යයකි. ජයග්‍රහණයෙන් උද්දාමයට පත් සියළු දෙනා ඔහුට විරුද්ධව යුධ ප්‍රකාශ කළහ. එවර ඔහුගේ මතවාද මෝඩ යයි අපට හැගුනද ඒවා සමග තර්ක කිරිමට තරම් අපගේ මතවාද ශක්තිමත් නොවීයයි මට කිහිපවරක්ම සිතුනි.


යුද්ධය අවසාන වී සති දෙකක් ගතවිය. සිංහලයන් වූ අපිට සියළු දේ අමතක කල හැකි විය. දිනපතා අප හා වාද කරමින් සිටි මිනිසා පසුව අප සමගින් හොදින් වෙනදාටත් වඩා අත්වැල් බැද ගනිද්දී ප්‍රභාකරන් කියු ලෙසටම අපට සියළු දේ සති දෙකෙන් අමතක කලෙමු. ඒ කාලයේ දී පැරණි මතවාද අළුත් කරන සුළු status නිතරම ඔහුගේ Profiles වල පල විය. ඒවා අපට මතක නැතිවා වගේම යුද්ධය ද අමතක නිසා ඒ පිළිබදව වගක්වත් නැත.


යුද්ධය අවසාන වී හය මසක් ගෙවුන තැන අවස්ථාවාදී දේශපාලනය ක්‍රියාත්මක විය. යුද්ධයේ නියම උරුමක්කාරයන් දෙපසට බෙදී කදවුරු ලාගත්හ. රටේ ජනතාව දෙපසට බෙදුනි. සංඝ සමාජය, කලාකරුවන් මිතුරන් වෘත්තිකයන් ටද වුයේ දෙපසට බෙදිමටයි. සැමදා තිබු වෛරී දේශපාලනය වඩාත් කුළුගැන්වුනි. අවසානයේ අවස්ථාවාදීන් සහ අන්තවාදීන් මේ විරසකය නිසා ජයගත්හ. හිතට දැනෙන්නාවු status එකක් මේ දිනවලදී ඔහුගේ Profiles වල විය. “සිංහල වී‍රයෝ යුධ වදිති. අවස්ථාව එනතුරු බලා සිටිය යුතුය”.


මුලින් ඔහු ප්‍රසිද්ධියේම තම ඡන්දය දෙමළ අපේක්ෂකයෙකු වෙනුවෙන් භාවිත කරන බව පැවසීය. ඒ තම මතවාද ඉදිරියට ගෙන යා හැකි යයි ඔහු විස්වාසය තැබුවේ එම අපේක්ෂකයා කෙරෙහිය. නමුත් ඡන්දය ලංවන විට ඔහු තම මතය වෙනස් කලේය. ඒ දෙමළ අපේක්ෂකයාට වඩා ප්‍රබලයෙක් සිටි බැවිනි.


ඡන්දය අවසන් විනි. ඔහු බලාපොරොත්තු වූ අපේක්ෂකයා පරාජයට පත්විය. වෙනත් කෙනෙකු ජනාධිපති විය. අද වන විට තත්ත්වය බරපතලය. එක් අපේක්ෂකයෙකු නිවාස අඩස්සියේය. මහින්ද හරි හෝ ෆොන්සේකා හරි යයි හෝ මම නොකියමි. ඔවුන් වීරයෝය. නමුත් අවස්ථාවාදී දේශපාලකයන් නිසා වූ විනාශය ඔහු දකින්නේ මෙසේය.


Political Game is going on… But there is no referee… Spectators are asked not to comment on it… Hee hee.., this country is sinking…


දේශපාලන ක්‍රීඩාව ආරම්භ වී ඇත. නමුත් විනිසුරුවරයෙකු නැත. ප්‍රේක්ෂකයන් අදහස් ප්‍රකාශ කිරිමෙන් වැලකි සිටී.. මේ රට ගිලෙමින් පවතී.


සහතික ඇත්තය. මේ ර‍ට ගිලෙමින් පවතී. මේ ලෝකයේ බහුතර ජාතිවාදීන් සහ කොටි මතවාද දකින ආකාරයයි. අවස්ථාවාදීන්ට තවත් අවස්ථාවන් ලබා දිය යුතු නැත. රටක් ලෙස අප එක්සත් විය යුතුය.

පැරිෂුට් දේශපාලණය

දැන් දැන් මැතිවරණ වල ඇති ප්‍රවණතාවයක් වනුයේ, අදාල පළාතට කිසිදු සම්බන්දයක් නැති අපේක්ෂකයෝ ඉදිරිපත් විමයි. අද[හෙට] පත්තරේ දාලා තියනවා ගම්පහට චන්දය ඉල්ලන කට්ටිය. ඔක බැලුවහම මම හොදටම දන්න තුන්දේනෙක් ඉන්නවා ගම්පහට අදලා නැති.


1. බැසිල් -හම්බන්තොට අයෙකි
2. මර්වින් -හම්බන්තොට අයෙකි
3. රතන හාමුදුරැවො -කලුතර හිමිනමකි


හමුදුරැවරැ දේශපලාණයට එම නොකලයුතු වැඩක් උනත් දැන් මේ පාරත් ඒක වෙලා. ඊට අමතරව මෙහෙම පැරිෂුට් කාරයන්ව පාර්ලිමේන්තු යැවිය යුතුද. මොකද මෙයලා මේ යන්නේ ගමේ මිනිස්සුට් වැඩ කරන්න මිසක් රටට වඩ කරන්න නෙමෙයි. දැන් හොදම උදාහරණය ගම්පහ දිස්ත්‍රික්කය. මේ තුන් දෙනවාම ගම්පහට කිසිමඅදාලත්වයක් නැහැ. ඇයි මෙහෙම කරන්නේ? සමහර විට මිනිස්සු ගොන්නු කියලා හිතාගෙන වෙන්න ඇති. බලන් ගිහාම රටේ ඉන්නේ වැඩ් පුරම මැට් මොල්ලු. නැත්නම් ඉතින් අර සක්කරවට්ටම හෙවත් අනර්කලීට චන්දය දෙයිද?


කොහෙමින් කොහෙම හරි මේ පාර බලන්න පුලුවන් ගම්පහත් ඉන්නේ මැටි මොල්ලුද කියලා. නැත්නම් ඔවුන් දැනගන්න ඔනා ප්‍රදේහශයට කිසිම අදලා නැති අයට තමුන්ගේ චන්දයෙන් පත් නොකර ඉන්න. එත් එහෙම වෙයිද කියල් හිතෙනව.


නුවර පාරට අනුව ඔය තුන්දෙනාගෙන් බැසිල් පත් වෙයි. මර්වින් හෙවත් වර්තමාන අන්දරේට ඇප්ත නැතිවෙයි. රතන හමුදරුවන්ට උපසක අම්මලා ටික පිහිට වෙයි. එත් මේ පාර උපස අම්මාලා දෙපාරක් හිතන බව අනිවර්යය කරුනක්. ඇයි අයිත් හාමුදුරැවර් කියන ප්‍රශ්නය ඔවුන් අහනවා.


බලමු මොක වෙන්නේ කියලා?

ඇතාගෙන් ආරස්සා වීම

සිරි විකුම් රහසිං, සඟිස්කුරුතෙන් කියනව නං ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවංගෙ කාලෙ, රජතුමාත් උඩරට අනිත් නායකයනුත් අතර බොහො ම ගැටුම් තිබුනා. රජතුමත් කිසි ම බුරුලක් දුන්නෙ නැති බව ඇහැළෙපොළ පවුල ම නැති කරපු කතාවෙන් පේනව.


ඒ නිසා මේ නායකයො ටික කල්පනා කළා රජ්ජුරුවො අයිං කරල තමං අතට බලේ ගන්න, අද කාලෙ ඉංගිරිසියෙන් කියන විදියට regime change එකක් කරන්න. ඒකට තමයි මේ ගොල්ලො ඉංගිරිසින් එක්ක එකතු වුනේ.


එදා පිළිමතලව්වේ මහ අදිකාරම්ට මල්වතු මහ නා හිමියන් කියපු කතාව අදටත් හරි ම වටිනව. උන්නාන්සෙ කියුවලු "පිළිමතලව්වේ, ඇතාගෙන් ආරක්‍ෂා වීමට ඇත් ගොවුවා වග බලා ගත යුතු යි" කියල!


ඒ අවවාද නො සලකා හැරල, පිළිමතලව්වේ ඇතුලු නායකයො ටික ඉංගිරිසින් එක්ක එකතු වෙලා, රජතුමත් අල්ලල මුරුසි දිවයිනට පිටමං කරල, ගිවිසුමකුත් ගැහැවුව. සීසර් ලොක්ක හදල පස්සෙ ග්‍රෙගරි පාප් වහන්සේ "නිවැරදි කරපු" ලිතේ හැටියට නම් අද වගේ දවසක, එක දාස් අටසිය පහළොවේ මාර්තු දෙ වැනි දා. වාරියපොළ සුමංගල හාමුදුරුවො කතිර කොඩිය බිමට දැම්මෙත් ඔය වෙලාවෙ තමයි.


රජ්ජුරුවංගේ දරදඬු කම ඉස්සරහට දාල තමංව රවට්ට ගත්ත මිසක් ඉංගිරිසින් තමන්ට "උදවු" කළේ ආදරේකට නො වෙයි කියල මේ නායකයො ටිකට තේරෙනකොට වෙන්ට ඕනෙ හදිය වෙලා හමාර යි.

Google Code Jam 2010 is in Dublin

ගුගල් සමාගම විසින් අවුරුදු පතා සිදු කරණු ලබන අංගයක් වන ගුගල් codejam තරග මාලාවේ 2010 අවුරුද්ද සදහා වන තරගය මැයි මස ආරම්බ කිරීමට නියමිතයි.මේ සදහා register කර ගැනීම අප්‍රේල් මස 7 වෙනිදයින් ආරම්බවේ.මෙහිදී ගුගල් විසින් සපයනු ලබන සන්කීර්ණ ගැටලු සදහා පිලිතුරු පරිනණක භාෂාවකින් ලිවීමට ඔබට සිදුවනු ඇත.මෙගැන වැඩි විස්තර දැන ගැනීමට කැමතිනම් ඒ සදහා මෙතනින් පිවිසෙන්න.

Wednesday, March 10, 2010

Open-ID






අන්තර්ජාල පරිශීලකයින් විදිහට අපි නොයෙකුත් සේවා භාවිතා කරනවා. Gmail වැනි වෙබ් ආශ්‍රිත ඊමේල් ‍සේවා, Blogger හෝ Wordpress වැනි සේවා ආදී වශයෙන් මේවා බොහෝම පුළුල් පරාසයක විහිදෙන්න පුලුවන්. ඒ විදිහට විහිදෙන අතරේ එම සේවා සපයන සේවාදායකයින් ප්‍රමාණයත් ඉතාමත් වැඩි වෙන්න පුලුවන්. එතකොට අපි මෙම සේවා එකින් එක භාවිතා කරන්න කලින් සාමාන්‍යයෙන් username හා password ද්විත්වය භාවිතා කරලා අපිව authenticate කර ගන්නවා. නමුත් ‍සේවාදායකයින් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න අපි භාවිතා කරන username/password ප්‍රමාණය වැඩි වෙන්න පුලුවන් (එකම username එක දිගටම භාවිත කරන්න ටිකක් අමාරුයි. එකම password එක භාවිත කිරීම ඉතාමත් අනාරක්ෂිතයි). අනිත් කාරණය මේ වෙන වෙනස් සේවාදායකයින්ගේ සේවා පරිශීලනය කරන්න අපි වෙන වෙනම authenticate කරන්න සිදුවීම. තවත් දෙයක් තමයි සෑම සේවාදායකයෙකුම එක් එක් පරිශීලකයගේ විස්තර වෙන වෙනම ගබඩා කර තබා ගැනීමට සිදුවීම. මේවා බොහෝවිට එකම දත්ත වෙන් වෙන් තැන්වල තිබෙන ලෙසට තිබුනේ. මේක ඉතාමත් අපහසුකාරී තත්වයක් වුනා.
ඊට පස්සේ ඉතාමත් දක්ෂ අදහසක් මතු වුනා. මේ සියළු වෙනස් සේවා පරිශීලනය කරන්න එකම එක authentication එකක් තිබුනොත් කොහොමද? ඒ කියන්නේ blogger වලට ඇතුලු වෙන්නත් yahoo වලට ඇතුලු වෙන්නත් වෙනත් ප්‍රසිද්ධ නැති සේවාදායකයෙකුගේ සේවයකට ඇතුලු වෙන්නත් එක username/password ද්විත්වයක් තිබුනොත් සහ ඒ සියළු දේට ඇතුලු වෙන්න එක පාරක් විතරක් authenticate කර ගෙන පුලුවන් වුනොත් කොහොමද?
මේ විදියට තමයි single sign-on කියන සංකල්පය අන්තර්ජාලයට ඇතුලු වෙන්නේ. මෙතනදි එක මධ්‍යගත සේවාදායකයෙක් ඉන්නවා. ඔහු තමයි authentication කර්තව්‍යය සිදු කරන්නේ. පහළ තියෙන්නේ මේ සිදුවීම් ජාලාවේ අවුල් ලිහලා ගත්ත version එකක්.
මුලින්ම ඒ මධ්‍යගත සේවාදායකයා (A) ලඟ අපි ලියාපදිංචි වෙන්න ඕනේ. එතකොට එතනින් අපිට URL එකක් දෙනවා අපිව අඳුන ගන්න.
අපිට සේවය අවශ්‍ය කරන සේවාදායකයගේ (B) වෙබ් අඩවියට ගියාට පස්සේ එතනින් අපිට අපේ URL ඇතුල් කරන්න තැනක් ලබා දෙනවා (තාම password එකක් ඇතුලු කලේ නෑ).
දැන් B විසින් අපිව අර මධ්‍යගත සේවාදායකයගේ වෙබ් පිටුවට (A) redirect කරනවා. එවිට අපි එතන username එක සහ password එක ලබා දී authenticate කර ගන්න ඕනේ.
දැන් A විසින් අපෙන් අහනවා B වෙතට අපේ තොරතුරු (credentials) යවන්න ද කියලා. අපිට අවශ්‍යනම් අපි අනුමැතිය ලබා දෙනවා. එතකොට කරුණු දෙකක් වෙනවා.
B වෙතට අපේ තොරතුරු (credentials) යැවෙනවා
අපේ browser එකට token එකක් ලැබෙනවා (cookie එකක් ලෙසට). මෙය තමයි අපි එම cookie/token එකට අදාල කාලය සඳහා A වෙතින් authenticate කර ගත් බවට ලැබෙන සහතිකය
දැන් B වෙතට ලැබෙන විස්තර වලින් B අපිව authenticate කර ගන්නවා. එතැනට අවශ්‍යනම් (A වෙතින් ලැබෙන) අපගේ identifier එකක් ගබඩා කර තබා ගත හැකියි. පරිශීලක ‍දත්ත වෙනුවට B හට A වෙතින් ලැබෙන තොරතුරු (credentials) භාවිතා කල හැකියි.
දැන් අපි තවත් single sign-on enable කර ඇති සේවා දායකයෙකුගේ (C) වෙබ් අඩවියකට පැමිණියහොත් A වෙතට නොගොස් අපට කලින් A වෙතින් ලැබුණු token එක ඉදිරිපත් කල හැකියි. එය expire වී නැතිනම් අපව C විසින් authenticate කර ගන්නවා. එවිට C හටත් එම token එක භාවිතා කර අ‍පගේ විස්තර ලබා ගත හැකියි.
අදාල token එක expire වූ පසු නැවත භාවිතා කිරීමට අවශ්‍යනම් අපි නැවත A වෙත ගොස් authenticate කර ගත යුතුයි.
OpenID මෙම කරළියට එන අලුත්ම මෙන්ම වැඩියෙන්ම ජනප්‍රිය වෙච්ච implementation එක. එය implementation එකකටත් වඩා සම්මතයක් කීවොත් නිවැරදියි. අපි කලින් flow එකේදි එක් මධ්‍යගත ස්වාදායකයෙකු (A) ගැන කතා කලා. OpenID වලදි මේක ටිකක් වෙනස් වෙනවා. එහි මධ්‍යගත (centralized) වෙනුවට විමධ්‍යගත (decentralized) සේවාදායකයින් කිහිප දෙනෙක් සිටිනවා. අපට වුනත් අලුත් OpenID සේවාදායකයෙකු ලෙස එකතු විය හැකියි. ඉතුරු කාර්යයන් ටික බොහෝ දුරට සමානයි. OpenID වල වැඩි පුර වාසියක් වෙන්නේ එය එක් authentication ආකාරයක් බල කරන්නේ නැති බව. ඒ නිසා අපට username/password වෙනුවට ඇඟිළි සළකුණු, SmartCards වැනි දේත් authentication සඳහා යොදා ගන්න පුලුවන්. ඉතාමත් ගුණාත්මක ආකාරයේ authentication ආකාරයක් භාවිතා කරමින් OpenID වඩා ආරක්ෂාව වැදගත් කටයුතු (උදා: බැංකු කටයුතු) වලටත් යොදා ගන්න පුලුවන්.
අපට OpenID එකක් ලබා ගත හැකි ක්‍රම දෙකක් තිබෙනවා.
දැනටම මෙම සේවාව ලබා දෙන තැනකින් අපට URL එකක් ලබා ගැනීම
අපගේ domain එකක් භාවිතා ‍කර එය OpenID එකක් ලෙස යොදා ගැනීම
දැනට OpenID සේවාව ලබා ගත හැකි බොහෝ ස්ථාන තිබෙනවා. ClaimID, MyOpenID වැනි සේවාදායකයින්ගෙන් අපට OpenID එකක් ලබා ගත හැකියි. ඒ වගේම Google, Yahoo, Blogger, Wordpress වැනි සංවිධාන වලින් ඔවුන්ගේ පරිශීලකයින්ට OpenID සේවාව ලබා දෙනවා. ඔබට දැනටමත් මෙම සේවාදායකයින්ගේ ගිණුමක් තිබෙනවනම් එම අදාල URL (උදා: blogger වල නම් blogspot අඩවි ලිපිනය) එක OpenID එකක් ලෙස භාවිතා කල හැකියි. මෙම සේවාදායකයින් පිළිබඳ වැඩි විස්තර සඳහා http://openid.net/get-an-openid/ වෙතට යන්න.

http://www.techbuzz.chamiladealwis.com/2009/12/single-sign-on-openid/

Saturday, March 6, 2010

ආදර්ශමත් නිමැවුම්කරු!

මීට වසර 80 කට පෙර , එනම් 1905 වසරේ එක්තරා කාර්යාලයක ලිපිකරුවකු ලෙස  සේවය කල පුද්ගලයෙක් ඔහුගේ සුපුරුදු රාජකාරි වලට  අමතරව තවත් අපූරු කර්තව්ය්යක නිරත වී සිටියේය. එනම් විද්යායත්මක පර්යේෂණ වල නිරත වී සිටීමයි.


ඔහුගේ විශේෂත්වය වූයේ ඔහුගේ එම පර්යේෂණ ලෝක ප්රපසිද්ධියට පත්වීමත් ඒ අන් කවරකුවත් නොව අප හොදින් හදුනන පුද්ගලයකු වීමත්ය.
එතුමා අල්බට් අයින්ස්ටයින් නම් විය.


ඔහු එම වර්ෂයේදී පර්යේෂණ පත්‍රිකා තුනක් එලිදැක්වූ අතර ඒ සදහා වසර පනහක් සපිරීම නිමිත්තෙන් දෙදහස් පහ වසරේදී යුනෙස්කොව විසින් එම වසර ජගත් භෞතික විද්‍යා  වසර ලෙස හැදින්වීය.   
අයින්ස්ටයින් විසින් සොයාගත්  දේ අතරින් තවමත් පැහදිලි කිරීමට අපහසු  දේවල් සහ ඒවායින් ලබාගන්නා ප්‍රයෝජන අති මහත් වේ.


නමුත් ඔහු විසින් පවසන ලද ආදර්ශමත් වැකි පිලිබඳව සහ ඔහුගේ සාමාන්ය ජීවිතය ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන්.